Saturday, January 26, 2013

Thuhi Meri Shab Hai සිංහල version ෴

ගොඩක් කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා* ඉඳලා ඔන්න අද යාන්තන් මේ පෝස්ට් එක දාගන්න පුළුවන් වුණා.

පුංචි කාලේ ඉඳන් මට සුව නොවෙන හින්දි පිස්සුවක් තියෙනවා. ඒ පිස්සුව නිසාම මට හිතුණා හින්දි සිංදු වල තේරුම හොයන්න. ඒ වගේම ඒ සිංදු කොහෙන් කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරලා ලඟ තියාගන්නත් මට හරි උණක් තියෙනවා.

Friday, January 18, 2013

ඕනෑම සංඛ්‍යාවක වර්ගය ලබා ගැනීමේ කෙටි ක්‍රමය ෴

        සිතුවිලි හන්තානට එන නංගිලා මල්ලිලා කිහිප දෙනෙක්ම මගෙන් ඉල්ලුවා අධ්‍යාපනිකව වැදගත් වෙන මොනා හරි ලියන්න කියලා. ඉතින් මේ පෝස්ටුවෙන් ඒ නංගිලා මල්ලිලා ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙයි කියලා හිතනවා.

Saturday, January 12, 2013

අනේ මෙහෙමත් ගැහැණුන්.. :D 2෴


මතක ඇතිනේ කස්ටිය කවි වලිය පටන් අරන් මෙතනට ආව හැටි.. මතක නැතිනම් මෙතනින් බලන්නකෝ..

ඔන්න දෙවෙනි දවසේ හර්ශි කරලියට එනවා...ඒත් මේ එන වෙලේ අපි කවුරුත් අහල පහල හිටියේ නෑ...බලන්නකෝ..මෙයාලා තනියම වැඩ.....


හර්ශි -
පැන පැන දෙන මුවන් ගැන අනේ මං කවි ලියලා
ඔබ සැම එකතු වී මගේ බෙල්ලම කපලා
තරහක් නොමැත මිතුරණි, ඔබේ හැකියා දැකලා
මං කැපෙනවා ඔබලට ජය සෙත පතලා
පෙර පිනකින් අනේ අපි ගැහැණුන් වීලා
කිසිදා නොකියමි ගැහැණුන්ටම දොස පාලා
කාට නමුදු දැන් ඇති නොවැ පෑවා ලීලා
මං නැති අතරේ හොදටම ඇදගෙන නාලා....

Friday, January 11, 2013

අනේ මෙහෙමත් ගැහැණුන්.. :D ෴



        අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් විදියේ දෙයක් ගැන.. අපේ කවි සහෘදයන් ගේ Facebook Group එකක් තියෙනවා සඳ එළිය කියලා. අන්න ඒ group එකේ දී බොහොම රසවත් විදියට ගලාගෙන ගිහිපු 'කවි වලියක්' තමයි අද මං මගේ පෝස්ටුව විදියට දාන්න හිතුවේ..





        මේ කවි වලියට සහභාගී වුණා මමත් එක්ක තව සහෝදරවරු දෙන්නෙක් සහ සහෝදරියෝ දෙන්නෙක්...ගැහැණු සහ පිරිමි වලියක් තමා මෙතන තියෙන්නේ..හර්ශි තවත් කෙනෙක් සමඟ තරහින් දාන post එකක් තමයි මේ ලොකු වලියක් දක්වා දිග්ගැස්සෙන්නේ. ඇත්තටම මේක රසවත් වලියක්...
වැඩි කතා නැතුව අපි බලමුකෝ මොකක්ද මේ වලිය කියලා.....


Sunday, January 6, 2013

ඔබ හැඬූ රෑ ගණන් හඬමි මම මේ ලෙසින්... ෴


වෙන් වෙලා යන්න නොව ලං වුණේ මා පෙමින්...
ලං වෙලා ඉන්න මා පින් කළේ නැත ඉතින්...
සංසාර ආදරේ දවා අලු කළ සිතින්...
ඉල්ලන්න බෑ ආයේ සමාවක් නම් ඉතින්...

Tuesday, January 1, 2013

සිංglish කතා කිරීම තහනම්.....! ෴




        මෙන්න විශේෂ ප්‍රවෘත්ති. අද මධ්‍යම රාත්‍රී 12 සිට සංශෝධිත භාෂා පනත ක්‍රියාත්මක වන බව ජනාධිපති _______ මහතා නිල වශයෙන් නිවේදනය කර සිටියි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට කවලම් භාෂාවක් කථා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එක් භාෂාවකින් එක් වගන්තියක් කථා කිරීමට පමණක් අවසර ලැබේ. එනම් සිංහල හා ඉංග්‍රීසි භාෂා භාවිතයේදී සිංහල වාක්‍ය අතරට ඉංග්‍රීසි වචන දැමීම හා ඉංග්‍රීසි වාක්‍ය අතරට සිංහල වචන දැමීම සපුරා තහනම් වේ. කථා කරන්නාවූ භාෂාවෙන් එම වාක්‍ය අවසන් කළ යුතුය. අනෙකුත් භාෂා සඳහාද එලෙසම වේ. මේ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීමට රහස් නියෝජිතයන් විශාල පිරිසක් මහජනයා අතරින් යොදවා ඇත.

Related Posts Plugin for WordPress, Blogger...