නුරා මුසු මදහස….
අරා නෙක සනහස….
ගජිඳු දළ සිසිළස….
විඳිමි ඒ සුව නිවා සරතැස…….
සොරා ගත් සිත යට....
විරහ රස යට කොට....
අසිරි සිරි බඳ වට....
යැවුණි දෑතම එරන්වන් වට......
සරා ඇඳි නෙතු කොඳ....
නොපිය පිය වෙන සඳ....
බලමි රස මුවරද....
සුවය දෙවමින් හංස සිසි බඳ.......
බුරා නැගි ගිනි සිත....
සරා ගිනි දෙන මත....
සලා මුව ඇය වත....
කිමිද බැලුවෙමි හංස විල මත......
ගිරා පොව්වකු වට....
නෙළුම් පෙති එක්කොට....
වැයූ වෙණ සරයට....
නොමැත උපමා එවන් වරයට......
෴ රන්දු ෴

:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
ඇත්තට..?? ;)
ReplyDeleteනෑ බං. හීනෙන්.....o.O
Deleteහීනෙන් වුණත් ලස්සණ යි පද වැල.
Deleteතැන්කිව්....ඔව් ඔව්. පද වැල.....;)
Deleteමොනා වුනත් කවිය නම් ලස්සනයි..
ReplyDeleteමොනා උණත් කිව්වේ මොකෝ දන්නෑ.....;)
Deleteතැන්කිව් ඈ....
This comment has been removed by the author.
ReplyDeleteකවිය ලස්සනයි රන්දු...බොට කවි ලියන්නත් පුලුවන් කියලා මම දන්නෙ අද නොවැ...
ReplyDeleteහෑ.....හත්වලාමයි. මගේ පළවෙනි කලාකාමී වැඩෙත් කවියක්.....:D
Deleteමේකේ තව ඇති....
උපමා ටික කියවනකොට බය හිතෙනවා, අෆ්‍ෆා. ඒ වුණාට ලස්සණ යි!
ReplyDeleteඅනේ ඉතින් ඔය බය හැමෝටම දැනෙනවත් ඇති නේ(ඇත්තට)
Deleteතැන්කිව්..........
කුණුහරුප ලස්සන වචන දාලා ලිව්වම කවි කියලා හිතන එවුනුත් ඉන්නවනේ අම්මපා.......
ReplyDeleteඑහෙනම් රාහුල හාමුදුරුවෝ ලියපු සමහර කවි වලට කවුරුත් කවි කියලා කියන්නේ නැති වෙයි ඕං...
Deleteහුකෑස්...අහෝ අවසාන කවිය!
ReplyDeleteබොට ඉන්න තිබුණේ සංදේශ ලියන කාලේ.
අවසාන කවිය නේ....;)
Deleteහොඳ වෙලාවට ඒ කාලේ හිටියේ නැත්තේ....:p
අම්මෝ...... (වචන ටික ලස්සනයි)
ReplyDeleteලස්සනට ගලපා
Deleteලියා ඇති මේ වදන් සමුදා
එහි අරුත පහදා
ගත්ත කල මම කියමි ඉහතා...
මහී මෙහි අරුත නම්....
Deleteවටහ ගන්නේ නැතිව ඉඳපන්......:p
අගෙයි අගෙයි...
ReplyDeleteස්තූ....තියි.......!!!
Deleteඅප්පේ සැර මේ කවි ටිකේ
ReplyDeleteඅන්න තේරුණා අගේට.....සැරයි නේන්නම්.....
Deleteආයෙත් මේ පැත්තෙ එන්න ඈ.....
සංදේශ කාව්‍යක් වගේ.. කවිය වගේම වචන ටිකත් පට්ට..
ReplyDeleteමාතලන් අයියා සාදරෙන් පිළිගන්නවා සිතුවිලි හන්තානට.
Deleteබෝම ස්තුතියි අයියේ.......
ආයෙත් එන්න.....
ඔයා වගේ දක්ෂ නිර්මාණකරුවෙක් අඳුනා ගන්න ලැබීම සතුටක් රන්දු. බොහොම ගැඹුරු අදහසක් සුගම පද වැලක හංගන්න ඔයාට තියෙන්නෙ අපූරු දක්ෂතාවයක්. කියවෙන අදහස නම් පට්ට සැරයි නෙව.... හික්ස්! ඔහොම කියාපු එක හොඳට ගියා.
ReplyDeleteබොහොම ස්තුතියි අගය කිරීමට....
Deleteව්‍යංගාර්ථයෙන් කිව්වට එක පාරට අදහස් දෙකක් ගන්න මේ නිර්මාණය අපොහොසත්. මම තාමත් උත්සාහ කරනවා ඒ වගේ කවි ලියන්න. ඒ අතින් ඔයා superb.....!!
මේං මේ කවියෙන් කියන්න හදන කතාව සේරම තේරේද කියලා බලන්ටකෝ...
Deletehttp://bassigenawathana.blogspot.com/2013/08/blog-post_36.html
අදාළ කෙනාට නම් තේරුනේ නෑලු ඉතින්. හික්ස්!