ඇත්තටම මේක පරණ වැඩක් ද කියලා මාත් හිතලා බැලුවා,හොයලා බැලුවා. හින්දි සින්දු සිංහල කරන එක අද ඊයේ කරන්න පටන් ගත්ත දෙයක් නෙවෙයි නේ. එච්.ආර්.ජෝතිපාල මහා ගායකයාණන් පවා බොහොමයක් හින්දි තනු වල ගීත සිංහලෙන් ගායනා කරා. ඒත් ඒ ගීත වල තියෙන්නේ හින්දි තනුව විතරයි කියලා විස්තර හොයලා බැලුවොත් ඕනි කෙනෙක්ට වැටහේවි.ඒ කියන්නේ හින්දි තේරුමට උචිත සිංහල තේරුමක් නෑ ඒව බොහොමයක.
ඉතින් සිතුවිලි හන්තානෙන් පටන් ගත්තේ අන්න ඒ අලුත් වැඩේ. ඒ කියන්නේ හින්දි සින්දු වල පිරිසිදු සිංහල version එක ඉදිරිපත් කිරීම. පරිවර්තනය නම් ඕනිම කෙනෙකුට කරන්න පුළුවන්. ඒත් මේ කරන අනුවර්තනය නම් කරන්න ගොඩක් අමාරුයි වගේම සෑහෙන්න වෙලා යනවා. මොකද අදාල හින්දි වචන සිංහලේට පරිවර්තනය කරනවා වගේම ඒවායේ තාලෙට අදාල විදියටත් ඒවා අනුවර්තනය කල යුතුයි.
( මේ අදහස හිතේ තියාගෙන මං Thuhi meri shab hay එක අනුවර්තනය පටන් ගත්තත් ඒකෙන් බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට වුණේ නෑ.ඒ කිව්වේ තේරුම සම්පූර්ණයෙන්ම විකෘති වුණා.)
ඉතින් මේ හින්දියෙන් සිංහලේට ලේබල් එක යටතේ අද ඉඳන් ඔයාලා ආදරේ කරපු, ආදරේ කරන හින්දි සින්දු සිංහලෙන් රසවිඳින්න පුළුවන්..........
ඉස්සෙල්ලම මේ අරන් එන්නේ මේ දිනවල ගොඩාක් ජනප්රිය Tezz film එකේ Tere bina tere bina සින්දුව...
Movie: Tezz
Music: Sajid-Wajid
Singer: Rahat Fateh Ali Khan
Singer: Rahat Fateh Ali Khan
Mera dil naiyyo lagda..// my heart isn't happy,
Tu hi meri hai zindagi You only are my life,
Tu hi meri hai har khushi You only are my happiness,
Tu hi meri hai bandagi You only are my devotion,
Kaise kahoon kahaan jaaun How to say, where to go,
Kise karoon sajda To whom should I pray,
Haan kise karoon sajda yeah, to whom should I pray?
Teri kasam teri kasam jaan-e-jaana I swear on you, my love,
Teri liye tere liye main deewana I am mad for you, for you,
Kaise jiyein kaise jiyein batana tell me how to live, how to live,
Maut bhi mujhko naa aaye Even death doesn't come to me..
Tu hi meri hai zindagi You only are my happiness,
Tu hi meri hai bandagi You only are my devotion,
Tere bina tere bina dil naiyyo lagda Without you my heart doesn't stick (anywhere),
Mera dil naiyyo lagda my heart isn't happy,
Maahi mera maahi mera sona sona My beloved, my beloved is so beautiful,
Rabba mere rabba mere hai salona O my god, my God, (my love) is pretty,
Tere siva mera koi naa hona Other than you no one else has to be mine,
Yaad teri kitna sataaye Your memory troubles me a lot..
Tu hi meri hai zindagi You only are my happiness,
Tu hi meri hai bandagi You only are my devotion,
Tere bina tere bina dil naiyyo lagda Without you my heart doesn't stick (anywhere),
Mera dil nayyo lagda my heart isn't happy,
Kaise kahoon, kahaan jaaun How to say, where to go,
Kise karoon sajda To whom should I pray,
Haan, kise karoon sajda yeah, to whom should I pray?
මේක මම උපුටා ගත්තේ www.bollymeaning.com එකෙන්..
මෙන්න මෙහෙමයි මම මේක සිංහලයට අනුවර්තනය කරේ....
Tere bina sinhala version |
මේක 100% ක්ම හින්දි තේරුමට අනුව අනුවර්තන වෙලා නැතුව ඇති. ඒත් 90% කට වඩා නම් මම උත්සාහ කරා..මම හිතනවා මගේ උත්සාහය සාර්ථක වුණා කියලා..
මේක අදාල තැන් වලදි ගායනා කිරීමේ ගැටලු මතු නොවෙන්න ඕනි නිසා මම මේක ගායනා කරා.ඒත් මට මේ දවස් වල හෙම්බිරිස්සාව නිසා කටහඬ බොහොම අවුල් වගේම හුස්ම පාලනයත් අවුල්. මේක දානකං ඉවසිල්ලක් නැතුව හිටිය නිසාම අප්සට් වුණත් මං ඒකත් මෙතනම දානවා.:D
පුළුවන් ඇත්තෝ රස විඳිත්වා.....!!!!
Be the better than the best........!!!
ප.ලි :
මේක පෝස්ට් කරලා මං Tere bina sinhala version කියලා search කරලා බැලුවා.හපොයි...දමිත් අසංක මේකේ සිංහල version එක කියලා. "සිත මගෙ රිදුණා.." ඒකේ Title එක එහෙමයි. ඒත් ඒකත් තනුවට සිංහල වචන දාපු එකක්.
ප.ප.ලි :
හයියෝ....පෝලිමට මේකේ සිංහල version තියෙනවා වගේ. සම්පත් අනුරුද්ධත් මේක සිංහලෙන් කියලා. "පෙර දින ඔබ මා.." title එකෙන්.
කමක් නෑ. ඔය දෙකේම හින්දි තේරුම සිංහලේට අරන් නෑ. ඒක කරේ සිතුවිලි හන්තානෙන් විතරයි.....:D
වැඩේ නම් හොඳට කරලා තියෙන පාටයි..
ReplyDeleteගෙදර ගිහින් සින්දුවත් අහලම ඉන්නම්කෝ
බෝම ස්තුතියි...
Deleteඅහලා කියන්නකෝ....
සිංහල පරිවර්තනයනම් සිරාම සිරා.... අහන්න වෙන්නේනම් ගෙදර හිහින් තමා ,,
ReplyDeleteහෑ..ඒ මොකෝ මී අයියේ...
Deleteටැන්කූ ඈ..
අනේ මන්ද මටනං මංඤං වගේ..
ReplyDeleteඇයි අයියේ, හින්දි මාඤ්ඤමිකද....:D
Deleteඑල එල......
ReplyDeleteටැන්කූ...
Deleteහිංදි උගන්නහංකෝ අපිට ටිකක්...
ReplyDeleteඇයි අනුස්කා හින්දි දන්නේ නැතෙයි...:o
Deleteමං ඉංගිරිසි එකෙන් මේක ගොඩ දැම්මේ බං..
හින්දි සින්දු වලට කැමැත්තක් නැතත් දක්ෂතාවය නම් අපූරුයි!
ReplyDeleteහින්දි සිංදු හරි ලස්සනයි නේ..
Deleteබොහොම ස්තුතියි....
api ithin kalin ahala thiyanawane... :D :D :D patta patta...!
ReplyDeletehm hmm....Thanx macho..
Deleteඇත්තම කියනවානම් මම අලුත් හින්දි සින්දු වලට කැමති නෑ...පරණ ඒවාට තමා කැමති...පුලුවන් නම් මොහමඩ් රාෆි, ලතා මංගේෂ්කාර්ලා කියපු පරණ ඒවාත් සිංහලට පෙරලන්න...
ReplyDeleteඔව් හැබැයි..අලුත් හින්දි සින්දු වල එකම වචන සෙට් එක එක එක පැත්තට කරකවලා තමයි තියෙන්නේ..
Deleteපරණ සින්දුත් හරවන්න ට්රයි එකක් දෙන්නම් සිරා අයියේ..
තෙරේ මේරේ, මේරේ සපනොකි වගේ ඒවා.....
වැඩේ නම් අගෙයි අගෙයි
ReplyDeleteජය වේවා
හෙම්බිරිස්සාව තමා ! :)
බෝම ස්තුතියි....!!
Deleteඒක නේන්නම් ලොකු අයියේ...:D