Monday, September 29, 2014

නවක කවියන්ට කිවිඳියන්ට උපදෙස් කීපයක්..........෴




          පසුගිය සෙනසුරාදා පැවති 'කවි සියපත' දොරට වැඩීමේ උත්සවයේදී රත්න ශ්‍රී විජේසිංහයන් සහ මහාචාර්ය සමන්ත පෙරේරා කිවි වරුන් කළ දේශන ආශ්‍රයෙන් රචනා කරන ලදි.....



* අතීතකාමයෙහි ගැලෙන්න එපා
(මා මෙතෙක් කළ වැරැද්දක්)
- අපි හැමෝම කැමතියි අතීතයට ආදරේ කරන්න. අතීතයේ ලස්සන සිදුවීම් වලට ආයෙත් යන්න. ඒත් ඒ දේවල් වලට ආදරයෙන් ලියන කවියෙන් සමාජයට යහපතක් වෙන්නේ බොහොම අඩුවෙන්. කවියෙක්ගෙන් විය යුතු සමාජ බලපෑම පසෙක ලා ස්වයං වින්දනයක් පමණයි එයින් ලැබෙන්නේ.

Tuesday, September 23, 2014

හද අරණට සුව කැන්දන...කිරිල්ලී නුඹ දුක් සින්දන | How she come to My Life........෴



          (හරියටම මාසෙකට පස්සේ නේද මේ පෝස්ට් එක ලියන්නේ කියලා දැක්කේ කලින් පෝස්ට් එකේ දිනේ දැක්කම. ලියන්න දේවල් තිබුණත් ලියන්න හිතෙන්නැති තත්වෙකට පත් වෙලා. නිකන් හිත ලෙඩ වෙලා වගේ. ඇත්තටම කිව්වොත් ඒක ලෙඩක් තමයි. ආදරේ කියන්නේ අපි හැමෝම වැළඳගන්න කැමති කවදාවත් හොඳ නොවෙන ලෙඩක්....!!!)

         ඔව්. ආදරේ තමයි.....
        දිනය අගෝස්තු 24 වෙනිදා. සති අන්තේ ඉරිදාවක්.....එදා හරි ලස්සන දවසක්. ඒක ඇත්තටම ලස්සන දවසක් නොවුණත් ආදරෙන් මත් වෙලා ඉන්න හදවත් වලට නම් ඒ දවස දැණුනේ එහෙමයි....

         ආදරේ හැඟීම් දෙන්නගෙම හිත් වල තිබුණත්, දෙන්නගෙම ඇස් වල ආදරේ ලියවිලා තිබුණත් ඒවා වචන කරගන්න දෙන්නගෙන් කාටවත්ම බැරි වුණා. මේ දවස එනකන් මං කොච්චර ඇඟිලි ගැන්නද දෙයියනේ. කියන්න ඕනි දේවල් පවා මොනාද කියලා මං හිතලා, ඒවා තනියෙන් කියලා කියලා මට පාඩම් වෙලා වගේ තිබුණේ. ඒත් ඒ වෙලාවේ මං ගොළු වුණා....

"මොනාද අයියේ මට කියන්න විශේෂ දෙයක් තියෙනවා කිව්වේ...." එයාගේ ඒ ප්‍රශ්නෙන් මං තිගැස්සුණා.

Related Posts Plugin for WordPress, Blogger...