Wednesday, November 28, 2012

සිංහලෙන් type කරන එක ප්‍රශ්නයක්ද?

හැමදාම කවි, සිංදු, නිසඳැස් ලියනවා වගේම ඒවා ලියන්න කැමති අයට පොඩි උදව්වක් කරන්නත් ඕනි කියලා ඔන්න මට හිතුණා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි "අනේ, අපි කොහොමද සිංහලෙන් type කරන්නේ...?" කියන එක.සමහරු හිතනවා එහෙම සිංහලෙන් type කරන්න නම් සිංහල keyboard එක දැනගෙන ඉන්න ඕනි කියලා. නෑ නෑ.එහෙම ඕනි නෑ..
ඒ වගේ නිර්මාණ කරන අයට විතරක් නෙවෙයි. facebook එකේ, තමන්ගෙම computer එකේ සිංහලෙන් type කරන්න ඕනි ඕනම තැනකට මම මේ කියලා දෙන්න යන ක්‍රමය ගොඩක් වැදගත් වෙයි. 
මේ  software එක Realtime Singlish කියලා තමයි නම් කරලා තියෙන්නේ. "RSinglish" කියලා තමයි කෙටියෙන් හඳුන්වන්නේ. 'R' කියන්නෙත් හරි ලස්සන අකුරක් නේද?(Randunu පටන්ගන්නෙත් R ගෙන් නේ......:D)
මේ software එක පාවිච්චි කරන්න කලින් මම තවත් software පාවිච්චි කරා සිංහලෙන් type කරන්න. ඒත් ඒ හැම එකකටම වඩා මේක ලේසියි කියලා මට දැණුනේ මෙන්න මේ හේතු නිසා.
- වෙන තැනක type කරලා අදාල තැනට ගේන්න ඕනි නැති වීම.
- එකම තැන සිංහලෙන් වගේම English වලිනුත් type කරන්න පුළුවන් වීම.
- අකුරු type කරන්න සු වීම.
වැල්වටාරම් දෙඩෙව්වා වැඩිද මංදා. එහෙනන් මං මේ වැඩේ ගැන කියන්නම් කෝ..............

Saturday, November 24, 2012

විරහවේ අඳෝනාව.....................




දන්නෙ නැහැ හැමදාම
මගේ හිත මං ගාව
දැවටිලා හොයන්නේ
මේ කුරිරු දුකම මයි...


ආදරය ආදරය
 ආදරය විදියටම
මගෙ හිතට එබෙන්නට
ඉඩ දුන්නා හැමදාම...
මගෙ හිතේ සොඳුරු බව
මගෙ හිතේ බොළඳ කම
ආදරයේ නාමයෙන්
දණගැහුවා හැමදාම...






 ආදරය සතුටක්ලු
ආදරය සැපතක්ලු
ඒ සතුට ඒ සැපත
මා එක්ක තරහින්ද?
 හිත මගේ හඬනවා
ඉකිගගහා අඬනවා
තනිකමේ සෝගින්න
හදවතම දවනවා...

Monday, November 5, 2012

~ හත්වරක් තුන ~



දිනකි වැදගත් අද මට
හදට සතුටක් ගෙන දෙන
ඒත් අද මේ දිනයට
හිතේ සතුටින් දෝ මම...

Thursday, November 1, 2012

~ මගේ අරලිය මලට....... ~




වැටුණු මහ වැසි කෝඩය
දවස් ගානක් බරටම
වැහැලා ඉවරයි හොඳටම
මුළු අහස හිස් කරගෙන...

Related Posts Plugin for WordPress, Blogger...