ඔන්න දවසක් ආදරය, ආකර්ෂණය, සෞභාග්‍යය, දුප්පත්කම, සතුට, දුක, වෛරය, අනුකම්පාව, කියන අය එකම ඔරුවක ගමනක් යන්න පිටත් වුණාලු...
ඒ ගමන යන අතරතුරේ ඔරුව කුණාටුවකට අහු වුණාලු. හැමෝම වගේ බේරිලා යන්න එක එක ක්‍රම හොයාගත්තලු. ඒත් ආදරේට එහෙම ක්‍රමයක් හොයාගන්න බැරි වුණාලු.
ඉතින් මේකෙන් බේරිලා යන්න ආදරය එක එක අයගෙන් උදව් ඉල්ලුවලු.....
උදව් ඉල්ලනකොට ආකර්ෂණය මෙන්න මෙහෙම කිව්වලු.
"මාත් එක්ක හිටියොත් ඔයා විනාශ වෙයි. ඒ නිසා එන්න එපා." කියලා ආකර්ෂණය කිව්වලු.
සෞභාග්‍යය ආදරයට මෙහෙම කිව්වලු.
"මට තව තවත් රන් රිදී මුතු මැණික් හොයන්න ඕනි. ඉතින් ඒ මගේ ගමනට ඔයා බාධාවක්. ඒ නිසා මට ඔයාව එක්කගෙන යන්න බෑ."
ආදරය තමන්ට උදව් වෙන්න කියලා දුප්පත්කමට කිව්වම එයා " මම එක්ක ගිහින් ඔයාට ඉතුරු වෙන්නෙ මම වගේම දෙයක්. ඒ නිසා මාත් එක්ක එන්න එපා." කියලා කිව්වලු.
සතුට ආදරයට දුන්නේ මේ වගේ උත්තරයක්ලු.
"මම මේකෙන් බේරුණ එක ගැන මට ගොඩක් සතුටුයි. ඔයාව එක්කගෙන ගියොත් මට ඒක නැති වෙනවා. ඒ නිසා මට ඔයාව එක්කගෙන යන්න බෑ." කිව්වලු.
මේ උත්තරෙන් ආදරය ගොඩක් දුක් වුණාලු. ඊට පස්සේ ආදරය දුකෙන් ඉල්ලුවලු තමන්ට පිහිට වෙන්න කියලා.
දුක කිව්වලු "මම බොහොම දුකෙන් ඉන්නේ. ඔයා ආවොත් මට ඒ දුක නැති වෙයි. ඒ නිසා ඔයාව බේරගන්න බෑ." කියලා.
ඊට පස්සේ වෛරය මෙන්න මෙහෙම කිව්වලු.
"මම ඔයාගේ හතුරා නේ. මටත් බෑ ඔයාට උදව් කරන්න."
අන්තිමේදි ආදරය අනුකම්පාවෙන් ඉල්ලුවලු තමන්ව බේරගන්න කියලා.
"මම යන්නේ වෙනම පාරක. ඔයා යන්නේ වෙන පාරක. ඒ නිසා අපි දෙන්නට එකට යන්න බෑ." කියලා අනුකම්පාවත් ආදරය මඟහැරියලු.
අන්තිමේදි ආදරය තනි වුණාලු.කිසිම කෙනෙක්ගේ පිහිටක් නැති වුණාලු.
හදිස්සියෙම කොහේදෝ ඉඳන් අඳුරන්නැති කවුදෝ කෙනෙක් ඇවිත් ආදරය ගොඩක් ලස්සන තැනකට අරන් ගියාලු. එතන බුද්ධිය හිටියලු. ආදරය බුද්ධියෙන් ඇහුවලු ඒ මාව බේරගත්ත කෙනා කවුද කියලා. ඒ තමයි 'කාලය' කියලා බුද්ධිය උත්තර දුන්නලු.
ඉතින් ආදරයේ ස්වභාවය මෙහෙමයි. අපේ හිතේ පිරිලා තියෙන්නේ ආකර්ෂණය නම් අපිට ආදරය කියන හැඟීම දැනෙන්නෙ නෑ.
අපිට සෞභාග්‍යය උදා වෙලා තියෙන කාලයක් නම් ඒත් අපිට ආදරය අඳුනගන්න බෑ. දුප්පත් කමත් එහෙමයි.
සතුට පිරිලා ඉතිරෙනකොට, දුකෙන් හදවත වැලපෙනකොට අපිට ආදරය අඳුනගන්න බැරි වෙනවා.
වෛරය කියන්නේ ආදරය සම්පූර්ණයෙන් අන්ධ කරලා දාන දෙයක්. ඒක හිතේ පිරුණම ආදරය අඳුනගන්න ගොඩක්ම අමාරුයි.
අනුකම්පාව කිව්වා වගේම ආදරයයි අනුකම්පාවයි යන්නේ පාරවල් දෙකක. ඒ නිසා ආදරය අනුකම්පාවෙන් වෙන් කරන්නම වෙනවා.
අන්තිමේදි නියම ආදරය අඳුනගන්න, ඒක ලබාගන්න උදව් වෙන්නේ කාලය.
කාලය අපිට ඇත්ත ආදරය අඳුනගන්න උදව් කරනවා.
ඉතින් ආදරය අපිව හොයන් එනතුරු අපි කාලයට ඉඩ දීලා බලාගෙන ඉමු.
එදාට බුද්ධිය අපේ තීරණය අනුමත කරයි..........
Be the better than the best.......!!!!!!!!!
නියමම නියම මරු පොස්ට් එක.ලස්සනයි.ඒ වගේම වැදගත්..
ReplyDeletedreams.......ස්තුතියි ඔයාට.............
Deleteආයෙත් ඇවිත් යන්න මේ පැත්තේ.....
ලොකු කතාවක්නේ මේ කියල තියෙන්නේ !ආදරය කරන හැමෝම මේක හරියට තේරුම්ගත්තොත් ගොඩ !
ReplyDelete:)
ඒකනේ ඒකනේ රෙහානි....ආදරේ කියන හැඟීම දැනෙනකොට මේ ඔක්කොම අමතකයි නේ.....ඒකයි අවුල....
Deletesira post eka machan
ReplyDeleteබෝම ස්තුතියි මචං......:)
Delete