Saturday, November 24, 2012

විරහවේ අඳෝනාව.....................




දන්නෙ නැහැ හැමදාම
මගේ හිත මං ගාව
දැවටිලා හොයන්නේ
මේ කුරිරු දුකම මයි...


ආදරය ආදරය
 ආදරය විදියටම
මගෙ හිතට එබෙන්නට
ඉඩ දුන්නා හැමදාම...
මගෙ හිතේ සොඳුරු බව
මගෙ හිතේ බොළඳ කම
ආදරයේ නාමයෙන්
දණගැහුවා හැමදාම...






 ආදරය සතුටක්ලු
ආදරය සැපතක්ලු
ඒ සතුට ඒ සැපත
මා එක්ක තරහින්ද?
 හිත මගේ හඬනවා
ඉකිගගහා අඬනවා
තනිකමේ සෝගින්න
හදවතම දවනවා...


හැමදාම තනිකමක
හිටිය අය කියනවා
"මචං මේ ජීවිතය
සුන්දරයි,මාර ෆන්...
ඒත් ඒ සොඳුරු බව
මට දැනෙන්නැත්තෙ ඇයි
පිට පිටම පැමිණෙනා
විරහවට මම යටයි...
වංචාව, තණ්හාව
බොරුව සහ රැවටීම
ආදරයේ නාමයෙන්
මා ලැබූ දායාද...





 හදවතේ ගැඹුරු තැන
ආදරය පිරෙන්නේ
ආදරය කළ නිසා
මා තවම හඬන්නේ...

"සංසාරගත පෙමක්"
සිත එලෙස පැවසුවත්
ඇසිල්ලක සතුටක්ය
බැඳීමක තියෙන්නේ...
සෙනෙහසේ හැඟුම් වැල්
හදවතේ ඉකි ගසයි
ඉකි ගසන සිතුම් රැල්
 නෙත් අගින් බිම වැටෙයි...
දෙනෙත් අග සීතලට
කඳුළු කැට කෙවෙන මුත්
හඬන්නට අවසරත්
අද මෙමට නැතුවමයි...
මා දිවිය හා සබැඳි
හැම දිවිය දුකක් මයි
තුටු ගීත ගයන්නට
කරපු පින් මදි හැඩයි...




හිත මගේ හඬනවා
නොනැවතී හඬනවා
මුව නගන සිනහවෙන්
ඒ කඳුළු හලනවා...
සදාකල් කඳුළටම
ආදරය කරනවා
කඳුළ හා බැඳි පෙමින්
දිනෙක මා මියෙනවා..


~රන්දු~
9.28am
2012/11/17
(Dont ask any questions)

4 comments:

  1. දුක තමයි ......... මක් කොරන්ටද ඉතින් !!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් බං....දුකම තමා.........

      Delete
  2. හොඳ කවි පෙළක් යාලු:)
    සදාකල් කඳුළටම
    ආදරය කරනවා
    කඳුළ හා බැඳි පෙමින්
    දිනෙක මා මියෙනවා..
    ඒකයි ස්වාභාවිකත්වය :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා රූ.....
      ස්වාභාවිකත්වයටම යට වෙන්න අපි කොච්චර ආසද නේද.......

      Delete

Related Posts Plugin for WordPress, Blogger...