Friday, December 13, 2013

තාවකාලික ආදරවන්තිය ෴




නෙතට ගැටෙනා රුසිරු සරිනා නුඹේ වත හද සසළනා...
දකින දකිනා විටදි නුඹ මා සෙනෙහසින් කිලිපොළවනා...
ලොවම කියනා ලෙසට උවිනා නුඹ හැඩයි හිත පවසනා...
නෙතඟ සරනා සිතුම් අමුණා කියන බස මා සඟවනා...



දිනෙන් දින මා නුඹට බැඳුණා කෙළිලොලින් හිත පුරවනා...
කනට ඇසෙනා හඬත් සිත මා නුඹට බැඳි පෙම දලු ලනා...
සිතින් රැකි මා පැතුම් බිඳුණා සැවොම මා හිත අවුලනා...
නිතර ඔබ හා රැඳිල තිබෙනා දුරකතනෙ හද බිඳවනා...



පැතුම් පුරලා නමත් සොයලා ෆේස්බුකියම පීරනා...
එහෙත් නුඹ හා පෙමක් පුරනා කෙනෙකු වේ යැයි කිව්සැනා...
නුඹේ රුවිනා "සොයුරි" සිටිනා බවක් නෙත ගැටි එසඳිනා...
සිතින් ඔබ මා අතැර දැමිනා ඇයව සොයනට පෙළඹිනා...



෴ රන්දු ෴

Image : 

37 comments:

  1. සිහින ලෝකේ හැටි ඔහොමමයි එකින් එක ඒ කාරණා
    පියවි ලෝකෙට වැටෙන විටදිම සිහිනයෙන් මෙන් වැටහෙනා... :)

    ලස්සනයි. අත්දැකිමක්ද???


    ReplyDelete
    Replies
    1. යෙස්.....අත්දැකීමක්.....හැබැයි අත්විඳීමක් නෙවෙයි......:)
      ඒ සිහින ලෝකේ කොච්චර සුන්දරද නේද....ඒ ලෝකෙම ඉන්න පුළුවන් නම්....................

      Delete
  2. එල හොදට ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. අනුප්‍රාසය රැකගන්න සෑහෙන්න උත්සාහයක් දැරුවා.....බෝම ස්තුතියි මහී.....!!

      Delete
  3. fb එක හරහා ලංවෙනවා කියන්නේ නම් පරිස්සම් වෙන්න ඕන කාරණයක් හැබැයි

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව්....දනිමි අත්දැකීමෙන්ම....මේක ෆැන්ටසියක්.....

      Delete
  4. කවිය එල.. මාත් ඉතින් බුකියෙන් ලවු කරන මනුස්සයනේ..

    ReplyDelete
    Replies
    1. තැන්කිව් අයියේ...දෙන්නා බුකියෙන්ම බඳියිද මන්දා.....o.O

      Delete
  5. ඔය වැඩෙනම් හරියන්නෙ නැ පුතො.දැන් නැගිටපන් එලිවෙලා

    ReplyDelete
    Replies
    1. නැඟිටලා බලද්දී ඒකී වෙන කොල්ලෙක් එක්ක මියුසිකල් ශෝ එකක් බලනවා.......:v

      Delete
  6. හාපායි පුතේ මේ මුණුපොතේ ලව් වැඩිපුරම තියෙන ඉලව් වෙන විදියට. සාර කවියක්..

    ReplyDelete
    Replies
    1. මේක නම් මූණුපොතේ ලව් එකක් නෙවෙයි ඈ...මනෝ රාජ්ජයේ එකක්....
      බෝම ස්තුතියි.....!

      Delete
  7. සැහ්! මං උබේ කවි මම දැක්කෙ ලඟදි .. ඒක පට්ට්ටම ලස්සනයි මචං රන්දු :)

    ReplyDelete
    Replies
    1. ආ...තැන්කිව් මචං....හෙන ගේමක් දුන්නා මේක ලියන්න....^_^

      Delete
  8. මචෝ ඔය ලෝකේ එච්චර හොදමදී..ඉක්මනට අලුත් ලෝකයක් හොයාගත්තොත් හොදයි..

    ReplyDelete
    Replies
    1. ඒක නම් මටත් තේරීගෙන එනවා.....මොනා කරන්නද අප්පා....

      Delete
  9. හොඳ යි හොඳ යි. මොකෝ මේ තැන් තැන්වල අකුරු ලොකු කරලා?

    ReplyDelete
    Replies
    1. ඒකෙන් විශේෂ අකුරු මතු කරා... ඒ වගේම ඒකෙන් අමුතු ලස්සනක් එනවා කියලා හිතෙනවා....

      Delete
  10. ලස්සනයි ලස්සනයි... ඉතින් ඒ හීනෙට පණ දෙන්න අදහසක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ...මේක නිකන්ම නිකන් හීනයක් විතරයි....:D

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. නියමයි :)ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ම්ම්....බෝම ස්තුතියි.....!!

      Delete
  13. ලස්සනයි ලස්සනයි. අපූරු සංකල්පනාවක්... අන්තිමට ඔහොම වෙයි කියලා හිතුනෙම නෑ මුල් කවි ටික කියවද්දි.

    ReplyDelete
    Replies
    1. හිතන්නෙ නැති දේවල් කොච්චර නම් වෙනවද බස්සී......
      බෝම ස්තුතියි....!!

      Delete
  14. කවි පද ටික ලස්සනයි ............. අපි නම් ඉතින් ෆේස් බුක් නැහැ .......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.....!!!

      Delete
  15. මලයා තාම අරයා ගැන හිතනවා නේද...ඔහොම කාලයට ඉඩ දෙමු...වේදනාව අඩු වෙයි..

    ReplyDelete
    Replies
    1. ඒ....අපෝ නෑ....දැන් නම් එයා ගැන හිතන්නෙම නෑ... මේ නිකං මනෝ විකාරයක්......!!!

      Delete
  16. හ්ම්ම්...........ඔය ෆැන්ටසියෙන් එළියට එන්ට.....ලස්සන සුරංගනාවියක් කොහේ ඉඳන් හරි ඒවි වෙලවට...

    ලස්සනයි කවි ටික...ෆේස්බුක් අත්දැකීම නම් නෑ අපට ;)

    ReplyDelete
    Replies
    1. අපි කවි ලියන්නෙම ෆැන්ටසිවල ඉඳන් නොවැ...^_^
      කිව්ව විදියෙන් නම් අත්දැකීම් නෑ වගේ තමයි....:p

      Delete
  17. //පැතුම් පුරලා නමත් සොයලා ෆේස්බුකියම පීරනා...\\
    මේකනම් මටත් පොදු වෙච්ච කාලයක් තිබුනා :(

    ReplyDelete
    Replies
    1. :D දැන් ගොඩක් උන් ලව් කරන්නේ බුකියෙන් නොවැ....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...