පේරාදෙණියෙන් නුවරට ඇවිත් නුවරින් හුන්නස්ගිරියට ගියා(මොණරාගල, මහියංගනය, උඩුදුම්බර වගේ ඕනි බස් එකක යන්න පුළුවනි). හුන්නස්ගිරියෙන් අඩුපාඩු වුණ අනිත් බඩු ටිකත් අරගෙන මීමුරේ දක්වා පිටත් වුණා. හුන්නස්ගිරියේ ඉඳන් මී මුරේ ට දුර කිලෝමීටර් 33ක්. ඒ දුර යන්න බස් නෑ. මී මුරේට වෙනකන්ම යන වෑන් දෙකක් වැඩ කරනවා. ඒ ගමනට එක්කෙනෙක්ගෙන් රුපියල් 150ක් අයකරනවා. අන්තිම වෑන් එක යන්නේ 2- 2.30 අතර වෙලාවක. ලෝඩ් වුණ ගමන් වෑන් එක යනවා.
වෑන් එක පිටත් වීමට පෙර |
සමහරවිට දොරේ එල්ලිලා යන්නත් වෙයි |
ඊට පස්සේ ලූල්වත්තේ දි වෑන් එක තේ බොන්න නවත්තනවා. ඊට පස්සේ ආයේ නවත්තන්නේ මී මුරේ. පැය තුනක විතර ගමනක්...
සිතියම් අංක 1 - මේ අපේ ගමන් මඟ(පරිමාණයට නොවේ) |
අපි මී මුරේට එනකොට 5 විතර වෙලා. මී මුරේ ගමේ තියෙන ගඟෙන්(කලු දිය වල කියන තැනින්) නාලා, රෑට ඉන්න තැනක් හොයාගත්තා. ඒ ගඟේ ම තියෙන ගල් තලාවක්(සිතියම් අංක 2 තියෙන 1 ගල් තලාව). මේ දවස් වල එහෙට පායන නිසා ගඟේ වැඩිය වතුර නෑ.
රාත්‍රී නවාතැන් ගත් ගල් තලාව |
රාත්‍රී ආහාරය(නූඩ්ල්ස්) |
පහුවෙනිදා(සෙනසුරාදා) උදේ පාන්දරම අවදි වෙලා උදේ සහ දවල් ආහාරය දෙකම පිළියෙල කරගත්තා.
උදෑසන ආහාරය(සමපෝෂ) |
ඊට පස්සේ දවල් කෑමට හදාගත්ත නූඩ්ල්ස් සිලි මලු වල දාගෙන ඈතින් පේන ලකේගල තරණය කරන්න පිටත් වුණා....
ඈතින් පෙනෙන ලකේගල |
ස්වභාවික සෞන්දර්යයෙන් අනූන මී මුරේ ගම්මානය සහ අවට පරිසරයෙ තරමක් වියලි ගතියක් තමයි තිබුණේ. සෑහෙන්න කාලෙකින් එහෙට වැහලා නෑ.
සිතියම් අංක 2 - මී මුරේ සිට ලකේගල දක්වා සිතියම(පරිමාණයට නොවේ) |
ඔය ඉහල ෆොටෝ එකේ තියෙන කුඹුරු යායට උඩින් තියෙන අඩි පාර දිගේ තමයි ගමන ආරම්භ වෙන්නේ. ඊට පස්සේ කැලේ මැදින් ගමන ගිහින් හේත්තු වෙලා ලකේගල දිහා බලන්න පුළුවන් ගලක් ළඟට එනවා.
හේත්තු වී සිටිය හැකි ගල |
එහිදී ලකේගල නිරීක්ෂණය වන අයුරු |
එතනින් පස්සේ පෙන්නලා තියෙන පාර දිගේ ගල් තලාව 2 ට ආවා. එතනින් එහාට ගමන තමයි ලකේගල මුදුනට යන ගමන.
මේ අංක 2 ගල් තලාව සහ අපේ සෙට් එක |
ඒ ගමනේ තැන් දෙකකදී කඹ ආධාරයෙන් තරණය කරන්න වෙනවා. ඒ තැන් බොහොම පරිස්සමින් යන්න ඕනි. වැහැලා ගල තෙමිලා තියෙන වෙලාවක නම් ඒක තරණය කරන එක බොහොම අවධානම්. මොකද ඒ ගලේ පාසි බැඳිලා තියෙනවා.
ගල තරණයේ අවස්ථා කීපයක් පහතින් දාන්නම්....
දිය ඇල්ලක් වැනි ස්ථානය |
මේ ගල් දෙබුක්කාව හරහා යා යුතුය |
සීඝ්‍ර බෑවුම |
කඹ දැමීමට ඇති යකඩ ඉන්නක් |
ඈතින් පෙනෙන මී මුරේ ගම |
මී මුරේ අන්තයේ සිට පැනරෝමාවක් |
අපි ගල පාමුල තියෙන ගල් තලාවෙන් ගමන ආරම්භ කළේ උදේ 9.30 ට විතර. ඒත් ගල මුදුනට ළඟා වෙනකොට 1 විතර වුණා. උඩදී ගෙනියපු නූඩ්ල්ස් කාලා ආපහු 2ට විතර බිමට බහින්න පටන් ගත්තා. ඒත් පහලට බහිනකොට හවස 5.20 විතර වුණා. අපි හිතාගෙන හිටියේ ආයෙත් මීමුරේ හරහා නාරංගමුවට යන්න. ඒත් මී මුරේට එන්න පැය 2ක් විතර යන නිසා අපි ඒ ගමන නොයන්න තීරණේ කරා. මොකද රෑ වෙලා කැලේ මැද පාර හොයාගන්න බැරි වෙනවට වඩා පහල තියෙන ගල් තලාව උඩ ඉන්න එක හොදයි කියලා හැමෝම තීරණේ කරා. මී මුරේ ටෙ නොගිහින් යන්න පාරක් අපි මැප් එක බල බල හෙව්වා...
මැප් එක බලමින් |
සිතියම් අංක 2, ගල් තලාව 2 කිට්ටුවෙන් නාරංගමුවට කියලා තියෙන පාර ( අපි එතකොට දන්නේ නෑ ඒක නාරංගමුවට කියලා) දිගේ උදේම යන්න අපි තීරණේ කරා. එහෙම තීරණේ කරලා රෑට උයන්න ලැහැස්ති වුණා.
උදේට කන්න කඩල තම්බන්න හිතාගෙන කඩල එක වතුරේ දාලා තියෙද්දී, නූඩ්ල්ස් එක ලිපේ තියෙද්දී එළවලු කප කප ඉද්දී වැටුණෙ නැද්ද වැස්සක්.....තිබුණ කුඩ දෙකක්. ඒ කුඩ දෙකෙන් ලිප බේරගත්තා උපරිම ට්‍රයි එක දීලා. අපි තෙමුණත් ලිප තෙමෙන්න දුන්නේ නෑ. ඊට පස්සේ ලිප බේරගන්න එක එක කුඩේකට බාරදීලා අනිත් කුඩේ පාවිච්චි කරලා අනිත් එලවලු ටික කපලා කොහොමහරි වැස්සෙම නූඩ්ල්ස් එක තෙම්පරාදු කරා. වැස්සෙම කෑවා. කාලා ටික වෙලාවකින් වැස්ස පෑව්වා හොඳ වෙලාවට. දවල් ගල රත් වෙලා තිබුණ නිසා ගල ඉක්මනට වේලුණා. සීතල යන්න ලොකූ ගිණිමැලයක් ගැහුවා.....
ගිණිමැලේ වටේට තෙමිච්ච කුකුලො වගේ |
දෙවෙනි රාත්‍රියේ නවාතැන |
උදේ පාන්දර නැගිටලා කඩලා ටික තම්බලා තෙල් දාලා සිලි බෑග් වල දාගෙන අර කලින් කිව්ව පාරෙන් නාරංගමුවට ආවා. එතනින් පල්ලෙගමට එන්න ඕනි වෑන් එකක. එදා වෑන් තිබුණේ නෑ. ඉතින් ත්‍රී විලර් එකක ආවා. පල්ලෙගමින් මාතලේට හරි දඹුල්ලට හරි ආවා නම් ඊට පස්සේ නුවරට එන එක ගේමක් නෑනේ....
අතරමඟ දසුන්.......
නකල්ස් කඳු |
පොළොං පැටියෙක් |
අතරමඟ දසුන් |
විශේෂ :
* සවිමත් කඹ රැගෙන යා යුතු අතර කඹ ගැටගැසීම සඳහා පලපුරුදු කඳු නගින්නෙකු පලමුව කඹය රහිතව ගල තරණය කල යුතුය.
* වැසි සහිත කාළගුණයකදී තරණය බෙහෙවින් අනතුරුදායකය.
* අනවශ්‍ය බර ගල පාමුල තබා කන්ද තරණය කිරීම සුදුසුයි.
* පානීය ජලය වැඩිපුර රැගෙන යා යුතුය.
* ගමනට එක් අයෙක්ගෙන් වැය වූ මුදල - රු.946 (නුවර සිට)
* සමහර තැන් වල අඩිපාර මැකී ගොස් ඇති නිසා මාලිමාවක් රැගෙන යාම උචිතයි.
සම්පූර්ණ ඡායාරූප එකතුව : මෙතනින් බලන්න
සම්පූර්ණ ඡායාරූප එකතුව : මෙතනින් බලන්න
මේක සංචාර සටහනකටත් වඩා උපදෙස් පත්‍රිකාවක් වගේ...
ReplyDeleteහිහි...
බලමු ඉස්සරහ දවසක ගල නගින්න
ඔව් ඔව්. මම උත්සාහ කරේ අපි මුහුණ දුන්න දුෂ්කරතා වලට තවත් පිරිසක් මුහුණ නොදෙන විදියට කටයුතු කරන්න.......
Deleteනියම ගමනක්නෙ ගිහිල්ල තියෙන්නෙ.
ReplyDeleteඅර අන්තිමට දාල තියෙන ටිකනං යන්න හිතාන ඉන්න කාටත් වටිනව.
මේ ගමන නම් සිරාවටම පට්ට....
Deleteඈ බං මරු ගමනක් නේ. තරුණ කාලේ අපට යන්න බැරි උනා..
ReplyDeleteතරුණ කාලේ යන්න ඕනි නෑ.. හිතේ හයිය විතරයි අවශ්‍ය....ගතේ හයිය නිකංම එනවා එතකොට.....
Deleteදත් නැතිදා උක්දඬු ගිණි තපින්නද කියල හිතෙන්නෙ මේව දකිත්දි තමයි. ඉවසපන් පපුව කියල ඉන්නව.
ReplyDeleteලකේගල මුදුනෙ කවුද කොඩිය දැම්මෙ?
හෑ....ඉන්දික මැතිතුමා, ලක්දසුන් බ්ලොග් එක කරන්නේ ඔබතුමාද? :o
Deleteලක්දසුන් බ්ලොග් එක නම් ඇත්තටම අගය කළයුතු බ්ලොග් එකක්.....
Deleteසුපිරි අත්දැකීමක්....
ReplyDeleteමමත් මගේ මී මුරේ අත්දැකීම් ගැන ලිව්වා නොවැ...ඒ උනාට කදු නගින්න යන්න නම් අවස්ථාවක් ලැබුනේ නෑ. ඊලග වතාවෙ කන්දක් නැගලා ඒ අත්දැකීමත් විදින්න ඕනෙ...බොලාගෙ ලිපිය දැක්කාම එහෙම සිතුවිල්ලක් තමයි ඇති වුනේ....බොලා බොහොම විනෝද වෙන්න ඇති කියලා හිතනවා.
ReplyDeleteමම ලියපු ලිපියේ පළමු කොටස
මී මුරේ ගමේ ලස්සන නම් අපිට එච්චර විඳින්න වුණේ නෑ සිරා අයියේ.. අපේ මූලික අරමුණ වුණේ ලකේගල. අනික මේ දවස් වල හොදට පායනවා එහෙට. ඒ නිසා ගම එච්චර ලස්සන නෑ......
Deleteලකේගල ගැන තියෙන ජනප්‍රවාද කථා ගැන මම මගේ ලිපියෙ ලිව්වා.
Deleteසෙරෙප්පු දාගෙන?
ReplyDeleteසමහර තැන් වලදි සෙරෙප්පු ගැලෙව්වා... කඳු නගින සපත්තු නෑ අප්පා. තියෙන එකම සපත්තු දෙක දාගෙන ගියොත් අනිවා ඒක කැඩෙනවා. ඊට වඩා හොඳයි සෙරෙප්පු දාගෙන යනවා.....:D
Deleteඋපදෙස් ටිකත් අරගෙන යන්න හිතෙනවා සිරාවටම...
ReplyDeleteබලමු..
කදිම සංචාරයක්...
ජ ය වේ වා !!!!
බොහොම ස්තුතියි......!!!
Deleteඔබටත් ජයවේවා....!!!!
අවුරුදු 11කට විතර කලින් මගෙ හොඳම Jungle Knife එක ඔය පහල ගල උඩ අමතක වෙලා ආව. ආයෙ ගියොත් පොඩ්ඩක් හොයල බලපන් කොල්ලො ! ඒ කාලෙ ලනු ගැටගහන්න යකඩ කනු තිබ්බෙ නෑ. අතපයවල පිහිටෙන් නෑගල පුකේ පිහිටෙන් බහින්නෙ ! හෙක් හෙක්.. ලකේගල නගිනවට වඩා බහින්න ගොඩක් අමාරුයි. ප්‍රපාතෙ දිහා බලාගෙන පස්ස බිම තියල රූටගෙන බහින්නෙ..වෑස්සොත් විනාසයි ! ලකේගල ඉදල නාරන්ගමුවට යන්න මොකටද ආයෙත් මීමුරේ යන්නෙ..අඩිපාර කෙලින්ම නාරන්ගමුවට තියෙනවනෙ..
ReplyDeleteලණුවක් නැතුව අමාරුවෙන් හරි නඟින්න නම් පුළුවන්. ඒත් බහින්නේ....අනේ අම්මෝ... ඒ ගැන නම් හිතනකොටත් බය හිතෙනවා.
Deleteගමේ මිනිස්සුන්ගෙන් ඇහුවම කිව්වා උඩින් පාරක් තිබුණා ඒත් ඒක හොයාගන්න ඔයාලට බැරි වෙයි කියලා. අපි මාලිමාව බලාගෙන අඩිපාර දිගේ ගියේ..:D ඒක ෂුවර් නැති නිසා....