Duet එකක් කියන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ. කාන්තා සහ පිරිමි කටහඬක් එකම ගීතයකින් ඇහෙනකොට අපි ඒ සින්දුවට 'Duet එකක්' එහෙම නැතිනම් සිංහලෙන් 'යුග ගීයක්' කියලා කියනවා.
ඉතින් ඒ වගේ යුග ගීයක් ගැන කියන්න තමයි තකහනියක් මේ ලියන්නේ. මේ පහුගිය කාලේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණ Aashiqui 2 චිත්‍රපටයේ Chahun main ya naa සින්දුව. ඒ ගැන මම කලින් පෝස්ට් එකකත් ලිව්වා. ඒ ලිපිය මෙතනින් බලන්න.
මේ සිංහල version එක ගොඩක් විශේෂ විදියට නිර්මාණය කරපු එකක්. ඒ විශේෂත්වය මොකක්ද කියලා දැනගන්න කලින් සින්දුව අහලා ඉන්නකෝ. නැතිනම් ඒක අඩුවක් වෙයි......
(සින්දුව download කරගන්න ඕනි නම් පහලට හැරුණු ඊතලේ උඩ ක්ලික් කරන්න...... )
මේ තියෙන්නේ සින්දුවේ පදමාලාව...
මේ සින්දුව විශේෂයි කිව්වේ හේතු දෙකක් මත. උඩින් මම දුන්න ලින්ක් එකට ගිහින් ආවා නම් ඔයා දැනටමත් දන්නවා එක විශේෂත්වයක්. Chahun main ya naa ගීතයේ අර්ථය 90% කටත් වඩා 'කිව මැන මා හා' සින්දුවේ තියෙනවා. ඒ විදියට තමයි පද රචනාව කරේ. ඒක තමයි පළවෙනි විශේෂත්වය.
එතකොට මොකක්ද අනිත් විශේෂත්වය.......??
සාමාන්‍යයෙන් යුග ගීයක් කියන්න ඕනි පිරිමි කෙනෙක් සහ ගැහැණු කෙනෙක්නේ. ඒත් මේ ගීතය ගායනා කරන්නේ පිරිමි කෙනෙක් විතරයි...!!! විස්වාස නෑ නේද? ආයෙත් සින්දුව අහන්න හිතෙනවා නේද?
ඔව්.. විස්වාස කරන්න ටිකක් අමාරු වුණත් ඒක ඇත්ත. මේ ගීතය ගායනා කරන්නේ මගේ රූමා... ඒ කිව්වේ මාත් එක්ක හොස්ටල් එකේ රූම් එකේ ඉන්න මගේ බැචාලගෙන් එක්කෙනෙක්. මිනිහට තියෙනවා අමුතු දක්ෂතාවක්. පිරිමි සහ කාන්තා කටහඬ දෙකෙන්ම හරිම ලස්සනට ගායනා කිරීමේ හැකියාව තියෙනවා මිනිහට. ඉතින් ඒ දක්ෂතාව සිතුවිලි හන්තානෙන් එළිදකින්නේ මෙන්න මේ විදියට තමයි....
(ඔයාලටත් මේ ප්‍රශ්නේ ආවද?
කියන්නේ එක්කෙනෙක් නම් ගැහැණු සහ පිරිමි හඬ දෙකම එක තැනකදි ඇහෙන්නේ කොහොමද?
Simple. ඒ තමයි Editing )
මේ ගීතය,
* ගායනා කරන්නේ දිනේශ් රණතුංග(මගේ රූමා)
* පද රචනය කරේ රන්දුනු යසරංග (මං තුමා)
* සංගීතය කැරොකේ ට්‍රැක් එකක්
* මික්ස් කිරීම සහ එඩිට් කිරීම මම සහ දිනේශ්
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉතින් මේක රෙකෝඩ් කරේ ස්ටුඩියෝ එකක නම් නෙවෙයි. අයිවෝ ජෙනින්ස් හෝල් එකේ අපේ දුප්පත් රූම් එකේ තමයි මේක රෙකෝඩ් කරේ. එඩිට් කරේ මික්ස් පෑඩ් හෝම් එඩිෂන් එකෙන්... පැය දෙක තුනක් ඇතුලත කරපු බොහොම සරල නිර්මාණයක් තමයි මේ....
මගේ රූමා, ඒ කියන්නේ දිනේශ් Duet එකක් Live sing කරපු වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. ඒකත් අහලා බලන්න.....
මේ විදියට මං හින්දි ගීත අනුවර්ථනය කරපු ඒවා බලන්න කැමති උදවිය පහල ලින්ක් වලින් ගිහින් බලන සේක්වා.......:)
* ඇහි පියන් සෙවනේ.. දෙතොල් පෙති අතරේ... | Piya O Re Piya Sinhala Version
* මගේ සුසුම් ඔබේ හදේ උණුසුම සොයාවි | Mere haath main Sinhala version
* අද ඉඳන් අලුත් වැඩක් !! | Tere bina Sinhala version
* Thuhi Meri Shab Hai සිංහල version ෴
මගේ පද රචනා ගීතයක් විදියට අහන්න ලැබුණු හැම එකක්ම SoundCloud Profile එකේ තියෙනවා...ඒවා අහන්න කැමති උදවිය පහල ලින්ක් එකෙන් යනු මැනවි......
soundcloud.com/randunu_yasaranga
එල කිරි ඈ ....එත් මේ යන විදිය ගැන නම් තියෙන්නෙ ලොකු අවුලක්..
ReplyDeleteඒ කිව්වේ මොන විදිය ගැනද?? :-O
Deleteබෝම සන්තෝසයි.. සින්දුව පස්සේ අහන්නං.. ජය වේවා රන්දු...
ReplyDeleteබොහොම ස්තුතියි දේශකයා....
Deleteමේ විදියට මේල් ෆී මේල් වොයිස් කරන අය දැන් හැමතැනම ඉන්නවා.
ReplyDeleteම්ම්ම්ම්...ෆීමේල් වොයිස් කරන අය නම් ඉන්නවා අයියේ. ඒත් මං අහලා නෑ ඩුවට් මේ විදියට කියනවා....:(
Deleteමරු නියම දක්ෂතාවයක්නේ තියෙන්නේ , මමත් එහෙනම් ලගනේ ඉන්නේ වෙලාවක එන්නම් සින්දුවක් අහල යන්න ;-)
ReplyDeleteWow.hoda talent 1k.....
ReplyDelete