Friday, April 26, 2013

මිනිසුන්ගේ හදවත් දිනාගැනීමට නම් මෙය ඔබ සතු විය යුතුය............!!!

සිනහව


සිනහව යනු ඔබේ සිත නැමති නිවසෙහි කවුළුවකින් පිටට පැමිණෙන ආලෝකයකි. 
එය, සිත නැමති නිවස තුළ ප්‍රසන්න පුද්ගලයෙක් වෙසෙන බව අන් අයට පවසයි.




ජීවිතය කෙටිය. සිනහවකට වැය වන්නේ එයිනුත් තත්පරයක් පමණි.




සිනහව, සෑම දෙයක්ම සරල සහ සෘජු කළ හැකි සරල නැම්මකි.




සිනහව, දායකයන් දිළින්දන් නොකොට,ග්‍රාහකයන් ධනවත් කරයි.




සෑම කඳුළක් පිටුපසම සිනහවක් ඇත.




නිවසේදී සතුටත් නිවසින් පිටතදී හොඳ හිතත් ඇති කරන එය මිත්‍රත්වයේ සහතිකයයි.




සිනහව ආදරයේ භාෂාවයි.




එය විඩාවට පත්ව සිටින්නන්හට විවේකයයි. 
අධෛර්යයට පත්ව සිටින්නන්හට දිවා ආලෝකයයි. 
දුකින් පෙළෙන්නන් හට සූර්යාලෝකයයි.
කරදර නැමති විෂ දුරු කිරීමට ස්වභාවධර්මයෙන් ලැබී තිබෙන හොඳම විෂ නාෂකයයි.




සිනහව සඳහා කිසිවක් වැය නොවෙයි. එහෙත් ඉන් බොහෝ දේ ඉපයිය හැකිය.




පිටට දෙන තුරු කිසිම වටිනාකමක් නැති නිසා එය මිලට ගන්නට,සිඟාගන්නට,ණයට ගන්නට හෝ සොරාගන්නට නොහැකිය.




සෑම මිනිසෙක්ම සිනහවෙන්නේ එකම භාෂාවෙනි.




ඔබේ මිතුරෙකුට "සිනහව" නොමැති නම්...... ඔබෙන් ඉන් එකක් ඔහුට ලබා දෙන්න.




කුඩා ළමුන් දිනකට 400 වතාවක් සිනහ සේ. නමුත් වැඩිහිටියන් දිනකට 15 වතාවක් පමණි.
ඒ කුමක් නිසාදැයි ඔබ සිතන්නේද?




උණුසුම් සිනහව මානව දයාවේ විශ්වීය භාෂාවයි.




ඔබේ සිනහව ඔබේ ජීවිතය වඩාත් සුන්දර කරනු ඇත.




Special Thanks goes to my cousin, Priyanka Niroshani.



Be the better than the best...........!!!


12 comments:

  1. සිරා කතා ටික මචෝ. පස්ට ඇ.

    හිනා වෙලාම ඉන්ට හිතෙනව

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ..හිනා වෙලාම ඉන්ට එහෙනම්......

      Delete
  2. නියම පෝස්ටුව......පොටෝ ටිකත් ලස්සනයි....

    ReplyDelete
  3. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා.. :*

    ReplyDelete
  4. සිනහව!!!! හැමදාම හැමතැනම තියේනම්.....

    ReplyDelete
  5. ලස්සන පොස්ටුවක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....!!!!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...