Friday, February 27, 2015

මමයි නුඹෙ පුර සඳ......෴





නෙක කලා ලෙස නුඹ
දකියි මගෙ සෙනෙහස
එහෙත් සැම දිනයෙම
මමයි නුඹෙ පුර සඳ....


දිනෙක බැස යනු දැක
කඳුලෙ පෙම් පහසක
වෙලෙනු නුඹ දැක දැක
හිඳිනු මං කෙලෙසක....


බැස ගියත් නුඹෙ සඳ
හෙටත් එමි පෙරදිග
සුවඳ නුඹෙ විඳ විඳ
නොයමි හැර නුඹෙ හද....

෴ රන්දු 
Related Posts Plugin for WordPress, Blogger...