Wednesday, December 12, 2012

෴The Story Behind Unusumata Lanwee෴




        කාලයක් තිස්සේ හිතේ තියාගෙන හිටපු මගේ හීනයක් හැබෑ වුණා.. ඉතින් ඒ ගැන බොහොම සතුටින් සිතුවිලි හන්තානට ලියන්න ඕනි කියලා හිතුණා මට. මොකක්ද කියලා කියලා ඉන්නම්කෝ..
    හැමදාම සිංදු ලියනවා ලියනවා ඒත් ඒක නිර්මාණයක් විදියට එළියට දාන්න බැරුව බොහොම දුක්කිත තත්වෙන් තමයි මං පහු ගිය කාලයේ හිටියේ. ඒ අතරතුරේ අරෙහෙන් මෙහෙන් තනු අරගෙන ඒවට සින්දු ලියලා ඒකක් නම් යන්තන් out කරගන්න පුළුවන් වුණා.
(ඒ ගැන මං පස්සේ වෙනමම ලියන්නම් කෝ..)
   ඒත් ඉතින් අලුත්ම කටහඬකට අලුත්ම සංගීත නිර්මාණයකට අලුත්ම සිංදුවක් විදියට මගේම සිංදුවක් out කරගන්නේ කොහොමදෝ කියලා මං දස අතේ කල්පනා කරා....
  ඔන්න ඔය අතරේ මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් (අභීත දේශප්‍රිය සහ පවන් කල්හාර) එයාලගේ පළවෙනි සිංදුව out කරා...'වේදනා රැඳි...' සිංදුව තමයි ඒ.......

අහලා බලන්නකෝ ඒ සිංදුව...........

ඒ දෙන්නට ඒ සිංදුවට ගොඩක් ප්‍රතිචාර ලැබුණා.. හිරු FM Top 40 Radio programe එකෙත් ඒක play වුණා.
ඉතින් මේ ප්‍රතිචාරත් එක්ක මේ දෙන්නට තවත් සිංදුවක් කියන්න හිතුණා.

ඉතින් අභීත මට කිව්වා "මචං සිංදුවක් ලියපන්කෝ අපිට කියන්න." කියලා. ඉබ්බා දියට දැම්මම ඇන්නාවේ කිව්වා වගේ මටත්.. ලිව්වා ඉතින් මාත් සිංදුවක්.



මේ සිංදුවට වස්තු බීජය මොකක්ද කියලා ඔයා හිතනවා ඇති. :D
මේ සිංදුව ලිව්වේ මං කාලයක් ආදරේ කරපු කෙල්ලෙක්ට. 'කෙල්ලෙක්ට' කිව්වම ඒක ප්‍රශ්නයක් වගේද. :D
හරියටම කියනවා නම් ඒ මගේ පළවෙනි ආදරේ. (ඒ ආදරේට මොකද වුණේ කියලා අහන්න එපා ඉතින්. මං කලින් ඒ ගැන කියලා තියෙනවානේ.)

සමහරවිට මේ සිංදුව ඔයාලට මතකත් ඇති. මේක මම facebook එකේ මගේ Timeline එකට upload කරා.

මතකද බලන්නකෝ....

   ඉතින් මේ සිංදුව ලියලා මම අභීත ට දුන්නා. "එල වචන ටික මචෝ.මම මේකට වැඩක් දෙන්නම්" කියලා අභීත බොහෝම සතුටෙන් වැඩේ බාරගත්තා නේ... ඒත් මෙන්න ටික දවසක් යනකොට මූ කියනවා "මේකේ වචන වෙනස් කරන්න ඕනි බං." කියලා. ඉතින් මට මල. ඇයි යකෝ මෙච්චර හොඳට මහන්සියෙන් ලියපු සිංදුවේ වචන වෙනස් කරන්න කියනකොට කේන්ති යන්නෙ නැද්ද ආහ්....(මට පස්සේ තමයි තේරුණේ සිංදුවකට music දානකොට ඒකේ වචන අදාල විදියට වෙනස් කරන්නත් වෙනවා කියලා.:D)

   ඉතින් මම බොහොම අමාරුවෙන් මං ලියපු සිංදුවේ අදාල වචන ටික ආයෙත් වෙනස් කරලා අලුත්ම විදියකට සිංදුව ලිව්වා......




    මේ වෙනස් කිරීම් සේරම මම කරේ පළවෙනි ආදරේට අදාල විදියට නම් නෙවෙයි. හැබැයි ඒත් මම ආදරේ කරපු කෙල්ලෙක්ට අදාල විදියටම තමයි. ඒ මගේ අන්තිම ආදරේ.:D
ඒකත් මාරයි නේද. පළවෙනි ආදරෙන් පටන් ගත්ත සිංදුව අවසාන ආදරේ දක්වා ආවා....

  කොහොමින් කොහොම හරි ඔන්න මේ සිංදුව බොහොම ලස්සනට මගේ යාළුවෝ දෙන්නා sing කරා. දෙන්නා කිව්වට මේ වැඩේට තවත් මගේ යාලුවෙක් set වුණා. ඒ හරිත් අයියා.

අභීත sing කරේ මෙහෙමයි.....

මේ පවන් අයියා ගේ singing.....

හරිත් අයියා sing කරේ මෙහෙමයි.....

මේ සිංදුව music කරේ තරංග අයියා (තරංග රත්නායක). 
එයාගේ studio එකේදි තමයි සිංදුව record කරේ, සිංදුවේ music compose කරේ....

මේ තරංග අයියා එයාගේ studio එකේදි.....

කට්ටිය set වෙලා සිංදුව record කරා. එදා මට යන්න බැරි වුණා අප්පා. exam තිබුණා :( .


උණුසුමට ලංවී team එක ( මම නැතුව :(  )

කොහොමහරි කට්ටිය set වෙලා සිංදුව record කරා. 
ලස්සනට music කරලා compose කරලා තරංග අයියා සිංදුව අපිට දුන්නා.
එහෙනම් දැන් අහමු නේද සිංදුව.

සිංදුව download කරන්න මෙතන click කරන්න(ananmanan.lk)
Mobile Version_1.59MB
MP3 Version_3.60MB


Or
මෙතනට යන්න(music.lk)


මේ තියෙන්නේ අපි සිංදුව හදපු විදිය (Video එක)....
මෙතන click කරන්න............

කොහොමද සිංදුව. ලස්සනයි නම් ලස්සනයි කියලම යන්න හොඳේ. කැතයි නම් ඒත් කියන්න. 
ඔයාගේ comment අපිට තවත් නිර්මාණ කරන්න අත්වැලක් වෙයි.

මේකට සම්බන්ධ වුණ අපි ගැන විස්තර ටිකක් කියන්නම්. ආත්ම වර්ණනයක් කියලා හිතෙයිද මංදා......:D

හරිත් තිසුර 
මොරටුව ඉංජිනේරු පීඨයේ ඉගෙන ගන්න කොල්ලෙක්......
2009 වර්ෂයේ මොණරාගල දිස්ත්‍රික්කයේ උසස් පෙළ ගණිත අංශයෙන් පළමු ස්ථානය ගත්තේ මෙයා තමයි.

රන්දුනු යසරංග
පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ  ඉගෙන ගන්න sweet කොල්ලෙක්.......:D
2010 වර්ෂයේ මොණරාගල දිස්ත්‍රික්කයේ උසස් පෙළ ගණිත අංශයෙන් දෙවන ස්ථානය ගත්තේ මෙයා තමයි.

අභීත දේශප්‍රිය
මොරටුව ඉංජිනේරු පීඨයට යන්න ඉන්න කොල්ලෙක්......
2011 වර්ෂයේ මොණරාගල දිස්ත්‍රික්කයේ උසස් පෙළ ගණිත අංශයෙන් පළමු ස්ථානය ගත්තේ මෙයා තමයි.

පවන් කල්හාර
කසුන් කල්හාර ගේ ඥාති සහෝදරයා.
මේ වෙනකොට හොඳ කලාකාරයෙක්......

තරංග රත්නායක
Media sound engineer කෙනෙක්, හොඳ music composer කෙනෙක්......

   බලාගෙන ගියාම මේක ඉංජිනේරු වැඩක් නේ.................
එහෙනම් මං නවතිනවා. පස්සේ හම්බවෙමු.

Be the better than the best.........!!!!!!!!

12 comments:

  1. නියමයි! ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු......ඔයත් කරන්නකෝ සිංදුවක්........

      Delete
  2. ලස්සනයි..මියුසික් උනත් හරිම ලස්සනයි..සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි dreams...
      මියුසික් ගොඩක් ලස්සනයි තමයි......

      Delete
  3. නියමයි! ජය ශ්‍රී.........

    ReplyDelete
    Replies
    1. ටැන්කූ.....ටැන්කූ...

      Delete
  4. අඩෝ එල ඩො ! මහපට ඇගිල්ල අප්ස් !!

    ReplyDelete
    Replies
    1. ටැන්කූ අඩෝ..ටැන්කූ..

      Delete
  5. සින්දුව හොඳයි රස වින්දා!

    මේ දෙවෙනි පාරට අහන ගමං

    ReplyDelete
    Replies
    1. මගේ හීන වලින් එකක් ඉෂ්ට වීමක් ඔය.........
      බෝම ස්තුතියි අයියේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...