~ මෙය උඩින් පල්ලෙන් නොකියවා සෑම කරුණක් පිළිබඳවම අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි. ඒ සඳහා වේලාව ප්‍රමාණවත් නොමැති නම් මෙය නොකියවා මඟ හරින්න.
~ මෙය hitz ගැනීම සඳහා හෝ වෙනත් පටු අරමුණක් සඳහා ලියන ලද්දක් නොවේ. හුදෙක් මගේ මනසේ නළියමින් පවතින සිතුවිලි සමූහයක් ඔබ හමුවේ තැබීමක් පමණි.
~ තවද මෙහි සඳහන් තර්ක සියල්ල මාගේ මතයන් වන අතර ඒවාට එරෙහි වීම හෝ පිළිගැනීම ඔබ සතු වූවකි.
~ මෙය ලියන මම දකුණේ සිංහල බෞද්ධයෙක්මි.
ජාතිවාදයට පක්ෂව........
සිංහලයන් වන අපට ලෝකයේ අපේ කියා ඇති එකම රට ශ්‍රී ලංකාවය. අතීතයේ පටන් ලෝකයේ වෙනත් රටවල විවිධ බලවේග අප රට යටත් කර ගැනීමට පැමිණියත් ඒ හැම ජාතියකින්ම කෙසේ හෝ අපේ රට ගලවා ගැනීමට අපේ මුතුන් මිත්තෝ සමත් වූහ. LTTE කොටි ත්රස්තවාදීන් ද අප රට යටත් කර ගැනීමේ අරමුණින් මහා සංහාර රැසක් සිදුකළ ද අවසානයේ වසර 30 ක යුද්ධයකින් පසුව මෙරට යළිත් ගලවා ගැනීමට අපගේ විරුවෝ සමත් වූහ.
නමුත් වර්ථමානය වන විට තවත් ප්‍රශ්නයක් ඇවිල යමින් පවතී. විවිධ නගර වලට මුස්ලිම් ජනතාවගේ සිදුවන සීඝ්‍ර සංක්‍රමණ මෙයට හේතුවයි. මා ජීවත් වන සියඹලාණ්ඩුව කුඩා නගරයේ මීට වසර හතර පහකට පෙර එකම මුස්ලිම් කඩයක් වත් තිබුණේ නැත. නමුත් එක් මුස්ලිම් ව්‍යාපාරිකයෙක් එක් කඩයක් ආරම්භ කළ පසු මුස්ලිම් කඩ සීඝ්රයෙන් ව්‍යාප්ත විය. දැන් මුස්ලිම් කඩ 10 ක් පමණ සියඹලාණ්ඩුව නගරයේ ආරම්භ කර ඇති අතර මුස්ලිම් පල්ලියක් ඇරඹීමේ පිඹුරුපත්ද සකසමින් සිටින බවට වටින් ගොඩින් ආරංචි ලැබේ. මෙය මගේ ඇස ගැටුණ එක උදාහරණයක් පමණක් වුවද දිවයින පුරා බොහෝ නගර රැසකට මෙම ඉරණම අත්වී ඇති බව අප සියල්ල මැනවින් දන්නා කරුණකි.
කරුණු මෙසේ තිබියදී හලාල් නම් "විසබීජයක්" ජමියතුල් උලමා නම් මුස්ලිම් සංවිධානයක් විසින් මෙරට ස්ථාපිත කර ඇති බව දැනගන්නට ලැබුණි. ඔවුන්ගේ ආගමට අනුව මෙය ආහාර නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අංගයක් බව පවසා මෙරට ආහාර නිෂ්පාදන 85% කට වඩා මෙහි ගොදුරක් කරගෙන තිබේ. හලාල් සහතිකය වෙනුවෙන් එය ලබා ගන්නා ආයතනය වසරකට 175000ක මුදලක් ගෙවිය යුතු බවත් ආයතන විශාල ප්‍රමාණයකින් ලැබෙන මෙම සුවිශාල මුදල මුස්ලිම් ව්‍යාප්තවාදය(ඉහත පරිදි සීඝ්‍ර මුස්ලිම් ව්‍යාප්තය) සඳහා යොදන බවත් මේ දිනවල කථාබහට ලක්වූ මාතෘකාවකි.
මෙම කරුණු නිසා සිංහල බෞද්ධයන් දැඩි ලෙස කුපිත වී ඇති අතර මුස්ලිම් මිනිසුන් හා ඔවුන්ගේ ආගම පිළිබඳ තදබල වෛරයක් ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. මුස්ලිම්වරුන් සිංහලයන් බිලී බා ගැනීමට විවිධ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කර ඇති බවද "දැනගන්නට" ලැබුණි. සිංහලයන් වඳවීමේ බෙහෙත් අඩංගු නිෂ්පාදන, සිංහල කාන්තාවන් ආවාහ කර ගැනීම ඒ අතරින් කිහිපයකි.
"තම මවට ආදරය කිරීම හා ඇය වෙනුවෙන් කැප වීම උතුම් කරුණකි. එමෙන්ම තම මව විනාශ කිරීමට එන විවිධ බලවේග හා සටන් වැදීම ද වරදක් නොවේ." (උපුටා ගත් අදහසකි)
ජාතිවාදයට එරෙහිව.......
වසර 30 ක යුද්ධය නිමවීමෙන් පසු ලංකාවේ ඇති වූ සාමකාමී බවට ජාත්‍යන්තරය ( අධිරාජ්‍යවාදී බලවේග) ඉමහත් අකමැත්තෙන් සිටින බව අප සැම දන්නා කරුණකි. ලබාගත් යුධ ජයග්‍රහණය මානව හිමිකම් ගොඩට දමා එය යළිහැරවීමට මේ වනතෙක් ඔවුන් උත්සාහ කරමින් සිටී. මේ අතර එවැනිම තවත් ජාතිවාදී ප්‍රශ්නයක් මඟින් ඔවුන්ගේ එම අරමුණු කරා ළඟාවීම ඉතා පහසු කරුණකි. ඇවිලෙමින් යන මෙම ජාතිවාදයද ඔවුන්ගේ එවන් නිර්මාණිත ගැටලුවක ප්‍රතිඵලයක් විය හැකිය.
සෘජුවම එය එසේ සිතෙන්නේ මෙම ජාතිවාදී ගැටලුව සීඝ්රයෙන් ව්‍යාප්ත වූයේ facebook වැනි සමාජ අඩවි හරහා වීම නිසාය(පසුව එය සමාජ ගත විය). තවද facebook වැනි මාධ්‍යයන්හි හුවමාරු වන සමහර ඡායාරූප ඉතා ඕනෑකමින් නිර්මාණය කළ ඒවා බව හෙළිවේ(ජාතිවාදයට පක්ෂග්රාහී ඡායාරූප).( එවන් ඡායාරූපයක් සහ ඇත්ත ස්වභාවයේ ඇති වෙනස මගේ දෑසින්ම දැක ඇත).
යම් පිරිසකගේ( ජාත්‍යන්තරයේ හෝ කාගේ හෝ වේවා) පටු අරමුණක් එසේ ව්‍යාප්ත වීමේදී එය නෙත ගැටෙන අහිංසක සිංහලයෙක් හෝ මුස්ලිම් වරයෙක් ගේ සිතටද ඉබේම එම ජාතිවාදී සිතුවිල්ල ඇතුළු වී එය ජාතීන් අතර වෛරයක් බවට ක්ෂණිකව හැරේ. ඉන්පසු ජාතිවාදී ගින්නට වෛරයේ පිදුරු දමමින් ගින්න වැඩි කිරීමට දෙපාර්ශවයම ඉමහත් වෙහෙසක් දරති.
"තම මව විනාශ කිරීමට පැමිණෙන බලවේග හා සටන් වැදීම වරදක් නොවූවත්, මව විනාශ කිරීමට පැමිණේ යයි සිතන බලවේග සොයාගොස් ඔවුන්ට එරෙහිව අසිපත් ඇදීම තම මවට ඉක්මන් විනාශයක් අත් කරදීමක් විය හැකිය."
අතීතයෙන් පාඩම්.......
83 කළු ජූලිය සැමගේ මතකයේ රැඳුණු ඛේදවාචකයකි. එවකට ඇවිලයමින් තිබුණු ජාතිවාදී රැල්ලට උත්ප්‍රේරකයක් එක් කිරීමට ත්‍රස්තවාදී පිරිසක් සමත් විය. යාපනයේදී හමුදා සෙබළු රාශියක් දෙමළ ත්‍රස්තවාදී කල්ලියක් විසින් ඝාතනය කරන ලදි. එය සමස්ථ දෙමළ ජාතිකයන් එල්ල කළ ප්‍රහාරයක් ලෙස සැලකූ/උසිගන්වනු ලැබූ දකුණේ සිංහල ප්‍රජාව එක් එක් බලවේගයන් ගේ මෙහෙයවීම මත දෙමළ කඩ හා දෙමළ ජනතාව විශාල ලෙස සංහාරයකට භාජනය කරන ලදි (සමහරු මෙම "බලවේගය" එවකට ප්‍රසිද්ධව පැවති විප්ලවීය දේශපාලන පක්ෂයක් ලෙස පවසන අතර තවත් සමහරු එය එම පක්ෂය අසු කිරීමේ වුවමනාවක් පැවති වෙනත් පාර්ශව ලෙස පවසති.).
ඉන්පසු සිංහල හා දෙමළ ජනතාව අතර බද්ධ වෛරයක් බවට හැරුණු මෙය වසර 30 ක කුරිරු යුද්ධයක් බවට දික්ගැස්සුණි.
වර්ථමානය........
ජාතිවාදය තදින් ඇවිලයමින් තිබෙන මෙම වකවානුවේ විය හැකි දෙයක් උදාහරණයක් මගින් දැක්වීමට කැමැත්තෙමි.
මුස්ලිම් ජනගහණය වැඩියෙන් වාසය කරන පොතුවිල් වැනි නගරයක මුස්ලිම් කඩ රාශියකට මැදිවූ සිංහල කඩයක් අහඹු හේතුවක් නිසා හෝ කඩාකප්පල්කාරි කල්ලියකගේ ක්‍රියාවක් නිසා හදිසියේ ගිනිබත් වී කඩයේ අයිතිකරු ඇතුළු පිරිසක් මිය ගියේ යැයි සිතන්න. ඇති වන තත්ත්වය කුමක්ද? එය මුස්ලිම් වරුන් ගේ ක්‍රියාවක් සේ සලකා ජාතිවාදයෙන් මත් වී සිටින පාර්ශව වල පෙළඹවීම් මත සිංහල ජාතිය වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශ වල මුස්ලිම් කඩද ගිනි තැබීමක් විය නොහැකිද? එය දිගින් දිගටම වීමෙන් යළිත් කළු සමයක් උදාවී රට යළිත් යුද්ධයකට ඇදී යා නොහැකිද? සිතන්න.
ඔබ ජාතිවාදයට පක්ෂ නම්........
දිනෙක මේ රටෙහි නැවතත් යුද්ධයක් ඇවිලී ගියහොත්, "තොපි තමයි එදා ජාතිවාදය අවුස්සන්න පිදුරු දැම්මේ.." කියා ඇසීමට ඔබට සිදුවෙනු ඇත.
ඔබ සියළු ජාතීන් අතර සහයෝගීතාවය අගය කරන ජාතිවාදයට විරුද්ධ අයෙක් නම්........
දිනෙක මේ රට මුස්ලිම්කරණය වුවහොත්, "තොපි තමයි එදා මුස්ලිම් උන්ට කඩේ ගියේ.." කියා ඇසීමට ඔබට සිදුවෙනු ඇත.
හලාල් ගැන........
මෙය ජමියතුල් උලමා නම් ආයතනයක මගඩියක් බව මගේ හැඟීමයි. ඔවුන් පවසන ආකාරයට හලාල්/අනුමත ආහාර ගැනීම ඔවුන් ගේ ආගමානුකූල වේ.ඒ සඳහා හලාල් සහතිකය තිබිය යුතු බව ඔවුන් ගේ මතයයි. එවිට ඇසිය හැකි ප්‍රශ්න 2 කි.
~ අතීතයේ ආහාර වල හලාල් ලාංඡනය තිබුනේ නෑනේ.එතකොට ඒ මුස්ලිම් මිනිස්සු කෑවේ කොහොමද?
~හලාල් සහතිකය හඳුන්වා දීපු 2000 වසරට පෙර (දන්නා පරිදි) ලංකාවේ මුස්ලිම් වරු කෑවේ කොහොමද?
උත්තර නැත.
හලාල් සහතිකය අවශ්‍ය බවට ජමියතුල් උලමා-ශ්‍රී ලංකා ආයතනයේ ලේකම් තුමා ශේක් මුර්ශිඩ් මුලෆ්ෆර් මහතා පවසන්නේ මෙවන් කරුණක්.
"ලංකාව තුළ මුස්ලිම් ජනගහණය අඩු වුණාට ලෝක ජනගහණයෙන් 1/4 ක් මුස්ලිම්වරුන්. සංචාරකයන් ලෙස මුස්ලිම්වරු විශාල පිරිසක් මෙරටට පැමිණෙනවා. පැමිණෙන සෑම මුස්ලිම්වරයෙකුටම අවශ්‍ය, හලාල් සහතිකලත් ව්‍යාපාරික ස්ථානයකින් ආහාර ආදිය ගන්න. ඉතින් එයට සරිලන හලාල් සහතික ලත් ආයතන ලංකාවේ නැති වුණොත් මෙරටට මුස්ලිම් සංචාරකයන් පැමිණිම විශාල වශයෙන් අඩු වෙනවා........"
මේ කථාව සත්‍ය ලෙස සැලකූ විට එක් ආහාර කාණ්ඩයකින් එක් නිෂ්පාදනයකට හලාල් ලබාගැනීම අනුමත කළ හැක. නමුත් අප හොඳින් දන්නා බිස්කට් සමාගම් දෙකක් වන මැලිබන් හා මන්චි යන වෙළඳ නාම දෙකම හලාල් සහතිකයට යටත් ය. ඒ එක් උදාහරණයක් පමණි. තවද පිරිසිදු පානීය ජල බෝතල් වලට හලාල් යෙදීම අනුමත කල නොහැක්කකි. අනික් කරුණ නම් පිටරටින් එන සංචාරකයන්ට අවශ්‍ය හලාල් සඳහා මෙරට අප එම නිෂ්පාදන වලට අමතර වියදමක් දැරීම කිසිසේත් අනුමත කළ නොහැකි වීමයි.
වගකිවයුත්තෝ........
අතීතයේ සිට ලංකාව ආගමික නිදහස අතින් "ශ්‍රේෂ්ඨ" රටක් වී තිබීම නිසා මෙවන් ප්‍රශ්න ඔඩු දුවන තත්ත්වයකට ඇවිත් තිබේ. අන්‍යාගමික ඇදහීම පිළිබඳ පනතක් නිසි ලෙස සම්මත වූයේ මෑතකදීය (එය වත් ක්‍රියාත්මක දැයි නොදනිමි.). එවන් වූ තත්ත්වයකට මෙරට වැටෙන තෙක් නිද්‍රාශීලීව මෙරට පාලනය කළ පාලක පංතිය මෙයට වගකිවයුතුය.
රජය මඟින් ලබාදෙන SLS සහතිකයට අමතරව බාහිරව ලබාදෙන මෙම හලාල් සහතිකය ගැන අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන් එවකට පාලකයෝ මෙයට වගකිවයුතු නොවේද...?
කළ හැකි දේ........
මෙය කියවන ඔබ සිංහල බෞද්ධයකු හෝ කතෝලිකයෙකු විය හැකිය. සියළු සතුන්ට මෛත්‍රී කිරීම පෙරදැරි කරගත් බෞද්ධාගමද අසල්වැසියාට ප්‍රේම කිරීම පෙරදැරි කරගත් කතෝලික ආගමද අවිහිංසාවාදී ආගම් දෙකකි (විවිධ පාර්ශව වල විකෘති කිරීම් නොසැලකූ විට). එසේ නම් අප කළ යුත්තේ වෛර කිරීම හෝ පළිගැනීම නොව අවිහිංසාවාදීව මෙම උවදුර දුරු කිරීමයි. කළ යුත්තේ මුස්ලිම් ව්‍යාප්තවාදයට එරෙහි වීම මිස මුස්ලිම් ජාතියට එරෙහි වීම නොවේ. තම ජාතියට හෝ ආගමට ආදරය කිරීම කිසිදු කෙනෙකුට වැරැද්දක් දැකිය හැක්කක් නොවේ.
~ හැකි සෑම විටම තමන්ට අවශ්‍ය දෑ තම ජාතියට අයත් කඩයකින් ගැනීම.
~පැහැදිලි මගඩියක් ලෙස පෙනෙන හලාල් නිෂ්පාදන භාවිතයෙන් හැකි තරම් වැලකීම (එසේ කිරීම මගින් හලාල් සහතිකය ඉවත් කරගැනීමට එම සමාගම් පෙළඹෙනු ඇත.)
හලාල් සහතිකය සහිත නිෂ්පාදන(ඒ ඒ අකුර යටතේ වෙන වෙනම පෙළගස්වා ඇත)
~තම වෙළඳසැල් තම ජාතියේ කෙනෙකුට පමණක් බද්ධට/ කුලියට ලබා දීම.
ලෙස තවත් කළ හැකි දෑ බොහෝය.
මෙය පැහැදිලිවම මුස්ලිම්වරුන්ට විරුද්ධව ක්‍රියා කිරීමක් නොව, අයහපත් මුස්ලිම් ව්‍යාප්තවාදයට එරෙහි වීමකි. එසේ කළ හැකි දේ ඉතිරිව තිබියදී මුස්ලිම් වරුන්ට එරෙහිව විවිධ කුමන්ත්‍රණ කිරීම, ප්‍රසිද්ධියේ ප්‍රකෝප කිරීම් වලට ලක් කිරීම වැනි දේ තවත් බිහිසුණු සමයකට අතවැනීමක් නොවේද?
ඔබාමා ගේ ත්‍රිශූලය මෙරටට එල්ල වී ඇති සමයක, Human Rights Watch ආයතනය හමුවේ යළිත් පිළිතුරු දීමට සිදුවී ඇති සමයක, හලාල් ප්‍රශ්ණය කෙමෙන් උත්සන්න වන සමයක අපි මේ නටන්නේ කවර කෙළියක්ද....??
වනේ ගිජිඳාය දුටුවොත් වනසාය...
ලිඳේ පනිදාය වැටුණොත් ඌ කාය...
අතකින් කරවැලකි අතකින් දඬුබෑය...
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය...
ස්තුතිය -: අතීත කරුණු පිළිබඳ මාගේ දැනුම වැඩි කළ මාගේ පියාණන්ට.
ආශ්රිත ලිපි -:
~හලාල් සහ ජාතිවාදය(සිරාගෙ කාමරේ අඩවියෙන්).
~හලාල් සමඟ වලි කෑම(යසිත් ගේ සිතුවිලි අඩවියෙන්)
~මවුබිම 2013 ජනවාරි 20 ඉරිදා පත්‍රයේ හලාල් සහතිකය පිළිබඳ පල වූ ලිපිය.
ප.ලි -:
"උඹ ඔය ලිපිය දැම්මට පස්සේ ඕකේ නරක විතරක් අරන් උඹට බනින්න ගනියි ගොඩක් අය."
"කමක් නෑ තාත්තේ, මට ඕනි වුණේ මගේ මතය සමාජගත කරන්න විතරයි."
ප.ප.ලි -:
මෙහි Comment Moderation ඉවත් කර ඇති අතර ඕනෑම කෙනෙකුට අදහස් පල කළ හැක. Anonymous Comment සඳහා ද අවසර ලබා දී ඇත.
http://thahanamwachana.blogspot.com/2012/12/blog-post_22.html
ReplyDeleteබොහොම ස්තුතියි...!! තව තවත් හලාල් ගැන දැනුම වැඩි වෙනවා.එල.
Deleteඔය ඉස්ලාම් අන්තවාදයට එරෙහිව අනිවාර්යයෙන්ම නැගී සිටිය යුතුයි...
ReplyDeleteඒත් ඒ රැල්ලට අහු වෙලා කඩු කිනිසි අරං මිනිස්සු මරාගෙන නෙමේ..
ඊට වඩා විදිමත් ක්‍රමවේදයක් අනුගමනය කල යුතුයි...
බල්ලෙක් හැපුවොත් බල්ලව හපා කන්නේ නෑනේ..
එක්කො බල්ලව එතනිං එලවලා දාන්න මොකක් හරි කරනවා නැත්තං බල්ලව මගඇරලා යනවා...
එකඟයි මචං. ඒක තමයි විය යුත්තේ..
DeleteTwo sides of every story kiwwalu..ey ban api me muslim ewunta halal magulak allagena panna panna gahanne..?? Unta honda deyak un karai..un kawadawath sinhala apita karadarayak nehe..me iye pereda fb hadagena maha loku talk share karana ewun kawadawath pansalakata gihin edda? Nee..ane manda.me mata hithena heti..kooka unath heta aniddatama loku deyak wenawa..magoodi bodu balu sena..huh..
ReplyDeleteMmmm....//ey ban api me muslim ewunta halal magulak allagena panna panna gahanne..?? Unta honda deyak un karai..un kawadawath sinhala apita karadarayak nehe.//
Deleteඔය කතාවට 100%ක් එකඟ වෙන්න බැහැ බං.මේ රටේ හැම ආගමක්ම අදහන්න නිදහස තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ රට පුරා දැවැන්ත විදියට මුස්ලිම් පල්ලි ඉදි වීමද කියන එක ගැන අපි හිතන්න වෙනවා..අන්න එතනයි ගැටලුව.මුස්ලිම් අයයි අනිත් ජාතීනුයි සහයෝගයෙන් හිටියා/ඉන්නවා තමයි.ඒත් ඒ අය සමහරක් ගේ ඔලු වලට ව්‍යාප්තවාදය කියන විස්බීජය දාපු උනුයි මේකට වැරදි.
අග ඉඳන් මුලටම කියෙව්වා. කරන්න ඕනේ අත්ටටම ව්‍යාප්තවාදයට එරෙහි වීම. මුකුත්ම නොකර ඉන්නවටයි, ජාතිවාදී වෙනවටයි වඩා අරක සාර්ථක සාදාරන විසදුමක් වෙයි. සම්පුර්ණයෙන්ම එකඟයි.
ReplyDeleteඒක තමයි මචං. මධ්‍යම ප්‍රතිපදාවයි වැදගත්...
Deleteඅහිංසක මුස්ලිම් ජනතාව ඕනෙ තරම් මේ රටේ ඉන්නවා...මේ හලාල් රංගනය කරන්නෙ එක්තරා කොටසක්...ඔවුන් විසින් අර අහිංසකයින්වත් මේ අරමුණට ගොණු කරමින් තියෙන්නෙ...මේ ගැටලුව ගැන රජයේ දායකත්වය ගැන තවමත් සෑහීමකට පත්වෙන්න බෑ...ඔවුන් සිතනවාට වඩා ඉතා බැරෑරුම් ප්‍රශ්නයක් බවට ඉදිරියේදී මෙය නිසැකවම පත්වේවි...
ReplyDeleteසිරාවටම සිරා අයියේ...මගෙත් අදහස ඕකම තමයි. ඔය අහිංසක මුස්ලිම් ජනතාවත් ටිකෙන් ටික ඔය රංගනයට දායක කරගන්නවා එයාලගේ ආගම හරහා. මවුලවි තුමාලා හරහා. ඒකයි වෙන්නේ. රජයේ අවධානය නැති එකෙන් තමයි මේක දික්ගැස්සෙන්නේ..
Deleteලේ වැගිරීමකින් තොරව මේ ප්‍රශ්නේ විසඳගන්න තියෙනවා නම් ලොකු දෙයක්.
ReplyDeleteඔව් නිශාන්. මගෙත් ප්‍රාර්ථනය ඒක තමයි...
Deleteජාතිවාදය කියලා ඔබ අර්ථ දක්වන දේම වැරදියි .ජාතිවාදය කියලා මූලිකව අදහස් වෙන්නෙ යම් 'ජාතියකට අන් ජාතින් පාගාගෙන ඉන්ඩ අයිතිය තියෙනවා, උන් අපි කරන හැමදේටම එකඟ වියයුතුයි කියනවා වගෙ අදහසක්'
ReplyDeleteසිංහල බෞද්ධ මිනිස්සු කරන්නෙ ජාතිවාදි ව්‍යාපාරයක් නෙවෙයි. මේ රටේ ප්රවේණි උරුමය තියෙන ජනතාව හැටියට ත්මුන්ගෙ ඒ උරුමයට වෙනත් ජනවර්ගයක් කරන තර්ජනයට එරෙහිව සාමකාමි විරෝධය පෑමක්. කඩු කිනිසි අරගෙන මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න කියලා බොදු බල සේනාවෙ හාමුදුරුවරු කාටවත් කියලා නෑ
හැබැයි බොදු බල සේනාවෙ නම කැත කරන්න කට්ටියකුය්ත් මේ දවස්වල වංවිදානාත්මක වැඩපිලිවෙලක් ගෙනියනවා
- Kishan -
මෙහෙමයි..මම උත්සාහ කරේ ඕක ඔය කියන විදියේ ජාතිවාදයක් දක්වා වැඩි දියුණු වීම නැති කරන්න ඕනි කියන එක කියන්නයි.
Deleteසාමකාමී විරෝධය පෑම සමහර මිනිස්සුන්ගේ පෞද්ගලික ජාතිවාදී ආකල්ප නිසා කඩු කිනිසි අතට ගන්න තත්වෙට පත් නොවෙයි කියලා අපිට කියන්න බෑ නේද..
බොදු බල සේනා හෝ මොන යම් හෝ යහපත් අරමුණක් පෙරදැරි කරගත්ත සංවිධානයක ක්‍රියාවලියට විරෝධය පෑමක් නම් නෙවෙයි මේක..
...................................................
ReplyDeleteමං කියෙව්වෝ.. ඒත් අදහස් දක්වන්න බැරියෝ
ඒ මොකෝ.....:o
Deleteඅවංකව මචන් මම හම්බ විරෝධියෙක්. මම කොහෙත්ම කැමති නැහැ අපේම රටේ අපි සුලුජාතියක වෙනවට. අපේ දේවල් අපි ආරක්ෂා කරන්න ඕනේ මහිදී අපි කරන්න ඕනේ දේවල් ඉතා පැහැදිලිව ඔබ දක්වා තියෙනවා එබැවින් ඒ ගැන වැඩියමක් ප්‍රකාශකිරීමට යන්නේ නැහැ. නමුත් අපේ අය අනුගමනය කරන පිලිවලවල් වැරදියි කියල තමයි මටත් කියන්න වෙන්නේ. අඬුව තියෙද්දී අත පුච්චාගන්නේ මොකටද?
ReplyDeleteඒකනේ බං...බොහෝම ස්තුතියි අදහස ප්‍රකාශ කරාට..
Deleteමාත් කියෙව්ව රන්දු.
ReplyDeleteජාතිවාදය අවුස්සන්න බලන් ඉන්න අය හරියට හබන් කුකුලො වගේ.. වල් ඌරොත් උන්ටම කඩේ යනව.