Sunday, May 12, 2013

ජීවිතයට පාඩමක්.......෴

හැමෝගෙම ජීවිත වලට වැදගත් වෙයි කියලා හිතුණු කථාවක් සිතුවිලි හන්තානට එකතු කරන්න මට හිතුණා. මේ කතාව ලංකාවේ වෙච්ච එකක් නම් නෙවෙයි. පිට රටක එකක්. කියවෙන්නේ හොඳ දෙයක් නම් රට මොකක්ද කියන එක අදාල නෑ නේ නේද?

එක මිනිහෙක්ට තරුණ වයසේ පුතාලා හතර දෙනෙක් හිටියා. පළමු දැකීමෙන් කිසිම දෙයක් පිළිබඳව තීරණය කරන්න එපා කියන පාඩම තමන්ගේ පුතාලට උගන්නන්න ඒ මිනිසාට අවශ්‍ය වුණා. ඒ සඳහා ඒ පුතුන් හතරදෙනා සෘතු හතරකදී ඈත ප්‍රදේශයක පිහිටි පෙයාර් ගසක් වෙත පිටත් කර හැරියා..



පළමු පුතා ශිශිරයේදීත්, දෙවෙනි පුතා වසන්තයේදීත්, තුන්වන පුතා ගිම්හානයේදීත්, හතරවන පුතා හේමන්තයේදීත් පිටත් කර හරින්න මේ පියා වගබලා ගත්තා...

ඔවුන් ගේ ගවේෂණය අවසානයේදී පියා තම පුතුන්ගෙන් ඒ ගස පිළිබඳව විමසන්න පටන්ගත්තා..

පළමු පුතා කිව්වා " ඒ ගහ හරිම කැතැයි, ඒ වගේම බොකුටු ගැහිලා, ඇඹරිලා තිබුණා" කියලා.

දෙවෙනි පුතා කිව්වා "නෑ. ඒ ගහ හරිම ලස්සනයි. දලු වලින් පිරිලා තිබුණා. නිකං හරියට සුබ කටයුත්තක පෙරනිමිත්තක් වගේ.." කියලා.

තුන්වෙනි පුතා සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. " නෑ. ඒ ගහේ ලස්සනට මල් පිපිලා තිබුණා. ළඟට යනකොට හරිම සුවඳයි. මම දැකපු ලස්සනම ගහක් ඒක. ඇත්තටම ඒක හරි ලස්සනයි.." කියලා එයා කිව්වා.

හතරවෙනි පුතා කිව්වා. " ඒ ගහේ ගෙඩි හොඳට ඉදිලා බිමට වැටිලා තිබුණා. ඒක බලන්න වටින හරි ලස්සන දර්ශනයක්. ගහ තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගෙන වගෙයි පෙනුනේ.. "

මේ පියා තමන්ගේ පුතුන් සිව් දෙනාම නිවැරදි බව කිව්වා. ඔවුන් ගහ ලඟට ගියේ විවිධ සෘතු වල බව ඔවුන්ට පැහැදිලි කරා. ඒ නිසා ඔවුන් ගහ පිළිබඳ නිගමන වලට එළඹීමට තරම් හදිස්සි විය යුතු නැති බව කිව්වා.
ගසක් ගැන විතරක් නෙවෙයි, මිනිසෙක් ගැන වුවත් එක් අවස්ථාවකින් තීරණය කිරීම නොකළ යුත්තක් බව ඔවුන්ට මතක් කළා...

ජීවිතයේ හරය එයයි... 
ඔබ එය ශිශිරයේදී අත් හැරියොත්...
වසන්තයේ බලාපොරොත්තු,
ගිම්හානයේ ලස්සන,
සහ
හේමන්තයේ බලාපොරොත්තු ඉටු කරගැනීම් 
යන සියල්ල මඟ හැර ගනීවී......



ජීවිතයේ එක් කාලයක වේදනාවකට ඉතිරි වූ මුළු ජීවිත කාලයේම සතුට බිලිගැනීමට ඉඩ තියන්න එපා....


මේ තියෙන්නේ එකම ස්ථනයක සෘතු හතරකදී ලබා ගත් ඡායාරූප හතරක්....







8 comments:

  1. ඇත්තටම හොද පාඩමක් අපේ ජිවිත වලට.....

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්..ඒකනේ...

      Delete
  2. කථාව පොඩි උනාට...සෑහෙන වටිනා ඔවදනක් ඒ තුල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ආ..සිරා අයියා කාලෙකින්...
      ඒකනේ ඒකනේ....

      Delete
  3. මාරම වටිනාවා මචං .... ඒත් අවුලක් තියෙනවා බං ...... බ්ලොග් එකේ තෝ තියෙන හැම රෙද්දම එලලා ලෝඩ් වෙන්න පැය එක හමාරක් විතර යනවා බං . අපි වගේ කැලෑ වල ඉදන් නෙට් එන උන්ට හරි අප්සට් , දෙත තුනක් අයින් කරලා දාපංකෝ

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචං අඩුපාඩුව පෙන්නුවට...ඔන්න අනවශ්‍ය වගේ හිතුන ඒවා අයින් කරා.....:D :D

      Delete
  4. අගනා පාඩමක් නේ... පිංතුරටිකත් මරු

    ReplyDelete
    Replies
    1. පින්තූර ටික හොයාගත්තේ හරිම අමාරුවෙන්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...