Monday, August 5, 2013

ඇයි කෙල්ලෝ ගොඩක් බොරු කියන්නේ......???

සෑහෙන්න කාලෙකට පස්සෙයි සිතුවිලි හන්තානෙන් ඔයාලව මුණගැහෙන්නේ.
"මොකද දැන් බ්ලොග් එක ලියන්නැත්තේ..?"
"සිතුවිලි හන්තාන පාළුවට ගිහිල්ලා.."
"ඔයාගේ ටෝක් තියෙන ලින්ක් එකක් නැතුව දැන් නිව්ස් ෆීඩ් එක පාළුයි."
"රන්දුනුට දැන් කවි අමතක වෙලාද..?"
"ලඟදි සිංදුවක් එහෙම ලිව්වේ නැද්ද? ට්‍රාන්ස්ලේට් කරෙත් නැද්ද..?"
කියලා සැරින් සැරේ මගෙන් අහපු සිතුවිලි හන්තාන ගැන හොයලා බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.
ඇකඩමික් වැඩත් එක්ක හිර වුණාම ටිකක් මේක ලියන එක අතපසු වෙනවා තමයි......

වල් පල් පැත්තක දාලා අද ලියන්න ආපු දේ ගැන කතා කරමුකෝ...
(කෙල්ලොන්ගෙන් නොසෑහෙන්න බැනුම් අහන්නයි මං මේ හදන්නේ ..... :p)





           සාමාන්‍යයෙන් බොරු කීම කියන දේ අපි අපේ ජීවිතේ මොනම අවස්ථාවක හෝ කරන/කරපු දෙයක්. හොඳකට, නරකකට, විපතකට, විහිළුවකට, සාධාරණ හේතුවකට ඒ බොරුව පදනම් වෙන්න පුළුවන්.

කෙල්ලෝ වැඩිපුර බොරු කියනවද.......?



          මේ ලිපියට කාන්තා පාර්ශවයෙන් දරුණු විවේචන එල්ල වෙන්න පුළුවන්. "කෙල්ලෝ විතරද බොරු කියන්නේ" , කෙල්ලොන්ට වඩා කොල්ලෝ බොරු කියනවා", "ඔයාට මුණගැහුන කෙල්ලෝ බොරු කියන්න ඇති. ඒත් හැමෝම එහෙම නෑ." වගේ නොයෙක් දේවල් මේකට එරෙහිව කියයි. මම මේ කතා කරන්න ලැහැස්ති වෙන්නේ "කෙල්ලෝ" ගැන මිසක් විවාහක කාන්තාවන් ගැන නම් නෙවෙයි.

(විවාහක යුගලයක් ගැන සැලකුවම නම් වැඩිපුර බොරු කියන්නේ පිරිමි පාර්ශවය කියලා කට්ටිය කියනවනේ.....)

කාන්තාවන් දුර්වලයි.........!!!


          කාන්තාව කියන්නේ උපතේ ඉඳන්ම දුර්වල චරිතයක්(පිරිමියාට සාපේක්ෂව). අකමැත්තෙන් වුණත් කාන්තාවන් හැමෝටම ඒ දේ පිළිගන්න වෙනවා. උදාහරණ ගණනාවකින් ඒක ඔප්පු කරන්න වුණත් පුළුවන්. සම වයසේ වැඩුණු සාමාන්‍ය කොල්ලෙක් සහ සාමාන්‍ය කෙල්ලෙක් රණ්ඩු වුණොත් කෙල්ලෙක්ට අත්වෙන ඉරණම ගැන සිතීමම ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඔය වගේම කතාවක් කවුදෝ කෙනෙක් කොහේ හරි කියලා තිබුණා මෙන්න මේ විදියට.
"කාන්තාවන්ට සමතැන දෙමු කියලා කතා කරන අයගෙන් අහන්න තියෙන්නේ එක දෙයයි. ඇයි එහෙනම් ඔලිම්පික් තරඟ වලට දෙගොල්ලොම එකට තරගයේ යොදවන්නේ නැත්තේ....? කියලා."
( ම්ම්....දැන් පිළිගත්තා නේද කාන්තාව දුර්වලයි කියලා. හරි අපි මේ ලිපියේ ඉස්සරහට යමු)

          කාන්තාව මේ දුර්වල බවෙන් නැඟී හිටින්න කොච්චර උත්සාහ කරත් ඒක අසාර්ථක වෙන්නේ පරිණාමීය හේතූන් නිසා. අපේ ආදී වානර මුතුන් මිත්තලාගේ පරපුරේදී ස්ත්‍රී පාර්ශවය ගුහා ආරක්ශා කිරීම, දරුවන් හදාවඩා ගැනීම, වගේ වැඩ කරද්දී, පුරුශ පාර්ශ්වය සතුන් හඹාගොස් දඩයම් කිරීම, කෑම සෙවීම වගේ බොහොම වෙහෙස මහන්සි වෙන, ශරීර ශක්තිය වැඩිපුර යෙදවෙන වැඩ කරා. ඉතින් කාලයක් තිස්සේ මෙහෙම පරිණාමය වීම නිසා පිරිමියා ශක්තියෙන් අනූන ශක්තිමත් තැනැත්තෙක් බවටත්, කාන්තාව දුර්වල තැනැත්තියක් බවටත් පත් වුණා.

කාන්තාවන්ගේ ශක්තිමත් ලක්ෂණයක්......?

          මේ විදියට එක් අංශයකින් කාන්තාව දුර්වල චරිතයක් බවට පත් වුණත් තවත් පැත්තකින් බොහොම ප්‍රබල චරිතයක් බවට පත් වුණා.

අදහස් ප්‍රකාශනය හා අදහස් හුවමාරුව 
මෙන්න මේ කියන ලක්ෂණය බොහොම ප්‍රබල විදියට ඉස්මතු වෙන්නත් පරිණාමීය හේතු බලපෑවා...
පිරිමි දඩයම් කරන්න ගුහාවෙන් එළියට බැහැලා ගිය මොහොතේ ඉඳන් ස්ත්‍රිය දරුවෝ එක්ක තනිවෙනවා. දරුවෝ නළවන්න,සතුටින් තියන්න කතා කිරීම/අදහස් ප්‍රකාශණය ගොඩක් ප්‍රයෝජනයට ගන්න ස්ත්‍රියට සිද්ධ වුණා. ඒ වගේම ගුහාවල ඉන්න අනිත් ස්ත්‍රීන් සමඟ අන්තර් සම්බන්ධතා පැවැත්වීම නිසා මේ ලක්ෂණය තවත් තීව්‍ර වුණා.
( මේ වෙනකොට කෙල්ලෙක් එයාගේ යාළුවෙක්ගේ ගෙදර දවසක් දෙකක් නැවතිලා ඉඳලා ආවට පස්සෙත් ෆෝන් එකෙන් පැයක් දෙකක් කතා කරන්න දේවල් ඒ දෙන්නට තියෙන තරමටම මේ ලක්ෂණය තීව්‍ර වෙලා )

         ඉතින් මෙන්න මේ දුර්වල බව සහ අදහස් හුවමාරුවේ දක්ෂතාව කියන ලක්ෂණ දෙක නිසා තමයි කාන්තාව බොරු කියන්න මේ තරමටම පෙළඹෙන්නේ. මේ බොරු කීම වැඩිපුරම සිද්ධ වෙන්නේ තමන්ගේ 'තාවකාලික' සහකරුට. අන්තර් පුද්ගල අවබෝධය හා අනොන්‍ය ආදරය කියන සියුම් හැඟීම් වලට අමතරව දෙන්නෙක් අතර සම්බන්ධතාවක් පවත්වන්න තවත් ඉටුකළ යුතු දේවල් රාශියක් තියෙනවා. ( කවුරු කොහොම කිව්වත් ආදරය විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ ). ඉතින් අන්න ඒ ඉටු කළ යුතු දේ රාශියෙන් සමාජයේ පුරුෂයාට කළ හැකි දේ විශාලයි. ( පොඩිම උදාහරණයක් ගත්තොත් 'මල් කඩන' බොහෝ යුගලයන්ගෙන් කෝල් එක ගන්නේ කොල්ලා, ඒ වගේම රී ලෝඩ් දාන්නෙත් කොල්ලා ). මේ වගේ දේවල් බොහොමයක් සම්බන්ධයෙන් පුරුෂයා මූලිකත්වය අරන් කටයුතු කරනවා.

         ඉතින් මේ සියලු කාරණා සලකා බලනකොට නැවතත් කාන්තාව 'දුර්වල' කියන තැනට පත්වෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමන්ගේ තත්ත්වය ඉස්මතු කරන්න, දුර්වලතාව වහගන්න, පිරිමියා හා සමතැනට පත්වෙන්න කාන්තාවන් තමන්ගේ තීව්‍ර ලක්ෂණය ප්‍රයෝජනයට ගන්නවා. අදහස් ප්‍රකාශණය හා අදහස් හුවමාරුව. මේක ඇදගෙන යෑම සඳහා බොරුව කියන දේ මතු වෙන්නේ ඊට පස්සේ..........
( අදහස් ප්‍රකාශණය කියන ලක්ෂණය තීව්‍ර වීම සම්බන්ධතා පවත්වන හැම කොල්ලෙක්ටම වගේ එක්තරා වාතයක් කියලා නම් පිළිගන්න වෙනවා නේද...)




        පරිණාමයෙන් කාන්තාවන්ට ලැබෙන මේ 'වර්ණවත් බොරු කීමේ හැකියාව' මෙයාලා ප්‍රයෝජනයට ගන්නේ තමන්ගේ සහකරුවට පමණක් නෙවෙයි. සම්බන්ධතාවක් පටන්ගන්න ආසන්නයේදී වගේම සමාජ මත ප්‍රචාරණය කරන්න (කේලම් ‍x 7) මේක බහුලව යොදා ගන්නවා.
( ගම අවුලඤ්ඤං රට පටලඤ්ඤං.....)

          හැබැයි මතක තබාගතයුතු වැදගත් දෙයක් තමයි ස්ත්‍රියකට ආවේණික මේ බොරු කීමේ හැකියාව එයාගේ දුර්වලතාව ජයගන්න එයා විසින් යොදාගන්න අහිංසක දක්ෂතාවක් කියන දේ. ඒ වගේම මේ හැකියාව තිබුණත් ප්‍රයෝජනයට ගන්නේ නැති බවලත් උදවියත් ඉන්නවා කියන දේත් මතක තියාගන්න ඕනි. හා.... තවත් දෙයක්, කවුරු හරි මේ දක්ෂතාව හොඳින් තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට කාන්තාවක් තේරුම් ගැනීමේ යම් සැලකිය යුතු මට්ටමකට ළඟාවෙන්න පුළුවන් වෙනවා වගේම හොඳ සහයෝගයකින් ජීවත් වෙන්නත් පුළුවන් වෙයි. (පෞද්ගලිකව මම නම් තවම ඒ සම්බන්ධයෙන් අසමත් )

සැ.යු -
~  ඉතා කල්ගතවූ / ගැඹුරු ආදර සම්බන්ධතා වලදී ස්ත්‍රිය මෙම සාමාන්‍ය බොරු කීමේ හැසිරීමෙන් තරමක් අපගමනය වෙන බවත්, සම්බන්ධතාවක් ඇති කරගැනීමට පෙර බොරු කීම වැඩි බවත් සොයාගෙන ඇත.

~ මෙම ලිපියෙන් පැවසෙන්නේ පුරුෂ පාර්ශවය බොරු නොකියන බව නොවේ. පුරුෂයාට සාපේක්ෂව ස්ත්‍රිය වැඩියෙන්ම බොරු කියන බවයි.

~ විවාහයෙන් පසු මෙය කණපිට හැරෙන බව සිහිතබාගත යුතුය.

~ මෙය බහුතරය උදෙසා මිස 100% ක් වූ කාන්තා පාර්ශවය උදෙසා සත්‍ය නොවිය හැකිය.


මූලාශ්‍ර -

Why Men Lie and Women Cry by Allan PeaseBarbara Pease

~ නිරුවත් වානරයා - ඩෙස්මන්ඩ් මොරිස්
~ ගැහැණු සහ පිරිමි මෙතරම් වෙනස් ඇයි - පරිවර්තනය ආරියරත්න චන්ද්‍රවංශ
~ මගේ මිතුරන් කිහිප දෙනෙකුගේ අත්දැකීම්
~ මගේ අත්දැකීම් හතරක් :D

Images from http://www.punjabigraphics.com/women-quotes-women-lie-better/
                    http://www.dailytelegraph.com.au

4 comments:

  1. ඒක කාන්තාවන්ට ජාන වලින් උරුම වල ලක්ෂණයක්

    ReplyDelete
  2. කියවනකොටම හිතුනා naked ape එකෙනුත්
    අදහස් ගන්න ඇති කියලා...කතාව නම් ඇත්ත තමා....

    ReplyDelete
    Replies
    1. පරම සත්‍ය තමයි බං...:D

      Delete

Related Posts Plugin for WordPress, Blogger...