පේරාදෙණියට වහිනවා. අරුණාචලම් එකේ ඉස්සරහා කාණු වල වතුර ගලාගෙන යනවා.
වැස්ස.
මගේ ළමා කාලයේ ගොඩක්ම සුන්දර කාලයක් තමයි වැහි කාලය.
( මගේ ළමා කාලය ගැන දාපු පළවෙනි පෝස්ට් එක....
මාසෙකට විදුලි බලය නැති වෙලා යනවා නම්....෴ )
වැස්ස කාලෙට හැම දෙයක්ම සුන්දරයි කියලා මට හිතුණා. වැඩි වර්ෂාපතනයක් නැති අපේ ගමට වහින්න පටන්ගන්නකොටම ගොඩාක් ලස්සන සුවඳක් එනවා. අක්කා ඒ සුවඳට කියන්නේ නැවුම් සුවඳ කියලා. ඒ පුරුද්දට අදටත් මං ඒ සුවඳට කියන්නේ නැවුම් සුවඳ කියලා.
මැටි බිත්ති වලට වතුර වැටෙද්දියි ඒ සුවඳ එන්නේ කියලා මම පස්සේ කාලෙකයි දැනගත්තේ.