Wednesday, June 12, 2013

මගේ Love Story පහ ෴



සිතින් Love
ඇසින් විඳි නුඹ
හිමි කරගන්න නොහැකිව
කුලුඳුලේ පෙම
ඇති වෙලා නැති වූ හැඩ..
ඒවි යැයි නුඹ
සිතුවෙ නෑ යළි කිසි දින



නිකං Love
පෙම්වතිය නුඹ
පළමුවර මා දිවි කත
වෙනතක බැඳුණ සඳ
නොසැලි සිටියේ පෙර දින..
පිපී නුඹ අද
පරසතු මලක් විලසින


රියල් Love
කුලුඳුලේ පෙම
යළිත් ආවා නොසිතු විලසින
වින්දෙ පෙම අප
හවුලේ සිදුකල බොරු ගොඩක් මැද..
සුළඟ සේ නුඹ
ඇදී ගොස් අද බෝ දුර
(පද හයක් මදිය ඒ ගැන කියන්නට)


බාඳුරා Love
තෙවැනි පෙම නුඹ
කිලිටි කළ මා දිවි කෙත
බඹරු වනසන
බාඳුරා මල විය නුඹ..
වනසලා පෙම්ලොව
නොදන්නා සේ ඉඳී නුඹ අද

ෆේක් Love
නුදුටු පෙම නුඹ
රැවටුවා මා හොඳටම
කළඹලා මා හද
තිඹිරි ගෙය තුළ මැරුවේ මා පෙම..
යළිත් කිසි දින
නොඑනු මැන මා දෑස මානෙට

අනාගත Love
නොවිඳි පෙම නුඹ
බලන්නෙමි නුඹ එනතුරා මඟ
තබාගමි එය
නොයන්නට හැර මගේ ලෝකය..
නමුත් ඒ ලෙස
ඒවිදෝ 'නුඹ' මගේ දිවියට

෴ රන්දු ෴


සැ.යු. - 
  • සිතින් Love = රියල් Love
  • වැඩි විස්තර විමසීම සපුරා තහනම්


10 comments:

  1. හෙහ්.... හෙහ්... මරු ලව් ටික.... :)

    ReplyDelete
  2. අද්දැකිමෙන්නේ කියන්න ඇත්තේ ඉතිං අපි අහන්නේ නෑ ඔන්න

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන් නේන්නම් නලීන් අයියේ...";)"

      Delete
  3. සෑහෙන හොදට හැම එකම ගැන දන්නවනේ බලාගෙන යද්දී..

    ReplyDelete
    Replies
    1. ඒත් පලක් වෙලා නෑ නොවැ. ඒකනෙ අවුල.

      Delete
  4. හැක හැක..මොනවත් අහන්න එපා කියල කිව්වනේ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...