Saturday, December 15, 2012

ආදරයද රාගයද (Love or Sex) ෴


    ආදරය කියන්නේ අපි කොච්චර කථා කරත් එපා නොවෙන මාතෘකාවක් නේ. ඒ වගේම මේ ලෝකේ හැමෝම මොහොතකට හෝ කාගෙන් හෝ ආදරයක් ලබපු අය කියලා හිතන්න පුළුවන්. ඒත් මේ කියන්න යන්නේ ඒ සාමාන්‍ය ආදරය ගැන නම් නෙවෙයි. (ඒ කියන්නේ අසාමාන්‍ය ආදරයක් ගැනද? ) ඔව්...අසාමාන්‍ය ආදරයක් ගැන තමයි.........


ආදරවන්තයෙක් සහ ආදරවන්තියක් අතර ඇති වෙන බැඳීම, එහෙමත් නැති නම් කොල්ලෙකුයි කෙල්ලෙකුයි කොරන ලව් එක ගැන තමයි මේ කියන්න යන්නේ...... ඒක අසාමාන්‍ය ආදරයක්ද? ඔව්. මොකද ඒ ආදරය පදනම් වෙන්නේ ආදරය කියන හැඟීම මත විතරක් නෙවෙයි.. ඒකයි මම එහෙම කිව්වේ....

(මෙතනින් ඉස්සරහට මම කථා කරන්නේ අන්න ඒ අසාමාන්‍ය ආදරය ගැන හොඳේ...)
ඇත්තටම ආදරය කියන්නේ මොන වගේ දෙයක්ද?
මගෙන් ඇහුවොත් නම් මම මේකට දෙන්නේ මෙහෙම උත්තරයක්.
ඇත්තම ආදරේ හඳුනාගත්ත කෙනා එක්කෝ මැරිලා නැත්තම් තාම ඉපදිලා නෑ.




ආදරේ ගැන කථා කරනකොට ඒ වගේම ආදරේ කරනකොට කෙල්ලෝ නැඹුරුවෙන්නේ හැඟීම්බර සම්බන්ධයකට. කොල්ලෝ නැඹුරුවෙන්නේ ශාරීරික සම්බන්ධයකට. තේරෙන සිංහලෙන් කිව්වොත් කෙල්ලෝ sex පැත්තට තියෙන නැඹුරුතාව අඩුයි, කොල්ලෝ ඒ පැත්තට නැඹුරුතාව වැඩියි.
(බහුතරය)



ආදරයයි රාගයයි කියන්නේ දෙකක්ද එකක්ද........?
මෙන්න මේ දෙබස බලන්නකෝ.......


කෙල්ල - ආදරය කියන්නේ පරම පිවිතුරු පූජනීය දෙයක්..... ඒකට රාගය මැදිහත් වෙන්න බෑ.   " ප්‍රේමය නම්                    රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය " දෙයක් කියලත් කියලා තියෙනවානේ වස්තුව...........

කොල්ලා - මට දරුවෝ හදන්න බැරි, නොහැකියාවක් තියෙනවා. ඔයා මට දිගටම ආදරය කරනවද   රත්තරං...?

කෙල්ල - (කට උත්තර නැත............!!!!! )

ඔන්න ඕකයි කතන්දරේ...
          ඇත්තටම ආදරයයි රාගයයි කියන දෙක කවදාවත් එකට පෑහෙන්නේ නෑ. ඒත් ඒ දෙකම නැතිනම් දීර්ඝකාලීන ගමනකුත් නෑ.


ඇත්තටම ඒක හරියට රේල් පාරක් වගේ... ආදර සම්බන්ධතාවක්, Love affair එකක් එහෙමත් නැත්නම් විවාහ ජීවිතයක් කියන්නේ කෝච්චියක් නම් ඒ කෝච්චිය යන රේල් පීලි දෙක තමයි ආදරය (Love) සහ රාගය (Sex) කියන්නේ.
ඒ රේල් පීලි දෙක කවදාවත් එකට එකතු වෙන්නේ නෑ. ඒත් ඒ දෙකම නැතුව පැවැත්මකුත් නෑ.

කෙනෙක්ට(දෙන්නෙක්ට) පුළුවන් ආදරය කියන රේල් පීල්ලටගොඩ වෙලා ඇවිදින්න. ඒත් ඒ ගමන කොච්චර කල් යන්න පුළුවන් වෙයිද කියන එක ප්‍රශ්නයක්.....(?) 
ඒ වගේම කෙනෙක්ට පුළුවන් රාගය කියන රේල් පීල්ලට ගොඩ වෙලා ඇවිදින්න. ඒත් ඒ ගමන කොච්චර ශක්තිමත් වෙයිද කියන එක ප්‍රශ්නයක්.........(?)
(ආදරයයි රාගයයි අතර සම්බන්ධයක් නෑම කියන්නත් බෑ. ඇයි පීලි දෙක අතර සිල්බර කොටන් (එහෙම නැත්නම් කොන්ක්‍රීට්) තියෙන්නේ........:D)

මිනිසා කියන සතා පරිණාමයේදී ලිංගික කා‍ර්‍යයේදී පුරුෂයාට ප්‍රධාන තැනක් හිමිවෙන විදියටයි පරිණාමය වුණේ (බොහෝ සත්ව කොට්ඨාස එහෙමයි). ඉතින් ඒ හේතුව නිසා කොල්ලොන්ට රාගය(sex) කියන හැඟීම ආදරය කියන හැඟීමත් එක්කම එනවා. ඒත් කෙල්ලොන්ට ඒක එහෙම නෙවෙයි. ඊස්ට්‍රජන් හෝ මොකක් හෝ හෝර්මෝනයක් ස්‍රාවය වෙලා අන්න ඒ හැඟීම එන්න ගතවෙන කාලය වැඩියි කාන්තාවකට....ආවත් ඒ හැඟීම යටපත් කරගෙන ඉන්නයි කාන්තාවන් බොහෝ දුරට උත්සාහ කරන්නේ...



මේ හේතුව නිසාම බොහෝ විට කොල්ලෙක්ට කෙල්ලෙක් එපා වෙන්නත් පුළුවන්. සම්බන්ධයකදී ඒක ගොඩක් දරුණු ප්‍රශ්නයක්. ඒක ඒ කොල්ලගේ වලත්තකම නෙවෙයි. පරිණාමයේ ස්වභාවය. (වලත්තකමෙන් ඒ විදියට හැසිරෙන කොල්ලන් ගැන වග කියනු නොලැබේ....:D)

ඒක නිසා මෙන්න මේ ආදරයයි රාගයයි අතර තියෙන සබැඳියාව තේරුම් ගන්නවා නම් දෙන්නෙක් අතර තියෙන ඒ ආදර බැඳීම ගොඩක් ලස්සන කරගන්න දෙන්නටම පුළුවන් වේවි.......
(නිසි කල, නිසි තැන, නිසි අයුරින් කියලා මතක් නොකළොත් පස්සේ මමත් වැරදිකාරයෙක් වෙයි ඕන්....- සිතුවිලි හන්තාන ලියන අයියා තමයි කියලා තිබුණේ......!@##%$%^$&^%*^&$&&%@$$*&^*^&^$.  :D)

එහෙනම් මං නවතිනවා.....පස්සේ හම්බවෙමු..

Be the better than the best................!!!!!!

10 comments:

  1. අදමයි මේ පැත්තේ ආවෙ. ආදරය සහ රාගය අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් තියෙනවා. ඒක මතු කිරීම වැදගත්. සුබපැතුම් යාළුවා. ජය...!

    (ජනවාරි 27 වෙනිදා ගම්පහ මල්වත්ත පැත්තෙ ඇවිත් යන්න එන්න.)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්ත්තුයි ප්‍රදීප්..ආයෙත් එන්න මේ පැත්තේ...
      27 එනවෝ.............!!

      Delete
  2. හොඳ මාතෘකාවක් තෝරගෙන තියෙන්නේ තරමක විවාදාත්මක එකක්. රන්දුන්ගේ සමහර තර්ක වලට මම එකගයි. ඒ වගේම එකග නොවෙන තැනුත් තියෙනවා. කොහොම වුණත් තරුණ පරම්පරාව අතින් මෙවනි කාරණා සාකච්ජාවට ලක්වීම හරිම වැදගත්.
    ජයවේවා,,,, දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්....දැනගන්න කැමතියි එකඟ නොවෙන ඒවා මොනාද කියලා. සාකච්ඡා කළ යුතුම මාතෘකාවක් කියලා මට හිතුණා මේක. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට. ඒ වගේම කමෙන්ටුවටත්......
      ජයවේවා...!!

      Delete
  3. බොහොම අපූරුවට විග්‍රහ කරලා තියෙනවා. උපරිමයි. ඔය කියන හැඟීම් දෙක අටහ්ර සම්බන්ද කම අනිවා තියෙන්න ඕනේ.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. එහෙම නේන්නම් කෝරළේ මහත්තයෝ.....ඒක නොවැ මං මේක විස්තර කොරේ.....ආයෙත් මේ පැත්තේ ඇවිත් යන්ට එන්ට......බොහොම ස්තුතීයි ආවට....

      Delete
  4. ආදරය සහ ලිංගිකත්වය

    මේ කාරනා දෙකම හැගීම් මත පදනම් උවත් මෙතැනදී හැගීමට වැඩිය නතු වෙන්නේ ආදරය කියන කාරණාව දෙදෙනෙකු එකිනෙකා තේරුම් ගෙන ආශ්වාදජනක වූ ආකාරයෙන් ජීවිත දෙක එකට පටලවා ගැනීමක් මෙතැනදී සිද්ද වෙනවා!

    ලිංගිකත්වය ප්‍රබල ජීව විද්‍යාත්මක හැගීම් මුදා හැරීමක්.
    ආදරය වගේ කිසිදු හැගීමක් නැතිව දෙවෙනි කාරණාව ඇති වෙන්න උනත් පුළුවන්...
    ස්වයන් වින්දනය කියන කාරණාව උනත් ලිංගිකත්වයට අයත් දෙයක්...ඒත් අපි දන්නවා මෙතැනදී ආදරය කියන කාරණාව මතු නොවන බව....
    ආදරේ කියන්නේ තේරුම් ගන්නා ලද ආකර්ෂණයක් ඉස්සෙල්ලා කිවුවා වගේම!

    මේ කාරණා දෙක පටලවා ගන්න එක නුසුදුසුයි කියලයි මම හිතන්නේ!

    මේ ගැන කථා කරා මදි. ඒත් ටයිප් කරන්න කම්මැලියි :)
    මොනා උනත් මෙහෙම සිරැසියක් ගැන කථා කරන්නට ලබා දුන් අවස්ථාවට තුති.

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ටුවටත් බොහෝම ස්තුතියි සහෝදරයා....ආයෙත් එන්න මේ පැත්තේ....

      Delete
  5. හොද මාතෘකාවක් මෙක එත් තව විස්තර එකතු උනා නම් හොදයි වගේ .මමත් මෙක කලින් භාගයක් ලියලා නැවැත්තුවා මොකද මම ලියාගෙන යන කොට රාගය ගැන නම් අපේ බෞද්ධ දර්ශණය තුල පැහැදිලි කිරිමක් තිබුනා එත් ආදරය කියන තැන මට ඒ වගේ හොද පැහැදිලි කිරිමක් හම්බ උනේ නෑ ...කොහොම උනත් මේ දෙකම මිනිස්සුන්ට දැනෙන හැගිම් දෙකක් නේ ....ඉතින් මේ දෙක ගැන ඔබේ ගැලපිම අපුරුයි ...(රේල් පාර )

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමෙන්ටුවට.....
      ආගමික පසුබිමක් ගැන නම් මම ඇත්තටම හිතුවේ නෑ..
      ඒ ගැන හිතුවොත් මේක තව දුරටත් විග්‍රහ කරන්න පුළුවන් වෙයි මං හිතන්නේ....
      එන්න ආයෙත් මේ පැත්තේ....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...