ඇඳි නමුත් ළැම සළුපිළි,
කිම්ද ඉන් පල,
නොවැසෙන කළ එතැන...
ඇඳි නමුත් පා දිගට,
කිම්ද ඉන් පල,
පෙනෙන කළ කොමුපිළි...
කිම්ද ඉන් පල,
නොවැසෙන කළ එතැන...
ඇඳි නමුත් පා දිගට,
කිම්ද ඉන් පල,
පෙනෙන කළ කොමුපිළි...
දුටුව විට මා දෙනෙත,
නොහැඟේද මට,
කොලු කමට වල් සිතුවිලි...
කිව් නමුත් මා මෙහෙම,
නො වෙයන් තරහ,
'නුඹ නොකළ වැරදි' වල අයිතිය,
නුඹටමය සොයුරිය........
....රන්දු....
එහෙම නෑ කියන්නත් බෑ, එහෙමමයි කියන්නත් බෑ. කොහොම උනත් කුපාඩිකම තියෙන්න ඕන හිතේ විතරයි කියන එකයි මගෙ අදහස. එතකොට කවුරු මොනව කලත් බලල හිතල අහක බලාගන්ට පුලුවන්නෙ.
ReplyDeleteඋඹ කියන කතාවත් සාධාරනයි. හැමෝම එක වගේ නැහැනෙ.
එකම දේ අපි අපිව පාලනය කරගන්න ඕන. (දෙගොල්ලොන්ටම කිව්වෙ) එතකොට අවුලක් නෑ...
අනිවා අනිවා..
Delete1)දෑසින් බලා විඳීම
2)සිතුවිල්ල මග දමා යෑම
කියන පියවර දෙකෙන් දෙවෙනි පියවර අත්හරින සමහරු නිසා කවි පෙළේ අන්තිම පද දෙක කියන්න වෙන්නේ...
1 ගොඩක් අය මග හරින්නෙ නෑ ඒකයි මං අදහස් කරේ......
නිර්මාණයක් ලෙස නම් අගෙයි. අදහසක් ලෙසනම් එකග නැත..තම තමන් අදින්නේ පළදින්නේ තම රුචිකත්වට අනුවය. අප ඒ දෙස බලන්නේ ද අප ගේ රුචි අරුචි කම මතය.ඒ බලා නොහොබිනා කමක් කරන්නේද තම තම හැදියාව මතය. අපත් තලේබාන් ලා විය යුතු ද. දුටුවොත් රස දෙයක් විදපන් දෙනෙතින්.. එපමණකින් නවතිමු.. කාටත් හිරිහැරයක් නොමැත එවිට
ReplyDeleteඕක හැමෝටම පොදු කරුණක් වෙන්නෙ නෑ නේ අයියේ..
Delete(දේශ් ට දුන්න reply එක බලන්න)
ඔයා මම ඔය අදහස මග දාලා ගියාට ඒක හිතේ තියාගෙන යන අයත් ඉන්නවා නේද? අනික ඒ සිතුවිල්ල එවේලේම ක්රියාවට නගන අයත් ඉන්නවා නේ(හිරු අක්කගේ පෝස්ට් එකක ඒ ගැන ගොඩක් තිබුණා).
එහෙම අය නිසයි අන්තිම පද දෙක කියන්න වෙන්නේ....
අදමයි මෙහෙට ගොඩවුණේ...
ReplyDeleteකතාව නමි සහතික ඇත්ත සහෝදරයා.....
බොහොම ස්තුතියි සිතුවිලි හන්තාන තරණය කරාට...
Deleteආයෙත් එන්න දිනපොත....
මේ දෑස මක්කටෙයි!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නැතුව නැතුව.......
Deleteසිතුවිලි හන්තානට රාජ ආගමනය.....:D
අඳින එකිත් වැරදි -වල් සිතින් බලන උනුත් වැරදියි :P
ReplyDelete"මං නම් වල් සිතින් බලන්නේ නෑ"
Deleteඔන්න මං ඉතුරු ටික සම්පූර්ණ කරා....:P
හරියටම හරි රන්දු. මගේ පෞද්ගලික මතය නම්, ඇස් දෙකෙන් විඳලා සිතිවිල්ල අතහැරලා දානවා නම් ඇඳන් යන කෙනාත්, ඒ දිහා බලන කෙනාත් දෙන්නම නිර්දෝෂී. :)
ReplyDeleteබලන කෙනා සිතිවිල්ල අත් නොහැරීම, හා ඇඳන් යන කෙනා බලන කෙනා දෙස වපර ඇහින් බැලීම යන දෙකම මගේ මතයට අනුව වැරදි.
ඇඳන් යන්නේ බලන්න නේ. බලන්න. රසවිඳින්න. සිතිවිල්ල අතහැර තමුන්ගේ කෙනා (හෝ ගෙදර) යන්න.
ප්රශ්න නැහැ නේ! :D
කියලා වැඩක් නෑ..
Deleteඒකාධිපති තුමනි..ඔබට මැනවින් වැටහී ඇත.
මේ කාරණේ අඳින අයත් තේරුම් ගන්නවා නම් අපි ගැන වැරදි විදියට හිතන්නේ නැති වෙයි නේ.;)