ඒ වගේ නිර්මාණ කරන අයට විතරක් නෙවෙයි. facebook එකේ, තමන්ගෙම computer එකේ සිංහලෙන් type කරන්න ඕනි ඕනම තැනකට මම මේ කියලා දෙන්න යන ක්රමය ගොඩක් වැදගත් වෙයි.
මේ software එක Realtime Singlish කියලා තමයි නම් කරලා තියෙන්නේ. "RSinglish" කියලා තමයි කෙටියෙන් හඳුන්වන්නේ. 'R' කියන්නෙත් හරි ලස්සන අකුරක් නේද?(Randunu පටන්ගන්නෙත් R ගෙන් නේ......:D)
මේ software එක පාවිච්චි කරන්න කලින් මම තවත් software පාවිච්චි කරා සිංහලෙන් type කරන්න. ඒත් ඒ හැම එකකටම වඩා මේක ලේසියි කියලා මට දැණුනේ මෙන්න මේ හේතු නිසා.
- වෙන තැනක type කරලා අදාල තැනට ගේන්න ඕනි නැති වීම.
- එකම තැන සිංහලෙන් වගේම English වලිනුත් type කරන්න පුළුවන් වීම.
- අකුරු type කරන්න පහසු වීම.වැල්වටාරම් දෙඩෙව්වා වැඩිද මංදා. එහෙනන් මං මේ වැඩේ ගැන කියන්නම් කෝ..............