සීත තුෂාරය අරන්
හමායන්නම් සකුරා මල් උඩින්
හිමිදිරි සීත මීදුම එක්ක
සමනළ කන්දට උඩින්
හිමෙන් නැහැවිලා හෙමින්
එන්නද ස්ටෙප්ස් තණ බිම් මතින්..
වළා සළු හෙමින් උනා
පොළෝ කතගේ නිරුවත් සිරුර
ආදරෙන් සිප ගන්නම්...
ගිණි මැළයක විසිරුණු අළු බිඳ අරන්
ගිණි කන්දක නැහැවෙන අළු වැස්ස අරන්
දුගඳ හමන කසල ගොඩක
අපුල සැර විස ගඳ අරන්..
නොනැවතී යන්නම් කවුරුන්හෝ ළඟ
මොහොතකට ළඟින් දැවටෙන්නම්
සිඟිති ගෙලෙහි ආදරයෙන් බැඳෙමින්
නළලට වැටුණ කෙහෙරැල් ආදරෙන් පිරිමදිමින්
මුව මත හාදුවක් තබන්නම්
යළි හමා යන්නම්....
එන්න,
හමා යන්න මේ මද නළ එක්ක
දුක පමණයි නිසැක නුඹට.....
.
.
෴ රන්දු ෴
ලස්සනයි..
ReplyDeleteස්තූතියි අයියේ.....!!!
Delete