Monday, September 29, 2014

නවක කවියන්ට කිවිඳියන්ට උපදෙස් කීපයක්..........෴




          පසුගිය සෙනසුරාදා පැවති 'කවි සියපත' දොරට වැඩීමේ උත්සවයේදී රත්න ශ්‍රී විජේසිංහයන් සහ මහාචාර්ය සමන්ත පෙරේරා කිවි වරුන් කළ දේශන ආශ්‍රයෙන් රචනා කරන ලදි.....



* අතීතකාමයෙහි ගැලෙන්න එපා
(මා මෙතෙක් කළ වැරැද්දක්)
- අපි හැමෝම කැමතියි අතීතයට ආදරේ කරන්න. අතීතයේ ලස්සන සිදුවීම් වලට ආයෙත් යන්න. ඒත් ඒ දේවල් වලට ආදරයෙන් ලියන කවියෙන් සමාජයට යහපතක් වෙන්නේ බොහොම අඩුවෙන්. කවියෙක්ගෙන් විය යුතු සමාජ බලපෑම පසෙක ලා ස්වයං වින්දනයක් පමණයි එයින් ලැබෙන්නේ.

* ස්වභාව සෞන්දර්යය පිළිබඳව දැනෙන හැඟීම් කවි සිතුවිලි ලෙස වැරදියට තේරුම් ගන්න එපා
(මා මෙතෙක් කළ වැරැද්දක්)
- ඒ හැඟීම් නව මානයකින් බැලීමට හැකි නම් විතරක් එය කවියකට නඟන්න. උදාහරණයක් විදියට ලාල් හෑගොඩ ගේ එක් කවියක සඳහන් වෙනවා 'පෙරදිග සිත්තරා' කියලා හිරු ගැන. හිරු නැඟෙන්නේ සිතුවමක් අඳින්නලු. ඒත් ඒක සම්පූර්ණ නොකර ආයෙත් බැහලා යනවලු. ඒ තුරු ලතා කියන ළඳුන්ව දිනපතා ස්පර්ශ කිරීමේ ආසාවෙන්ලු.

* නොවිඳි අත්දැකීම් බලෙන් කවි වලට නඟන්න එපා
- ඒකෙන් අදහස් වෙන්නෙ නෑ හැම වෙලේම තමන්ට වුණ දෙයක් කවියක් කළ යුතුයි කියන එක. අත්දැකීම් යනු අඩු තරමින් තමන් සංවේදී වූ සිදුවීමක් විය යුතුයි.

* කවිය යනු සිව්පදය පමණක් නෙවෙයි
(මා මෙතෙක් කළ වැරැද්දක්)
- සිව්පදය නොමැති කවි වලට නිසඳැස් යැයි කීම වැරදියි. ඒවා තවත් එක් රීතියක(හෝ රීති රහිත), තවත් ආකෘතියක කවි පමණයි.

* දැනෙන හැම කාව්‍ය සිතුවිල්ලම රීතියක හිර කරන්න එපා.
(මා මෙතෙක් කළ වැරැද්දක්)
- අදාල කවියේ අදහසට අදාල සැකිල්ලක් විය යුතුයි. හැම විටම පරණ විරිත් වලට යන්න එපා.

* භාෂාව උපරිම ලෙස භාවිතා කරන්න
- සීගිරි ගීයේ සිට කොළඹ යුගය සහ මෑත කාලීන කවි කියවන්න. එවිට භාෂා දැනුම වැඩි වන අතර විවිධ රීතීන්, විරිත් ඉගෙනගත හැකිය.




* ඉතා අලංකාර වචන අර්ථයකින් තොරව යොදා පාඨකයාව මුලා කරන්න එපා.

* කවියේ ආරම්භය කවිය දිගටම කියවීමට උත්තේජනයක් වන ලෙස ආරම්භ කළ යුතුය.

* Assignment ලෙස කවි ලියන්න එපා.
(මා මෙතෙක් කළ වැරැද්දක්)
- එක් එක් අයගේ උවමනාවන් වලට බලෙන් කවි ලියන්න එපා. (ගුණ වැයුම්, ශෝක ප්‍රකාශ, ප්‍රශස්ති.....)

* කවියට ප්‍රශංසා බලාපොරොත්තු වෙන්න එපා.
- විවේචන ඉවසීමෙන් විඳදරා ගන්න.


        මේ ඔවුන්ගේ උපදෙස් වලින් කිහිපයක් පමණයි. තවත් ඒවා මතක නම් එකතු කරන්න.........

30 comments:

  1. කවියා සරාගී විය යුතුය. තම අත්දැකීම සමග හදවතින්ම බැඳිය යුතුය.
    හෘදයාංගම විය යුතුය.
    වචන සහ විරිත් සමග පමණක් පැටැලෙන 'වචන සර්කර්ස්කරුවෙකු' නොවිය යුතුය.
    ණයට ඉල්ලාගත් අත්දැකීම් හෝ කෘතිමව ගොඩනැගූ අත්දැකීම් නොලිවිය යුතුය.
    කවියා ප්‍රශස්ති නොගැයිය යුතුය. සිදුවීම් විස්තර කරන්නෙකු නොවිය යුතුය.

    ඔය ටික තමයි මතක. තව මහ ගොඩක් වටින දේවල් කිවුව. ඒ වෙලාවෙ රෙකෝඩ් කරගන්න මතක් වුනේ නැහැනෙ අපරාදෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා. මටත් ඒක පස්සේ මතක් වුණේ බං....මට බොලා එක්ක කතා කරන්නවත් උනේ නෑනේ හරියට. :(
      නුවර එන්න ඕනි නිසා ඉක්මනට ආවේ.....

      Delete
  2. Bohoma sthuthiyi me thorathuru beda gaththata.... Mama karana weradith thiyanava keepayak ma.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමෙන්ටුවට.....:)

      Delete
  3. මටත් වටිනවා. ස්තුතියි. ඒත් පිළිගත නොහැකි දේ තියෙනවා..

    ReplyDelete
    Replies
    1. සොබාදහම් වර්ණනය එහෙම වෙන්න ඇති.....

      Delete
    2. පිළිනොගත හැකි පොයින්ට්ස් කිවුවනම් දේශෝ මතක හැටියට ඒව තහවුරු කරන්න කියැවුනු හේතුත් සඳහන් කරන්න පුලුවන් වෙයි රන්දුට.

      Delete
    3. * අතීතකාමයෙහි ගැලෙන්න එපා


      අතීතකාමය තමා බොහෝ නිර්මාණ වල තිඹිරිගෙය... එයින් මතුවන හැගීම් තමා අකුරු, කවි බවට පත් වෙන්නේ නිරායාසයෙන්.. ගීත රචකයා පවා අතීතකාමය හේතුපාඨ කරගෙන නිර්මාණ කරනවා. ඔබ කියන විදියට අතීත කාමය අතහැරල නිර්මාණයක් කරන්න අමාරුයි විශේෂයෙන්ම නවකයන්ට.. ඒවා පසුව කෙරෙන දේවල්. තමන් පරිනත වෙද්දි අතීතකාමයෙන් එහාට නිර්මාණකරනෙය් යෙදෙන්න අවශය පරිකල්පනය ලැබේවි.


      * ස්වභාව සෞන්දර්යය පිළිබඳව දැනෙන හැඟීම් කවි සිතුවිලි ලෙස වැරදියට තේරුම් ගන්න එපා
      ස්වභාව සෞන්දර්ය කවි සිතුවිලි වලට තෝතැන්නක්. එහෙම නොවෙයි කියල කෝමද කියන්නේ. වැදගත්ම දේ ඒක උනත් වෙනස්ම වෙනස්ම දෘෂ්ඨිකෝණයකින් බැලීමයි. පිළිගන්න අමාරුයි.. කවියට සෞන්දර්යේ නොයැලී සිටිම ඉතා අපහසුයි. උදාහරණකට කඳුගේ කවි බලන්න.




      * නොවිඳි අත්දැකීම් බලෙන් කවි වලට නඟන්න එපා
      නොවිඳි අත්දැකීම් කියල කවියට කෝමද සීමා දාන්නේ. ඔහුගේ පරිකල්පනය ඉතා හොද මට්ටමක තිබේනම් පරිකල්පනයෙන් ඔහුට පුළුවන් ඒ කියන දේ අත්දැකීමක් ලෙස විදගන්න. බලෙන් කවි වලට නගනවා කියන්නේ මට නං තේරෙන්නෑ.. කවියක් කියන්නේ බලෙන් නැගීමක් තමා. නැතිව තියෙන දෙයක් නෙමෙයි නේ..

      * භාෂාව උපරිම ලෙස භාවිතා කරන්න

      සරල භාෂාව තුල සිට උනත් අනගි නිර්මාණ කළ හැකියි. ඒත් බාෂාවේ උපරිමය දැන ගැනීම ඉතා වැදගත්.. මට හිතෙන විදියට මෙතනදි කවිය පිට දාලා මේ රචකයෝ ගේය පද රචනය ගැන වගේ කියල තියෙන්නේ

      * කවියේ ආරම්භය කවිය දිගටම කියවීමට උත්තේජනයක් වන ලෙස ආරම්භ කළ යුතුය.
      මේක නං තක්කඩි බොරුවක්.. මෙයා මුලින් කියපු දේ බොරු වෙනවා එතකොට... කවිය කියන්නේ වචන හරඹයක් උනත් වචන කිහිපයකින් කවියක් මනින්න බෑ..
      * කවියට ප්‍රශංසා බලාපොරොත්තු වෙන්න එපා.
      බලාපොරාත්තු වෙන්න. ඒත් අනිවාර්යෙන් ලැබේය කියා සිතන්න එපා..

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. උත්තර ටික බස්සී දීලා තිබුණා.....

      Delete
  4. 1. මට තේරුන විදියට ඔහු කිවුවෙ නිර්මාණ කරනකොට නොස්ටැල්ජියාව මතම යැපෙන්නට එපා කියලයි දේශා. ඔහුම කිවුවා අපි හැමෝම යම්තාක් දුරට අතීතකාමයෙන් පෙලෙනවා, නමුත් ඒ මතම යැපෙන්න එපා වර්තමානය අතගා බලන්න කියලයි කිවුවෙ.

    2. ස්වභාව සෞන්දර්යය පිළිබඳව දැනෙන හැඟීම් කවි සිතුවිලි ලෙස වැරදියට තේරුම් ගන්න එපා
    දේශා කඳුගේ කවි තමයි ස්වභාව සෞන්දර්යය දිහා වෙනස් ඇසකින් බලන නිර්මාණ වලට උදාහරණ. ඔහු කියන්නෙ "හිරු නැගෙයි, මල් පිපෙයි, ගඟ ගලයි..." කියකියා ලියන ඒවා සාර්ථක කවි නොවෙන බවයි. කඳුගේ කවි වල වෙනසත් ඒකමයි.

    3. අත්දැකීම් = දැකීම්, ඇසීම්, විදීම් හෝ කියැවීම්
    මෙයින් පරිබාහිරව කෘතිමව යමක් නිර්මාණය කරන්න එපා කියලයි කිවුවෙ.
    (මේ පොයින්ට් එක මටත් සැකසහිතයි. මොකද උපකල්පනයම අත්දැකීමක් බවට හරවා ගන්න පුලුවන් කියලයි මගේ පෞද්ගලික අදහස.)

    4. භාෂාව උපරිම ලෙස භාවිතා කරන්න.
    කතාවක්, නාට්‍යයක් අපිට රචකයාගේ වදන් වලින්ම නැතත් අපේ වචනයෙන් විස්තර කරන්න පුලුවන්. ඒත් අපි විඳපු කවියක රසය ඇත්තේ එහි අකුරු අතරයි බොහෝදුරට. මම තේරුම් ගත් විදියට මෙතැනදි කියන්නේ සම්භාව්‍ය වදන් භාවිතයක් නෙමෙයි. හිතට වදින විදියට අකුරු හැසිරවීම ගැනයි. මොකද එතැනදි උදාහරණයට ගත්තේ අපේ රසීගෙ කවියක් මට මතක හැටියට. ඔහු කිවුවේම අදහස නොගැලපෙන, විරිත පමණක් ගැලපෙන වචන ගොඩක් එක්ක හරඹ කරන සර්කස් කාරයො වෙන්න එපා කියලයි.

    5. කවියේ ආරම්භය කවිය දිගටම කියවීමට උත්තේජනයක් වන ලෙස ආරම්භ කළ යුතුය.
    ඕනෑම නිර්මාණයකට පොදුයි නේද මේක. නමුත් ආරම්භය විතරක් සාර්ථක වුනාට මදි.

    6. කවියට ප්‍රශංසා බලාපොරොත්තු වෙන්න එපා.
    දන්නෑ මේක නම්. මේකට දක්වාපු කරුණු මට මතක නෑ. රන්දුට මතකනම් කියාවි සමහරවිට.

    ReplyDelete
    Replies
    1. මේ දේශාගෙ කමෙන්ට් එකට උත්තරයක්. මට තේරෙන තරමට ලිවුවෙ. වැරදි අඩුපාඩු නම් බොහොම ඇති.

      Delete
    2. කවියට ප්‍රශංසා බලාපොරොත්තු වෙන්න එපා කියලා කිව්වේ නවක කවියාගේ අධිතක්සේරුබව නැති කරන්න. අධි තක්සේරුව නිසා නව මානයන් ඔස්සේ හිතන එක අඩුවෙනවා......

      Delete
    3. ඔය තියෙන්නේ එළට... දැං පැහැදිලියි නේ.. කියන කතා හැම එකක්ම දොහොත් මුදුන් දී බාරගත්තොත් ඒවා වැරදි උනත් හරි..

      බස්සි කියපු පැහැදිලි කිරීම් ටිකත් එක්ක එකගයි.. රන්දු කියපු කෙටි වචන වලින් මට අදහස් උන දේ තමා මම කිව්වේ.. බලං ගියාම මාත් වැරදි නැනේ බොලං.. හැක්..

      Delete
    4. රත්න ශ්‍රී කියන්නෙ නූතන කවියො අතර මගේ අංක 1....ඔහුට ඉතාම සමීප ඔහුගේ ගෝලයෙකු මගේ බොක්කෙ මිතුරෙකු වීම නිසා මේ චරිතය දැන් මටත් සමීපයි වගේ....

      Delete
    5. අර පත්තර මල්ලිත් සිරා කියන විදියේ කතාවක් කලින් කියල කිච උනා සිංහයන්ගෙන්.. හැක්..

      Delete
    6. නෙදකින් උඹේ කැත හිනාව....

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. නොස්ටැල්ජියාව කියන්නේ මුකාද????

      Delete
    9. @ආචාර්ය > ආචාර්ය කිව්වා නේද? මොනවා ගැන ආචාර්යද? හික්.. හික්... විහිළුවක් කලේ ඈ !

      Delete
    10. ප්‍රොෆා උන පලියට හැමදේම දන්නේ නෑ නෙහැ මැඩම්..විෂය පථයක් තියෙනවා නේහ්... අපේ බ්ලෝග පැත්තේ අවොත් නම් දැනගන්න පුළුවන් දන්නා දේවල් :D

      Delete
    11. ප්‍රොෆා :

      Nostalgia = නොස්ටැල්ජියාව = අතීතකාමය

      Delete
  5. හැමදාම මේ වගේ උපදෙස් ලැබෙනවානම්.....!! එතකොටවත් මගේ ලොකු කම බැහැල යාවි....

    මේ වගේ උපදෙස් මට මගේ සිංහල ගුරුතුමියක් දුන්නා මම වයස 15ක කෙල්ලෙක් කාලේ... අදටත් මතකයි. ආසයි මේ වගේ දේවල් කියනවා නම්... මොලේ පෑදෙන්න ! ස්තුතියි බෙදාගත්තට

    ReplyDelete
    Replies
    1. ම්ම්.. බෝම ස්තුතියි කමෙන්ටුවට.....

      Delete
  6. රන්දු ...

    අපිත් කවි ලියන්න උත්සහ කරන බ්ලොගයක් කරනවා... ඇත්තට ම අපි ට හිතෙන විදිහට කියනවා නම් කවිය කියන්නේ නිදහස. ඒක ඕනේ විදිහකට ලියන්න කෙනෙක්කට අයිතියක් තියෙනවා. ඔබ දරා තියෙන උත්සහය වටිනවා ඒක වැදගත්.. ඒවගේ ම කවියක් මෙහෙම ලියන්න කියලා අපිට කාටවත් කියන්න බැහැ කියලයි අපි නම් දකින්නේ. එහෙම කියන්න ඕනත් නැහැ. මොකද ඒක ඔහුට හෝ ඇයට හිතෙන විදිහ. රාමුගත නොවීම තමයි නියම නිර්මාණයක් බිහිකිරීමට මග. ඒ කියන්නේ කවියා නිදහසේ හිතන්න ඕනේ. නිදහසේ ලියන්න ඕනේ....

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒත් මම මගේ දැකපු අඩුපාඩු රාශියක් මෙතනදි කියවුණා. විශේෂයෙන්ම මම කවි නිර්මානය කරේ එකම අච්චුවක ඉඳලා කියලා මට හිතුණේ මේ ටික කිව්වට පස්සේ. ඒත් අපි ඉගෙනගත යුතු විශය පථය හුඟක් පුළුල් කියලා හිතුණා කාව්‍ය නිර්මාණයට.
      නිදහස් අදහස් අර්ථාන්විතව කවියක් විදියට එළිය දකින්න මේ උපදෙස් වැදගත් කියලා හිතුණා. ඒකයි මේ ටික දාන්න හිතුනේ...

      Delete
  7. මං නම් ඉතින් ඕව ගැන වැඩිය හිතන්නෙ නෑ. හිතට එන දේ ඔහේ ලියනව. කෝම වුනත් තොරතුරු වලට තුති. !

    මේ දවස් වල ඉඩම් ලාබ ද ? බ්ලොග් එක වෙනුවෙන් අක්කර දහයක් විතර වෙන් වෙලා තියන්නෙ !!! :D

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි කමෙන්ටුවට.
      පහලට එනකොට ගැජට් කෑලි ටික හැලිලා නේ. ඒ නිසා තමයි ලොකු ඉඩමක පොඩි ගෙයක් හැදුවා වගේ පේන්නේ....:D

      Delete
  8. ඇත්තටම මේ වගේ දේවල් ගැන අපි කවදාවත්ම හිතල නැහැ..ගොඩක් වටිනව..

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි උමේෂ්...කමෙන්ටුවට...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...