Saturday, April 13, 2013

පුළුවන් නම් කියන්න ෴


       ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝගෙම යහපත් වූ බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....
       ඉතින් පහු ගිය දවස් ටිකේ නොසෑහෙන්න වැඩ තිබුණ නිසා සිතුවිලි හන්තාන පාළුවට ගිහින් තිබුණා. ඒක නිසාම ටිකක් කලින් මම ලියපු පරණ සිංදුවක් පෝස්ට් එකක් විදියට දාන්න වුණා.

ඒ නිසා අද මේ පෝස්ට් එක ටිකක් වෙනස් විදියකට ලියන්න හිතුණා මට.මේ වෙලාවේ කස්ටියම නිදහසේ ඉන්න නිසා මනස ටිකක් විකාර කරන පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්. බලන්න ඔයාලා කොච්චර දක්ෂද කියලා.......





෴ ප්‍රශ්න අංක 01 ෴

ඔබ ධාවන තරඟයක යෙදී සිටින්නේ යැයි සිතන්න. එහිදී ඔබ තරඟයේ දෙවෙනියාව පසු කර යයි. 
එවිට ඔබ කීවෙනියාද......??????
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
~ පිළිතුර ~

 ඔබේ පිළිතුර "පළමුවෙනියා" යන්නද? එසේ නම් ඔබ වැරදියි!! 
ඔබ දෙවෙනියාව පසු කළ විට ඔබ ඔහුගේ ස්ථානය ගනියි. 
එවිට ඔබ  "දෙවෙනියා" ය.


        පළමු ප්‍රශ්නයෙන් ඔබ අසාර්ථක වුණාද? දෙවෙනි ප්‍රශ්නයට නිවැරදිව පිළිතුරු දෙන්න. 




෴ ප්‍රශ්න අංක 02 ෴

ඔබ අන්තිමයාව පසු කළ විට ඔබ කීවෙනියාද ?

  -
  -
  -
  -
  -  
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  - 
  -
  -
  -
  -
  -
  -
  -
~ පිළිතුර ~

  ඔබේ පිළිතුර "අන්තිමයාට පෙර කෙනා" යන්නද ? එසේ නම් ඔබ වැරදියි.
"අන්තිමයාව" පසු කරන්නේ කෙසේද? :D


     බලමු තුන්වෙනි එකවත්...........නේද?



෴ ප්‍රශ්න අංක 03 ෴

සැ.යු- මෙය ඉතාමත් පහසු ගණිත ගැටලුවකි. මෙය ඔබේ මනසින් පමණක් සිදු කරන්න. කොළයක ලිවීම හෝ කැල්කියුලේටරය භාවිතයෙන් තොරව මෙය සිදු කරන්න.

6000 ට 40 ක් එකතු කරන්න.....
තවත් 1000 ක් එකතු කරන්න.....
දැන් 30ක් එකතු කරන්න.....
තවත් 1000 ක් එකතු කරන්න.....
දැන් 20 ක් එකතු කරන්න.....
තවත් 1000 ක් එකතු කරන්න....
දැන් 10 ක් එකතු කරන්න.....

එකතුව කීයද????

~ පිළිතුර ~
  -
  -
  -
  -
පහළට යන්න
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
උත්තරය 10000 ද??
  -
  -
  -
  -
නෑ. 
ඇත්ත උත්තරය 9100....
කොලේක ලියලා හෝ කැල්කියුලේටරයකින් සුළුකර බලන්න...:D



     බලමු ඊළඟ ප්‍රශ්නේ වත්..............



෴ ප්‍රශ්න අංක 04 ෴

මේරි ගේ තාත්තට දුවලා පස් දෙනෙක් ඉන්නවා.
1. Nana
2. Nene
3. Nini
4. Nono
             පස් වෙනියගේ නම මොකක් ද?
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  -
  ~ පිළිතුර ~

උත්තරේ Nunu ද ?


නෑ. පස්වෙනියාගේ නම මේරි. ආයෙමත් ප්‍රශ්නේ කියවලා බලන්න......




කීයෙන් කීයද......??????? :D :D :D




Be the better than the Best...........................!!!!


විශේෂ ස්තුතිය Priyanka Niroshani අක්කාට

14 comments:

  1. 100න් 100 යි,
    සුභ අලුත් අවුරුද්දක් මචෝ

    ReplyDelete
    Replies
    1. 100 න් 100 නම් ගොඩ....:D
      දේශ් ටත් එසේම වේවා.....!!!!!!!!!!!!!!!!

      Delete
  2. හනේ හම්මෝ.... එකක්වත් හරි ගියෙ නෑ...මරු ප්‍රශ්න ටික.....

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්.....
      පස්සේ වත් බලමු ඈ....

      Delete
  3. ඇපෝ... මගේ උත්තර ඔක්කොම වැරදියි... ඒ උනාට ආපහු ඇහුවොත් හරියටම කියන්නම් :P

    සුභම සුභ වාසනාවන්ත පැතුම් ඉටුවන නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ආපහු....?? හැමදාම අවුරුදු නෑ හරිය...
      ඔයාටත් එසේම වේවා.....!!!!!

      Delete
  4. 100යෙන් පනහයි අන්තිම ප්‍රශ්න දෙකට උත්තර කලින්ම දැනන් හිටියේ :)

    ReplyDelete
    Replies
    1. හපොයි.....!! අන්තිම දෙකනේ හොඳම ඒවා....

      Delete
  5. තුන්වෙනි ප්‍රශ්නෙ වැරදුනානේ.

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. හයියෝ....අපරාදේ..
      එසේම වේවා.....!!!

      Delete
  6. මෙව්වට මනස විකාර වෙනවා කියලා පටන්ගත්තට රන්දුවෝ, මටනං මනස විකාර උනෙත් නෑ, කිසිම උත්තරයක් වැරදුනෙත් නෑ, එකකටවත් තත්පර දෙකතුනකට වඩා වෙලා ගියෙහ් නෑ.
    හරියට කලිං ඉඳං දැනගෙන හිටපු එව්වා ටිකක් වගේ.

    සමහර විට මේක බලන්න කලින්ම මගේ මනස විකාර වෙලා තියෙන්න ඇති මං හිතන්නෙ, නේද බං රන්දුවෝ??

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...