කාලයක් තිස්සේ හිතේ තියාගෙන හිටපු මගේ හීනයක් හැබෑ වුණා.. ඉතින් ඒ ගැන බොහොම සතුටින් සිතුවිලි හන්තානට ලියන්න ඕනි කියලා හිතුණා මට. මොකක්ද කියලා කියලා ඉන්නම්කෝ..
හැමදාම සිංදු ලියනවා ලියනවා ඒත් ඒක නිර්මාණයක් විදියට එළියට දාන්න බැරුව බොහොම දුක්කිත තත්වෙන් තමයි මං පහු ගිය කාලයේ හිටියේ. ඒ අතරතුරේ අරෙහෙන් මෙහෙන් තනු අරගෙන ඒවට සින්දු ලියලා ඒකක් නම් යන්තන් out කරගන්න පුළුවන් වුණා.
(ඒ ගැන මං පස්සේ වෙනමම ලියන්නම් කෝ..)
ඒත් ඉතින් අලුත්ම කටහඬකට අලුත්ම සංගීත නිර්මාණයකට අලුත්ම සිංදුවක් විදියට මගේම සිංදුවක් out කරගන්නේ කොහොමදෝ කියලා මං දස අතේ කල්පනා කරා....
ඔන්න ඔය අතරේ මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් (අභීත දේශප්රිය සහ පවන් කල්හාර) එයාලගේ පළවෙනි සිංදුව out කරා...'වේදනා රැඳි...' සිංදුව තමයි ඒ.......
අහලා බලන්නකෝ ඒ සිංදුව...........
ඒ දෙන්නට ඒ සිංදුවට ගොඩක් ප්රතිචාර ලැබුණා.. හිරු FM Top 40 Radio programe එකෙත් ඒක play වුණා.
ඉතින් මේ ප්රතිචාරත් එක්ක මේ දෙන්නට තවත් සිංදුවක් කියන්න හිතුණා.
ඉතින් අභීත මට කිව්වා "මචං සිංදුවක් ලියපන්කෝ අපිට කියන්න." කියලා. ඉබ්බා දියට දැම්මම ඇන්නාවේ කිව්වා වගේ මටත්.. ලිව්වා ඉතින් මාත් සිංදුවක්.