(හරියටම මාසෙකට පස්සේ නේද මේ පෝස්ට් එක ලියන්නේ කියලා දැක්කේ කලින් පෝස්ට් එකේ දිනේ දැක්කම. ලියන්න දේවල් තිබුණත් ලියන්න හිතෙන්නැති තත්වෙකට පත් වෙලා. නිකන් හිත ලෙඩ වෙලා වගේ. ඇත්තටම කිව්වොත් ඒක ලෙඩක් තමයි. ආදරේ කියන්නේ අපි හැමෝම වැළඳගන්න කැමති කවදාවත් හොඳ නොවෙන ලෙඩක්....!!!)
ඔව්. ආදරේ තමයි.....
දිනය අගෝස්තු 24 වෙනිදා. සති අන්තේ ඉරිදාවක්.....එදා හරි ලස්සන දවසක්. ඒක ඇත්තටම ලස්සන දවසක් නොවුණත් ආදරෙන් මත් වෙලා ඉන්න හදවත් වලට නම් ඒ දවස දැණුනේ එහෙමයි....
ආදරේ හැඟීම් දෙන්නගෙම හිත් වල තිබුණත්, දෙන්නගෙම ඇස් වල ආදරේ ලියවිලා තිබුණත් ඒවා වචන කරගන්න දෙන්නගෙන් කාටවත්ම බැරි වුණා. මේ දවස එනකන් මං කොච්චර ඇඟිලි ගැන්නද දෙයියනේ. කියන්න ඕනි දේවල් පවා මොනාද කියලා මං හිතලා, ඒවා තනියෙන් කියලා කියලා මට පාඩම් වෙලා වගේ තිබුණේ. ඒත් ඒ වෙලාවේ මං ගොළු වුණා....
"මොනාද අයියේ මට කියන්න විශේෂ දෙයක් තියෙනවා කිව්වේ...." එයාගේ ඒ ප්‍රශ්නෙන් මං තිගැස්සුණා.
අන්තිමේදි මම බොහොම අමාරුවෙන් වචන දෙක තුනක් ගැටගහගත්තා.....
" ඔයා දන්නවද? මම ගොඩා....ක් කාලයක ඉඳලා කෙනෙක් ගැන හිතේ තියාගෙන හිටියා. එයාට ගොඩා...ක් ආදරේ කරා....."
"හ්ම්ම්... ඉතින්......!!! "
මං කියන්න යන දේ දන්න නොදන්න ගානට එයා ඇහුවා. එයාගෙත් මූණ රතු වෙලා තිබුණා. රෙස්ටොරන්ට් එකේ බල්බ් එකෙන් විහිදුණේ තැඹිලි පාට එළියක් වුණත් ඒ මූණේ රතු පාට හංගන්න ඒ එළියට බැරි වුණා.......
"මං ළඟ එයාගේ ෆොටෝ එකක් තියෙනවා. මං ඒක ඔයාට පෙන්නන්නද?"
මෙහෙම කිව්වම එපා කියන්නේ නෑ කියලා අපි කවුරුත් දන්නවා. ඒත් තේරුමක් නැති ප්‍රශ්න වලින් හරි හිතේ තිබුණ චකිතය නැති කරගන්න වෙන්න ඇති මම ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ.
"පෙන්නන්න බලන්න......."
එයා කිව්වේ ඇස් වල ලොකූ.. කුතුහලයක් පුරවගන්න ගමන්.
කාලෙකට කලින් එයාගේ යාලුවොත් එක්ක එයා ඉන්න වෙලාවක මම හොරෙන් වගේ ගත්ත ෆොටෝ එකක් මගේ ළඟ තිබුණා. ඒකේ එයාව විතරක් ක්‍රොප් කරලා මම ෆෝන් එකේ සේව් කරගෙන තිබුණා.
"මේ ඉන්නේ එයා තමයි........"
මං ෆොටෝ එක පෙන්නන ගමන් එයාගේ ඇස් දිහා බැලුවා. කටින්, මූණෙන් මොන දේ කිව්වත් ඇස් වලින් ආදරේ හංගන්න බෑ කියලා මම දැනගෙන හිටියා. ඒත් ඒ ඇස් වල තිබුණේ දෙගිඩියාවක්. මූණ රතු වෙලා තිබුණා කලින් වගේම.......එයා බිම බලාගත්තා.
"ඔව්. මං ඔයාට ගොඩාක් ආදරේ කරා. තනියම ආදරේ කරා මම අද වෙනකං."
හිතේ තිබුණ චකිතය ටිකක් අඩු වෙලා. මම කියවගෙන කියවගෙන ගියා.
"අවුරුදු එකහමාරකට වැඩි කාලෙක ඉඳන් මම ඔයාට ආදරේ කරා...මම දන්නවා මේක මම එක සැරේ කිව්වම ඔයා තිගැස්සෙනවා කියලා. ඒත් මම හිතාගෙන හිටියේ ඔයත් මට ආදරේ ඇති කියලා."
"ඒත්... ඒත් මම හිතුවේ ඔයා මට අයියා කෙනෙක් වගේ කියලනේ....."
එයාගෙ උත්තරේ එච්චර ශක්තිමත් බවක් නෑ කියලා මට හිතුණා. ඒ වචන වල ආදරේ තිබුණා.....වෙලාව හවස 2.30ටත් කිට්ටුයි. දවල්ට කන්න ගත්ත වෙජිටබල් රයිස් එක අපි දෙන්නට ලැජ්ජාවෙන් හිනාවෙනවා වගේ මට දැණුනා. හැන්දෙන් බත් එක අරෙහෙට මෙහෙට පෙරල පෙරල හිටියට දෙන්නටම බත් කන්න වුවමනාවක් තිබුණේ නෑ.
"කන්නකෝ...."
මම එයාට කිව්වේ එයා බත් එක දිහා බලාගෙන කල්පනා කරන්න පටන් ගත්තම.
"හ්ම්ම්... ඔයත් කන්නකෝ අයියේ....."
එයා දඟකාර විදියට කිව්වා.
"ඔයාලගේ ගෙදරින් මට කැමති වෙයිද අයියේ.."
එයා ඒ ප්‍රශ්නේ ඇහුවම මගේ හිතේ තිබුණ චූටිම චූටි සැකයත් නැති වෙලා ගියා.....හිත පුදුමාකාර සතුටකින් කෑගහනවා.
"ඔව්. අනිවාර්යයෙන්ම. මම ඒක දන්නවා හොඳටම. අපේ අම්මා ඔයාට හරි කැමතියි. අම්මා මට නිතරම ඔයා ගැන කියනවා. 'ඒ ළමයා හොඳයි, දක්ෂයි, ලස්සනයි' අනංමනං කතා ගොඩක් කියනවා. මට නිකමට හිතිලා තියෙනවා අම්මා මට ඔයාව සෙට් කරන්න හැදුවද කියලත්......."
මම මට දැණුන දේ ඒ විදියටම කිව්වා.
"ම්ම්ම්ම්.... එහෙමද...."
දැන් එයාගේ මූණේත් ආදරේ ඇඳිලා කියලා මට පෙණුනා.
|
2014 ජනවාරි මස 9 වන දින ඇය උදෙසා කළ නිර්මාණයකි. මතු සම්බන්ධයි......!!!! |
සුභ පැතුම් රන්දුවො..
ReplyDeleteඅපිත් දන්න කෙනෙක්ද???????
නැතත් කමක් නෑ දෙන්නගෙ බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා ඉදිරියේදි වාසනාවන්ත යුග දිවියක් ගත කරන්න ලැබේවා කියල මං හදවතින්ම සුභපතනවා.
ඔයා දන්නේ නෑ තනූජා. මං දවසක අඳුන්වලා දෙන්නම්කෝ..
Deleteබෝමස්තුතියි සුභ පැතුමට.....
සන්තෝසයි සන්තෝසයි මලයා... උණුසුම් සුභපැතුම්! බ්ලොග් එකත් නොලියා ඉන්න එපා... විවේක වෙලාවට බ්ලොගෙත් මොනාහරි කුරුටුගාන්න.
ReplyDeleteඅනිවා අනිවා. ලියන්න ඕනි..
Deleteබෝම ස්තුතියි ආ.....
අර විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ කියන්නේ මෙහෙන සීන් කෝන්වලට නේද?
ReplyDeleteGood luck...!
^_^ ඒක නේන්නං.....
DeleteThank you....!!!
දැං ඉතිං මලකොලං බලපියකෝ හිටු කියලා.. හැක්.. ජය වේවා..
ReplyDeleteඒක නම් ඉතින් අඩු නැතුව සිද්ධ වෙයි.....:v
Deleteකොල්ලා වින්ද වේදනා වලින් මිදිලා ආයෙමත් ආදරයෙන් මත් උනාද...සුභ පැතුම් මලයො..මෙදා පොටේ ගිලිහෙන්නෙ නැති වෙන්න තදින් අල්ලගන්න...
ReplyDeleteඔව් ඔව් අයියේ...:) මේ පාර නම් ගිලිහෙන්න දෙන්නෙම නෑ.....
Delete