ලියන්න කොච්චර දේවල් තිබුණත් ලියන්න හිතෙන්නෙ නැති එක නම් හරිම ඛේදජනක තත්ත්වයක්. එහෙම තත්වයක් යාන්තන් මඟහැරගෙන මේ ලියන්න ලැහැස්ති වෙන්නේ 1980 දශකයේ කවි සඟරාවක් ගැන. මුතු කවි සඟරාව ගැන මම කලින් චුට්ටක් විතර කිව්වා. ඒ මගේ පළවෙනි කවි නිර්මාණය සහ ඒ ඔස්සේ මං මෙතෙක් ආපු ගමන් මඟ ගැන ලියපු පෝස්ට් එකේ... ඒ ලිපියෙදි මම පොරොන්දු වුණානේ ඒ සඟරාව ගැන සවිස්තරාත්මක ලිපියක් ලියන්නම් කියලා. මේ ඒ පොරොන්දු ඉෂ්ට කිරීම තමයි.....
අපේ තාත්තා ගේ ගම( ඒ කියන්නේ මගේ නිජභූමිය) ගාල්ල දිස්ත්‍රික්කයේ බටපොළ කියන සුන්දර ගම. තාත්තගේ තාත්තා ඒ කියන්නේ අපේ සීයා ඉපදිලා තියෙන්නේ හික්කඩුවෙ තොටගමුවේ වුණත් සීයා ආච්චිත් එක්ක පදිංචියට ඇවිත් තියෙන්නේ බටපොළට. එහෙදි තමයි අපේ තාත්තාගේ ළමාකාලය සහ තරුණ කාලය ගතවුණේ. තාත්තා කවි ලියන්න පටන් අරන් තියෙන්නේ තාත්තගේ ලොකු අක්කට ලියපු කවි ලියුමකින්.
ඒ විදියට ඇරඹුණ තාත්තාගේ කවි ජිවිතේ ජීවත් කරවන්න හිතපු තාත්තා හිතලා තියෙනවා කවි සඟරාවක් පටන්ගන්න. ඒ දවස් වල ගුවන් විදුලියේ විකාශය වුණ 'මධුමාධවී' කියන කවි වැඩසටහනත් ඒකට ලොකු පිටුවහලක් වෙලා තියෙනවා. 'මධුමාධවී' වැඩසටහනින් කවියන්ගේ කිවිඳියන්ගේ ලිපිනයන් හොයාගත්ත තාත්තා, ඒ හැමෝටම ආරාධනා ලිපියක් බැගින් ලිව්වලු කවි සඟරාව සඳහා කවි එවන්න කියලා.
ඒ ලිපි වලට පිළිතුරු විදියට කවියෝ කිවිඳියෝ විශාල ප්‍රමාණයක් තාත්තට කවි එවලා තියෙනවා. ඒ කවි ටික එකතු කරගත්ත තාත්තා ගමේ හිටපු, අත් අකුරු ලස්සන තාත්තගේ මිතුරු මිතුරියන් එකතු කරගෙන ඒ කවි නිර්මාණ වලින් හොඳම ඒවා පිටපත් කරාලු සඟරාවක් විදියට. එහෙම පිටපත් කරපු මුතු සඟරාවේ මංගල කලාපය 1984 ඔක්තෝම්බර් මාසයේ එළිදක්වන්න පුළුවන් වෙලා තියෙනවා. මේ තියෙන්නේ මුතු සඟරාවේ මංගල කලාපයේ පිටකවරය.
මුතු කවි සඟරාව මංගල කලාපය |
මේ විදියට තමයි මුතු සඟරාවෙ පලවෙනි පිටුව හැඩවෙන්නේ......
සිතුවිලි රැසක් එක්කොට කවි බසට | ගෙන... |
මතු කොට මිහිර නව කවි පරපුරට | දෙන... |
පැතුමින් යුතුව අද ඔබෙ ඉදිරියට | එන... |
මුතු සඟණුව මෙන්න කියවා බලනු | මැන... |
කාව්යාරාධනාව |
මේ විදියට හැඩගැන්වුණ මුතු සඟරාවේ මංගල කලාපයේ කාව්‍ය නිර්මාණ නවයක් අඩංගු වුණා.
- ඉදිරි ගමනට - සම්පාදක
- සමු දෙනු මැන - බටපොල ස්වර්ණා විජේසේකර
- සතුට නොලදිමි - ඇහැලියගොඩ උඩුමත්තේ චන්ද්‍රපාල බටුගෙදර
- සැකයක් - ගෝ.වි. ලීලාරත්න(තාත්තා)
- හිරගෙදර සිට - කොබෙයිතුඩුවේ සැම්සන් එච්.ගුරුගේ
- ඔරුව පැද එනතුරු - හම්බන්තොට ජාතික ලුණු සංස්ථාවේ යසානි ගුණසේකර
- මෑණියනි ඔබ නිසා - කොටිකාවත්තේ කුඩා බුද්ගමුවේ හෙට්ටිආරච්චිගේ යමුණා මාලිනී
- අවසර නැද්ද ලඳේ - ගෝ.වි. ලීලාරත්න
- මගේ දුවේ - බටපොල කමල් රංජිත් ලොකුලියන
මේ නිර්මාණ සියල්ලෙන්ම පෝෂණය වුණ මුතුසඟරාව මේ කවියො කිවිඳියෝ හැමෝගෙම ගෙවල් වලට තැපැල් කරන්නත් තාත්තා අමතක කරේ නෑ.
ලිපිය ගොඩක් දිග වැඩි වෙන නිසා ඒ කලාපයේ පල කරපු කෙටිම නිර්මාණය මේ ලිපියට එකතු කරන්න කරා. බලන්නකෝ 80 දශකයේ කාව්‍ය නිර්මාණ..........
෴ සැකයක් ෴
ගලන ඇල දොල සිනිඳු පෙණ පිඩු විටෙක රුදු දිය සුළි | නඟන්නේ |
හමන මදනල ගීතවත් වී චණ්ඩ මාරුත ලෙස | හැරෙන්නේ |
බලන මොහොතෙම සිත ඇදෙන්නට සුවඳ ලස්සන මල් | පිපෙන්නේ |
ගයන කන්කළු සියොත් නාදය සොබා දහමය හැඩ | කරන්නේ |
පාට ලස්සන පියාපත් ඇයි චූටි සමනලයන්ට | දුන්නේ |
රෑට පමණක් නොවෙද අහසේ තාරකා වැල් සඳ | දිලෙන්නේ |
දාට වැහිබර අහසෙ,දේදුනු පාට පාටින් හැඩ | කරන්නේ |
කාට කාටත් සොයා බලනට වටින දේවල් ලොව | තිබෙන්නේ |
සවස් වනවිට නුඹෙහි අවරින් වලාකුළු රත් පැහැ | නැඟෙන්නේ |
දහස් ගණනින් සියොත් කැළ පියසලා තම කැදලට | ඇදෙන්නේ |
රහස් කොඳුරා එළිය අඳුරයි, රැයෙහි අඳුරට දිනුම | දෙන්නේ |
මිනිස් සිතගොස් සොබා දහමෙහි කැලතිලද රස කවි | උපන්නේ |
- ගෝ.වි. ලීලාරත්න -
සඟරාවේ තියෙන පිටු ඒ විදියටම දාන්න පුළුවන් වුණා නම් ගොඩක් හොඳයි. ඒත් කාලයත් එක්ක සඟරාවේ පිටු දුර්වර්ණ වෙලා. කියවන්න අමාරුයි. ඒ නිසයි ටයිප් කරලා දැම්මේ....
මේ සඟරාවේ දෙවෙනි කලාපයත් පලකරන්න තාත්තා ඇතුළු පිරිසට පුළුවන් වුණාලු. ඒත් ඒ කලාපයේ පිටපතක් තාත්තා ළඟ නැතිලු. ඒක අස්ථානගත වෙලා. මේ ලිපිය කියවන ඔයාලගේ ඉල්ලීම මත මේ සඟරාවේ අනිත් කාව්‍ය නිර්මාණත් සිතුවිලි හන්තාන ඔස්සේ ඉදිරියට පලකරන්න බලාපොරොත්තු වෙනවා...
මේ සඟරාව ගැන ලිපියක් ලියනවා කියලා මම තාත්තට කිව්වම තාත්තා මෙන්න මේ කරුණු දෙක ගැන සඳහන් කරන්න කියලා මට කිව්වා.
- 'මෑණියණි ඔබ නිසා' කාව්‍ය නිර්මාණය තාත්තට එව්වේ පහුගිය කාලේ වගේම වර්තමානෙත් ප්‍රසිද්ධ කිවිඳියක් වුණ යමුනා මාලිනි පෙරේරා කිවිඳියද කියන එක තාත්තට අදටත් ප්‍රශ්නයක්ලු.
- මුතු සඟරාවේ දෙවන කලාපයේ පිටපතක් කවුරුන්හෝ ළඟ තියෙනවා නම් ඒ බව තාත්තට දැනුම් දෙන්න කියලාත් තාත්තා කිව්වා.
මේ පැත්තෙත් ඔහොම කවි ලියන අය ගොඩක් ඉන්නව. ඒ කට්ටියත් එකපාරක් කවි පොතක් ගැහුව. ඒක පළවෙනි එකෙන් එහාට ගියාද කියන්නනං මම දන්නෙ නෑ.
ReplyDeleteම්ම්ම්....මේක නම් ඉතින් 1900 බර ගණං වල සීන් එකක් ඕං....
Deleteඒවා කොච්චර වටින සිහිවටන ද?
Deleteඔව්...තාත්තා මේ දේවල් පරිස්සම් කරලා තිබුණ එක ගොඩා.....ක් වටින දෙයක්...
Deleteඑතකොට මේ හැම පිටපතක්ම අතින්ද ලියල තියෙන්නෙ?
ReplyDeleteඔව්. පළවෙනි කලාපයේ පිටපත් 20ක් විතර පල කරාලු. ඒ කියන්නේ ඉතින් 20ක්ම අතින් ලියලා...තාත්තගේ ගමේ තාත්තගේ යාලුවෝ...
Deleteදෙවන කලාපය නම් අදාල කවියන්ට කිවිඳියන්ට සෑහෙන ප්‍රමාණය විතරක් ලිව්වලු.
කීප දෙනෙක් එකතුවී තමන් ගේ කවි පොතක ලියා තමන් අතර බෙදාගෙන?
ReplyDeleteයමුනා මාලනී පෙරෙරා ගාල්ලේ බ්‍රවුන්ස් පාරේ නේද?
ඒ කාලේ කරපු වැඩ තමයි ඉතින්...ඒත් එහෙම දේකින් වෙනත් නිර්මාණ ක්‍රම තමන්ට අත්හදා බලන්න පුළුවන් වෙන්න ඇති
Delete(දැන් කාලේත් ඒවගේ වැඩ වෙනවනේ ඉතින්)
දැනට වඩා ඒ කාලේ කොච්චර වෙනස්ද කියලා හිතුනා.. කෝම වුනත් අපූරුයි..
ReplyDeleteඒ කාව්‍ය නිර්මාණ වුණත් ටිකක් වෙනස්. එක පදයක අඩංගු වචන ගාන එහෙම ගොඩක් වැඩියි. ගොඩක් කවි එහෙමයි....
Deleteලිපිය කියෙව්වහම පුදුමත් හිතුනා... අත් අකුරින් මේ විදිහට අත් පිටපත් ගහන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද නේද ? කොහොම වුනත් හරිම අපූරු වැඩක් ..
ReplyDeleteයමුනා මාලනී නම දැක්කම මමත් හිතුවෙ ප්‍රසිද්ධ ගීත රචිකාවියද කියලයි....මේවා ඒ කාලෙ වෙච්ච බොහොම සුන්දර වැඩ මලයො...තාත්තා නිසැකවම සුන්දර මිනිහෙක්...
ReplyDeleteකොච්චර උනන්දුවක් තියෙන්න ඇතිද ඔය තරම් මහන්සි වෙන්න.එ තාත්තගෙ පුත වෙච්චි උබ කියනව ලියන්න හිතෙන්නෙ නැ කියල.අම්මපා දෙන්න හිතෙනව............................
ReplyDeleteඅතින් ලියනව කියන්නෙ සෙල්ලම් වැඩක්ද?
ReplyDeleteඅම්මෝ අතින් ලියන්න එපා වෙනවනෙ
ReplyDeleteමොනා උනත් ගරු කටයුතු වැඩක්
ආසාවට කරන ඕ වගේ දේවල් තමා කාලෙකදි මහ වෘක්ස වගේ දලුදාල එන්නෙ
කියෙව්වා. නොදන්න දේවල් දැන ගැනිමට දාන එකට ස්තුතියි. කවියට අතදෙන්නන්ට කැමතියි. ඉදිරිය සුබ වේවා
ReplyDeleteඇත්තට ඔයගේ තත්තටත් හිතිලා තියෙන දේවල් නේද? කොහොම උනත් ඉතා විශිෂ්ට වැඩක්
ReplyDelete