Thursday, June 26, 2014

Duet එකක් තනියම..............??? | Chahun main ya naa Sinhala Version


          Duet එකක් කියන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ. කාන්තා සහ පිරිමි කටහඬක් එකම ගීතයකින් ඇහෙනකොට අපි ඒ සින්දුවට 'Duet එකක්' එහෙම නැතිනම් සිංහලෙන් 'යුග ගීයක්' කියලා කියනවා.
         ඉතින් ඒ වගේ යුග ගීයක් ගැන කියන්න තමයි තකහනියක් මේ ලියන්නේ. මේ පහුගිය කාලේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණ Aashiqui 2 චිත්‍රපටයේ Chahun main ya naa සින්දුව. ඒ ගැන මම කලින් පෝස්ට් එකකත් ලිව්වා. ඒ ලිපිය මෙතනින් බලන්න.

         මේ සිංහල version එක ගොඩක් විශේෂ විදියට නිර්මාණය කරපු එකක්. ඒ විශේෂත්වය මොකක්ද කියලා දැනගන්න කලින් සින්දුව අහලා ඉන්නකෝ. නැතිනම් ඒක අඩුවක් වෙයි......

Friday, June 6, 2014

මොළේ විකාර කරගන්න අකමැතිද? එහෙනං කියවන්න එපා......෴




          අම්මෝ...සෑහෙන්න කාලෙකින් නේ මං මේ පැත්තේ ඇවිත් තියෙන්නේ. සිතුවිලි හන්තාන සිතුවිලි නැතුව වල් වැදිලානේ. බොහොම අමාරුවෙන් සුද්ද කරලා ආයෙත් ලියන්න පටන් ගන්න ඕනි කියලා හිතුවා.
පහුගිය කාලේ ඇකඩමික් වැඩ නිසා සෑහෙන්න හිර වෙලා හිටියේ. 5වෙනි සෙමෙස්ටරේ තරම් අමාරු එකක් කැම්පස් ජීවිතේටම හම්බවුණේ නෑ....කොහොමහරි ඒ එක්සෑම් එකත් ඉවර කරගෙන තමයි ආයෙත් මේ පැත්තේ ආවේ......

          අන්තිමට ලිව්වේ කවදාවත් කියවලා ඉවර කරන්න බැරි ලිපියක්.  ඒකේ පසු සටහනේ පොරොන්දු වුණ විදියට ඔන්න ආයෙත් මේ try කරන්නේ Paradox ගැන කතා කරන්න.

          Paradox ගැන අහලා තියෙනවද? Paradox එහෙම නැත්නම් 'විරුද්ධාභාසය' කියලා කියන්නේ 'තේරුම් ගන්න දුෂ්කර දෙයක්' හඳුන්වන විදියලු. ඒත් ඒ වචනේ නිවැරදි අර්ථය ඒ විදියට ගන්න අමාරුයි. ඒ සම්බන්ධ කරුණු මොනවගේද කියලා හොයලා බැලුවම තමයි ඒකේ ඇත්තම තේරුම හිතට වදින්නේ. Paradox එකක් කියන්නේ ඇත්තටම හරිම රසවත් දෙයක්. ඒවා ගැන කල්පනා කර කර ඉන්න එක හරිම ෆන් වැඩක්. Paradox එකක් කියන්නේ මොනවගේ දෙයක්ද කියලා චූටි අවබෝධයක් ගන්න පුළුවන් වෙයි මෙන්න මෙතනින් ගිහින්...

           Paradox ගැන මම දැනගෙන හිටියේ බොහොම ටිකයි. ඒත් Google දෙවියන්ගෙන් ඒ ගැන ඇහුවම මෙන්න බොලේ Paradox ලිස්ට් එකක්ම එතුමා මට දුන්නා.
Related Posts Plugin for WordPress, Blogger...