Thursday, November 1, 2012

~ මගේ අරලිය මලට....... ~




වැටුණු මහ වැසි කෝඩය
දවස් ගානක් බරටම
වැහැලා ඉවරයි හොඳටම
මුළු අහස හිස් කරගෙන...





                                                                    
                                                                   ඒත් මේ මහ පොළවම
                                                                  දියවෙලා වැගිරෙන දුක
                                                                   බලා ඉන්නට බෑ මට
                                                                  නැගේ කඳුළැලි දෑසට...


 
සුවඳ සුදු අරලිය කොඳ
පිපුණි සිත සුවඳක් කර
වැස්ස වැටිලා අරලිය
කැකුළු වැටිලා බිමටම...





වැසි දියක රැඳි බීරිම
සිතේ සතුටක් නැති කළ
අරලියා නොපිපෙන කළ
සුවඳ රස නැහැ ජීවය...





ක්ෂිතිජයට යන පාරක
පිපුණු අරලිය කැකුළක
සුවඳ හදවත පාරන
යළිදු නොදැනේවිද එය...











වැටුණු අරලිය කැකුළක
පරව ගිය ඒ සුවඳක
පහස ලබනට පෙර ලෙස
බලා හිඳිනෙමි යළි මම.....





~ රන්දු with අරලිය මල ~

2 comments:

  1. හරිම ලස්සනයි යාලු..කාටද ලිව්වේ හ්ම්ම් :)

    ReplyDelete
  2. ආහ්හ් හා.....මේක ඉතින් ලිව්වෙ මහ වැස්සට බිමට වැටුණ අරලිය මලට තමයි.........:P
    තැන්කූ ඔයාට හිරු......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...