Tuesday, March 11, 2014

෴.....සඳ අඳුරේ ගිලී ගියා..... ෴




කෝඩුකාර හීන ගොඩක්,

මල් පෙති මත තවරන්නට

සිහිල් පවනේ හැඟුම් මවා

සඳ සිසිලක් දැනී ගියා....



පතන් බිමක දිය කඳුරක්,

තුරු වදුලම සනසන්නට

පිනි කඳුළට ඉඩක් සදා

සඳ නෙත සුව සදා ගියා....



හඬන ගගන අඳුරේ හෙලා,

මිහිතලයම සරසන්නට

තරු එළියට අවසර දී

සඳ අඳුරේ ගිලී ගියා....



෴ රන්දු ෴

( පෙ.ව 1.30 ට, ඉඟුරුඔය දුම්රිය ස්ථානයේදී, සඳ බසිනු දැක ලියූ කවකි)

16 comments:

  1. ඉගුරු ඔය කීව... කොළමට 154කිමී නේහ්... මට මතක ඒ වගේ.. නැත්තං බදුල්ලටද මංද...
    ලස්සන කවිය...

    ReplyDelete
    Replies
    1. පේරාදෙණියට තමයි ළඟම..... නාවලපිටියට කලින් ස්ටේෂන් එක.......

      Delete
  2. හොඳා හොඳා.... ලත්තන කවිය.

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි බස්සියෝ.....

      Delete
  3. පෙරවරු 1.30 ට ස්ටේෂන් වලට වෙලා මක් කරනවද?
    ලස්සනයි කවිය.

    ReplyDelete
    Replies
    1. පෙරවරු 1.30ට නයිට් මේල් එකේ එන ගමන්. අනිත් කෝච්චියට මාරු වෙන්න ඉඟුරු ඔය ටිකක් වෙලා නවත්තලා තිබුණා. එතකොට හඳ බැස්සා.....

      Delete
  4. හරි හරි. සඳ සඳ කිව්වේ කෑලි පොඩ්ඩක් දකින්න ඇති. ආව්... ආව්.. ! :D

    කවිය නියමයි. මොකෝ කියන්නේ තනුවක් දාල මොනාහරි කරමුද..?

    ReplyDelete
    Replies
    1. තනුවක් දාන්නේ කවුද ඉතින්??
      පුළුවන් නම් මොනා හරි කරහන්.,.......

      Delete
  5. මහ රෑ ලිව්වත් කවි ටික නම් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. මහ රෑ ෆෝන් එකේ ටයිප් කරේ...
      බෝම ස්තුතියි තුෂානි...

      Delete
  6. Replies
    1. බෝම ස්තුතියි අයියේ...!!

      Delete
  7. උබට පාන්දරට නින්ද යන්නේ නැද්ද බං..

    ReplyDelete
    Replies
    1. පාන්දරට නිදාගන්න වෙන්නෙ නෑ. ඒකයි....:(

      Delete
  8. හරිම ලස්සන කවි සංකල්පනාවක්......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...