Friday, December 27, 2013

නගර සෝබනියකට ආදරය කිරීම.....෴




වින්ද ප්‍රේමය ඔබෙන් සොඳුරුයි කියා මා හිත කියනවා... 
කැන්දවා සිත කයෙන් විමසයි කොහිද ඔබ දැන් අහනවා... 
ගින්දරක් එය සිතෙන් කියවෙයි නමුත් ඔබ යළි පතනවා... 
බැන්ද සිත මත හෙමින් ඇවිදියි සිතෙන් සිත යළි මවනවා... 


සැමට අයිතියි කියා සිතුවන් නුඹේ හිත නැත හඳුනනා... 
නුඹට පමණයි එවන් පැතුමන් කයට එය නැත හිමිවනා... 
කයට හිමිවෙයි ලොවේ අවමන් සිතම එහි බර කියවනා... 
ලොවට නොකියයි ඔබේ හැඟුමන් මටයි ඒ සිත හිමිවෙනා... 


සිහින් හැඬුමන් පැවසු දුක් ගී වෙනෙකු සවනත නොවැකෙනා... 
උපන් හැඟුමන් තිඹිරි ගෙය තුල මැරුව බව ඔබ නොකියනා... 
ඇසෙන් සඟවන් කඳුළු කැටයම් මිලට රැඟුමන් දක්වනා... 
සිතෙන් පිනි මෙන් පිරිසිදුයි නුඹ අන් කෙනෙකු එය නොදනිනා... 


සිරුර ඔබෙ පුද කෙරුවෙ දුප්පත් කමට මා එය දන්නවා... 
පවරගෙන ඔබෙ සිරුරෙ නිදහස ඔවුන් බොරු සිල් ගන්නවා... 
ඉසිර සුව කය දැරුවමුත් නුඹෙ සිතෙහි සුව නෑ හැඟෙනවා... 
අඳුර දුරලන තරුව වන්නට වරම් මා දැන් යදිනවා… 


෴ රන්දු ෴ 

(ඇලෙක්සන්දර් දියුමා ගේ The Lady of the Camellias- 'හිම අතර' කියවීමෙන් ලැබූ මානසික උත්තේජනයෙන් රචනා කෙරුණි.....)

40 comments:

  1. "සිරුර ඔබෙ පුද කෙරුවෙ දුප්පත් කමට මා එය දන්නවා... "
    ගොඩක් ගණිකාවන් දුප්පත් කමට තමා මේකට ඇදවැටිල තියෙන්නෙ...ඒත් වෙන හේතුත් තියනව බන් සමහර අයට...හොදට සල්ලි තියන පවුල්වල අයත් ගණිකාවො වෙලා තියනවා :)
    ලස්සනට ලියල තියනවා හොද නිර්මානයක් :)

    ReplyDelete
    Replies
    1. ඔව් බං... ඒක නම් ඇත්ත...සමහර ඒවාට හේතු හොයන්නත් අමාරුයි. ඒ තරම්ම සංකීර්ණයි....
      බෝම ස්තුතියි.....!!!

      Delete
  2. මා ලියූ එකක්

    බාඳුරා මලකට පෙම් බැඳි සමනලයෙකුගේ ගීතය

    දහස් ගනන් බඹර කැලට පෙම් මදිරා බෙදනා
    අමල්බිසෝ නුඹ මලකිය මද සුළෙඟ් සැලෙනා
    බාඳුරා රේනු සුවඳින් මගෙ ලෝකය පිරුනා
    සිතේ උපන් කුළුඳුල් පෙම නුඹට දෙන්න සිතුනා

    http://kathandara.blogspot.com/2012/03/blog-post.html

    ReplyDelete
    Replies
    1. ක.කා අයියත් මේ පැත්තේ ඇවිත්...බෝම ස්තුතියි ආවට....
      මමත් බාඳුරා මලක් ගැන කතාවක් ලිව්වා අයියේ......:)
      මං ඔය කිව්ව නිර්මාණයත් බලන්නම්.....

      Delete
    2. පේරා කස්ටියට මේ මාතෘකාව හරිම සමීපයි නේද? කකා රන්දු රන්බණ්ඩා මේ හැමෝටම මේ විෂය මාතෘකාවක් වුණා

      Delete
    3. පේරා කියලා විශේෂයක් නෑ ඉතින්...^_^
      කියෙව්ව පොතකට වහවැටිලා තමයි මං නං මේක ලිව්වේ......

      Delete
    4. ඇයි දිලිනි ඔය යටින් දාලා තියෙන්නේ....
      ඇලෙක්සැන්ද්‍ර් දියුමා ගේ The Lady of the Camellias, සිංහල පරිවර්ථනය 'හිම අතර' හොයලා බලන්නකෝ...මං කියෙව්වේ පේරා ලයිබ්‍රියෙන්.....

      Delete
  3. ලස්සන නිර්මාණයක්.. සුබ පතනවා...!!!

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි මහී......ජයවේවා....!!!!

      Delete
  4. හ්ම්ම් දැන් දැන් ලියෙවෙන සිද්ධියක්. කවිකමේ උත්සහය අගේයි

    ReplyDelete
    Replies
    1. හ්ම්....කට්ටිය මේ ගැන හුඟක් ලියලා වගේ තමයි.....

      Delete
  5. ඔබද පටාචාරාවකී...
    ඔබද කිසා ගෝතමියකි...

    ලස්සන නිර්මානයක් රන්දු අයියෙ :)

    ReplyDelete
    Replies
    1. ඕක කියෙව්වම අපේ තාත්තත් කිව්වේ ඕකම තමයි.....
      බෝම ස්තුතියි සමියෝ....

      Delete
  6. මට හිතෙන්නේ මේක ආදරයකට වඩා අනුකම්පාවක්. ඒ වගේ කෙනෙක්ගේ ජිවිතේ බේරාගෙන යහපත් කරන්න ඔඑන් කියලා හිතේ ඇතිවන හැඟීම ද දන්නේ නෑ මෙහෙම වෙන්න හේතුව.

    ReplyDelete
    Replies
    1. ඔව්...මටත් හිතෙන්නේ එහෙමයි....ඒත් ඒක දිගුකාලීන වෙනවනං ඒක ආදරයක් වෙනවා....

      Delete
  7. සාධාරණ විනිශ්චයක්. සුබපැතුම් කවියට. සුබ අළුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ....ජයවේවා!!
      සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!

      Delete
  8. අගනා නිර්මාණයක් මේ සඳැස් කවි බ්ලොග් ගත කරද්දී මෙන්න මේ සයිට් එක භාවිත කරන්න ලස්සනට එළිවැට එනවා එතකොට http://siwpada.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ආ....ඒක නම් බොහොම වටින උපදෙසක් නලීන් අයියේ....බොහොමත්ම ස්තුතියි ඒක කිව්වට....

      Delete
  9. ලස්සන කවියක්. මාත් ඕම එක්කෙනෙක් ගැන පොඩි අස්පට් කයියක් ලිවුවා දවසක්.

    http://bassigenawathana.blogspot.com/2013/12/blog-post_4647.html

    ReplyDelete
    Replies
    1. ම්ම්...ස්තුතියි බස්සියෝ....
      මං ගිහින් බලන්නම් කෝ.....

      Delete
  10. අදහසත් ලස්සනයි, කවියත් ලස්සනයි. නියමයි

    ReplyDelete
    Replies
    1. ම්ම්....බෝම ස්තුතියි.....

      Delete
  11. එහෙම කෙනෙක් ගැන ආදරයක් ඇතිවුණත් පස්සෙ වුණත් හිතෙන්නෙ නැද්ද තමන්ට වැරැද්දක් කරගත්තා වගේ හැඟීමක්? අනුකම්පාව නිසා නෙවෙයිද එහෙම දෙයක් කරන්න පෙළඹෙන්නේ?

    මොනව වුණත් කවිය නම් නියමයි...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්.....තමන්ට වැරැද්දක් කරගත්තා වගේ හැඟීමක්.....??
      මට හිතෙන හැටියට නම් එහෙම වෙන්න විදියක් නෑ..මොකද තමන් එයාට කැමති වෙන්නේ යම් යම් කාරණා මත නේ.. අනික යොවුන් ආදරේ වගේ බොළඳ තීරණයක් නෙවෙයි නේ.....
      එක අතකට ඔයා කියන එකත් හරි.
      "කවුරු කොහොම මොන පොර ටෝක් එක දුන්නත් ආදරේ දී අපි කවුරුත් බොළඳ සමනල්ලු...."

      Delete
  12. එපා ආශා පොදි බඳින්නට මැරෙනවා අපි මැරෙනවා...!!!

    නියමයි රණ්දුවෝ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ඒත් නිරාමිස ආදරයක් කොහෙන් හොයන්නද....
      බෝම ස්තුතියි.....

      Delete
  13. \කයට හිමිවෙයි ලොවේ අවමන් සිතම එහි බර කියවනා..\ මේ තත්වෙට වැටෙන්න හුඟක් හේතු තියෙනවා..

    පද වැල් ටික නම් හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ඔව්...මාත් එහෙම හිතනවා....
      බෝම ස්තුතියි තුශානි...

      Delete
  14. මේකනේ බං සම්මතයත් අසම්මතය උණු ලෝකේ අසම්මතයට හිත යාම අරුමයක්!

    ReplyDelete
    Replies
    1. ඒකත් එක අතකට ඇත්ත. මිනිසා යනු ගවේශණශීලී සත්වයෙකි. ඒ නිසා අසම්මතයට පෙම් කරන්න තමයි බලන්නේ....

      Delete
  15. අමරසිරි පීරිස් මහත්තයගේ සින්දුවක් තියෙන්නෙ ලදුනේ කියල..එකත් මේ වගේ.මේ වගේ කිව්වට මේ තේරුම නෙවෙයි..මේ වගේ උසස් ගනයේ ප්‍රබුද්ධ නිර්මාණ..

    ReplyDelete
    Replies
    1. ඒ ගීතය ලියවුනේ නැසීගිය නීතිඥ රංබණ්ඩා සෙනෙවිරත්නයන් අතින්...නඩුවක කටයුත්තකට නුවර උසාවියට ගිහිල්ලා ඒ කටයුතු ආරම්භ වන තුරු දළදා මාළිගයය වදින්න ගිහිල්ලා තියෙනවා එතුමා....ඒ වෙලාවෙ සුදු ඔසරියකින් සැරසිලා නෙළුම් මල් පොකුරක් සමග පැමිණි කාන්තාවක් එතුමාගේ මිතුරෙක් විසින් පෙන්නලා.... ඇය ගණිකා වෘත්තියේ නිරත වන කෙනෙක් බව පවසා තියෙනවා. නවාතැනට ආ පසු උදේ කාලයේ තමන්ගේ සිතට සමීප වූ කලින් කිව් සිතුවිල්ල නිසාම මේ පද පෙල ලියවුනු බව තමයි මම අසා තියෙන්නෙ...

      Delete
    2. ඒ සින්දුව මම ගොඩක් ගරු කරන නිර්මාණයක්...ඒකේ හරිම ලස්සන යෙදුම් තියෙනවා...
      "දෙනෝ දහක් අතගත්තද සැමියෙකු නැති ළඳුනේ..."
      "කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ..."
      "ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ..."
      ඒක හරිම ලස්සන රස විඳිය හැකි නිර්මාණයක්....

      Delete
    3. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙ....අමරසිරි පීරිස් කියන ගායකයා එක රැයින් ජනතාව අතරට ගියේ ඔය ගීතයෙන්...

      Delete
  16. මේකනේ මලේ කාරණේ...තිරය පිටුපස කම් සැප විදලා එළියට ආවම සැප විදපු එකාම නොවැ නගර සෝභනියට බනින්නෙ...හරියට එයා තනි අතෙන් අත්පුඩි ගැහුවා වගේ...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි පිළිකුල් සහගතම සිද්දිය......:/

      Delete
  17. ඈත අතීතයේ සිටම සිදු වන දෙයක් නෙව ඔය කෙංගෙඩිය. නිර්මාණයට සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්. පැරණිම රස්සාව ලු නේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...