Wednesday, March 18, 2015

මේ දෙව් ලොව නොවේ........෴



          මාර්තු මාසය ආරම්භ වනවාත් සමඟම වාගේ පේරාදෙණිය සරසවිය මනමාලියකගේ සිරි ගැනීම පේරාදෙණි සරසවි මාතාවගේ තුරුලේ සැනහෙන දරු දැරියන් සැමගේ සිත් කුල්මත් කරනව හැඟීම් ගොන්නක් ඇති කරවයි.

          වසර හතරක් පුරා විඳි මා නෙතින් විඳි ඒ සුන්දරත්වය, මුවෙහි වදන් ගොලුවී යන ඒ සුන්දරත්වය, දෑස් අලවන ඒ සුන්දරත්වය ඔබ හමුවට ගෙන ඒමට වචන භාවිතා කිරීම, ඒ සුන්දරත්වයට කරන නිගාවකි........

විඳින්න....
මිහිබට දෙව්ලොවේ අසිරිය.........




































































Sunday, March 8, 2015

ස්වර්ණ ඉඳුමිණි මහද පෙම කළඹති........෴





සොමි සඳ උවන ලෙස මුවැති..
සිසි සුව ගති ඇති..
නොකැළැල් රුවැති..
සොඳ කසුන් සරයෙකි සිනහ මල් කමලැති....

වීදුරු සදිසි දිසි කුසුමැති..
බිඳෙනු බිය සිත ඇති..
දෑස මත ඇති..
ස්වර්ණ ඉඳුමිණි මහද පෙම කළඹති....

දෙබැම නළවන සුමුදු නළලැති..
කෙහෙරැල්ලකට සුළඟ ලොබ ඇති..
කොපුල් තල මන්මති..
සුසුදු වත මත සොඳුරු සුව අරුමැති....
.
.
෴ රන්දු ෴

Friday, March 6, 2015

සුළඟක් වෙලා.......෴


සීත තුෂාරය අරන්
හමායන්නම් සකුරා මල් උඩින්
හිමිදිරි සීත මීදුම එක්ක
සමනළ කන්දට උඩින්
හිමෙන් නැහැවිලා හෙමින්
එන්නද ස්ටෙප්ස් තණ බිම් මතින්..

වළා සළු හෙමින් උනා
පොළෝ කතගේ නිරුවත් සිරුර
ආදරෙන් සිප ගන්නම්...

ගිණි මැළයක විසිරුණු අළු බිඳ අරන්
ගිණි කන්දක නැහැවෙන අළු වැස්ස අරන්
දුගඳ හමන කසල ගොඩක
අපුල සැර විස ගඳ අරන්..

නොනැවතී යන්නම් කවුරුන්හෝ ළඟ
මොහොතකට ළඟින් දැවටෙන්නම්
සිඟිති ගෙලෙහි ආදරයෙන් බැඳෙමින්
නළලට වැටුණ කෙහෙරැල් ආදරෙන් පිරිමදිමින්
මුව මත හාදුවක් තබන්නම්
යළි හමා යන්නම්....

එන්න,
හමා යන්න මේ මද නළ එක්ක
දුක පමණයි නිසැක නුඹට.....
.
.
෴ රන්දු ෴
Related Posts Plugin for WordPress, Blogger...