"බලන්නකෝ ඇඳන් ඉන්න ඒවගේ හැටි......" අම්මා ඒක නම් කිව්වේ කළකිරීමකින්.
තව දුරටත් අම්මා ඉන්න තැන Ra-one බැලීමට මට සිතුණේම නැත. ඉක්මනින්ම රෙදි අපුල්ලන්නන්ගෙන් කඩේ යන්නන්ට චැනලය මාරු කර අම්මා අතට remote එක දී මම shape එකේ එතනින් මාරු වුණෙමි.(Ra-one කලින් බලලා තිබුණ නිසා හොඳයි....)
ඇත්තටම මේ මොකද වුණේ........????
දණහිසෙන් උඩට අඳින කෙටි සාය ඇඳගත්ත කෙල්ලෝ අසංවර දර්ශනයක් වීම කොයි තරම් දුරට සාධාරණද කියලා මම මගේ හිතෙන්ම අහලා බැලුවා. ඇත්තටම මේක සාපේක්ෂ ප්‍රශ්ණයක්....
කොස් ගස් හොඳින් හඳුනන මට මේවා අසංවර දර්ශන යැයි සිතීමටවත් බැරිය.(තේරුම් ගිය ඔබ සැමටත් එසේ වනු නොඅනුමානය.)
කොනක ඉඳලා හිතාගෙන යනකොට මේ ප්‍රශ්නේ මෙන්න මේ විදියට දිගහැරෙන්න ගත්තා.
සිංහල සංස්කෘතිය හොඳින් රැකෙන බොහොම ලස්සන ගැමි පරිසරයක් තියෙන ගමක කෙල්ලෙක් ඩෙනිමක් ඇඳගෙන ගමනක් යන්න එළියට බැස්සොත් එදාට මුළු ගමම......
"සිරිපාලයගේ කෙල්ල, දැක්කා නෙවැ අද විළිසංගයක් නැතුං කළිසොමක් ඇඳන් පාරට බැස්ස අපූරුව. අනේ අනිච්චං දැන් හැදෙන එවුන් අම්මපා........"
ඔන්න කලිසම ඇඳගෙන පාරට බැහැපු සිරිපාල's daughter ට විළිලැජ්ජා නැතිකම ආරූඩ වෙච්ච විදිය..
ඊටපස්සේ..........
ඔන්න අපි ඊට පස්සේ යනවා සාමාන්‍ය ග්‍රාමීය ප්‍රදේශයකට. ඒ කියන්නේ අර්ධ නාගරීකරණය වෙච්ච පරිසරයකට. ඔන්න බස් එකට නගිනවා අත් නැති පටි විතරක් තියෙන ගවුමක් ( ඒවට කියන නම දන්නේ නැතෝ) ඇඳගත්ත කෙල්ලෙක්.
"හුහ්..! බලහංකෝ ඒකිගේ හැටි. මාර ආතල්නේ දෙන්නේ. බඩුවක්ද කොහෙද බං." බස් එකේ කොල්ලෝ කථා වෙන්නේ එහෙමයි. ඒත් ඒ අතරේ ඉන්නවා අර සිරිපාලගේ දුවත්. එයා ගැන විශේෂ අවදානයක් නෑ කාටවත්.
ඊළඟට අපි යන්නේ Internationalලීකරණයට වැඩියෙන්ම ලක්වුණ කොළඹට.
අර බස් එකේ ගිහිපු 'බඩුව'ගේ මොඩල් එකේ හෝ ඊට ආසන්න අය තමයි වැඩිපුරම ඉන්නේ. අතරින් පතර සිරිපාලගේ දුවලත් ඉන්නවා.
ඔන්න එනවා කොටම කොට ඩෙනිම් short එකක් එක්ක නිරුවත් පිට සහ බඩ පෙන්නන ඇඳුම් ඇඳගත්ත සුදු ලලනාවන් පිරිසක්...
මොකද වෙන්නේ....හැමෝගෙම අවදානය ලෙසටම එහෙටයි...හා නැද්ද හා...
මුවින් නොකිව්වත් බහුතරයක් හිතන්නේ...
" මුන්ට නම් ලැජ්ජ බයක් නෑ නේ.."
"උන්ගේ රටවල් වල _සකම්." කියලා තමයි.
"විළිලැජ්ජා නැති !^&(@$& " නේද? :P
දැන් ඉගිල්ලෙනවා ඇමෙරිකාවට...(දන්න විදියට)
swimming කිට් එකෙන් එහෙමත් නැති නම් කොමුපිළි විතරක් ඇඳගත්ත බවලත් උදවිය අපූරුවට පාරේ ඇවිදිනවා. කාටවත් වගේ වගක් නෑ වගේය.
එතනදී විළිලැජ්ජා නැතිකම වන්නේ පූර්ණ නිරුවත් භාවය. එහෙම නේද...?
දැන් ඉතින් අර සිරිපාලගේ දුව ඉතාමත් විනීත සංවර කෙල්ලෙක් නොවේද...?
මෙන්න මේ සාපේක්ෂ (අඩ)නිරුවත තේරුම් ගත්තේ නැතිනම් සමාජයේ ජීවත් වීම යම්තාක් දුරකට ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්( විශේෂයෙන්ම කෙල්ලොන්ට). අන්න ඒකට සාක්ෂියක් ඊයේ දවල් මට ලැබුණා. අන්න ඒකත් එක හේතුවක් වුණා මේක ලියන්න. සාක්ෂිය මොකක්ද කියලද ඔය අහන්නේ. හිටහන් කියනකන්.
පරිසරයට, තැනට අනුකූල නැති විදියට ඇඳගෙන ඇවිත් හිටපු මම අඳුනන නංගි කෙනෙක් town එකේදි meet වුණා. හැමෝගෙම ඇස් ඒකි ළඟ. හරියට _සියෙක් දිහා බලන ගානට.
හයියෝ........
කතා කළේ කතා නොකර බැරි කමට...........
අනේ කෙල්ලනේ...අදාල තැනට අදාල විදියට ඇඳපල්ලා....
(අඩ)නිරුවත පෙන්නන්න ඕනි තැන් වලදි විතරක් පෙන්නපල්ලා....
නැති නම් සාපේක්ෂ (අඩ)නිරුවත තොපිට පහර දෙයි.....
නවතිමි....
Be the better than the best......!!!!!
මහත්තයෝ, පුලුවන්නම් අම්මගෙන්ම අහල බලන්න, 60-70 දී ඒ ගොල්ලෝ ඇන්දේ කොහොමද කියල, දැන් අඳින ඒවා කොටද කියලත් හිතේවි ඒවා දැක්කොත්, පරණ photos හරි films හරි අරගෙන බලන්න, නැත්නම් ඔය channel එකේම 60-70 මාලනී,සුමනා,සෝනියා ඉන්න ෆිල්ම් එකක් බලන්න එතකොට මොකක්ද කියෙන්නේ කියල බලන්න, ඕක තමයි කියන්නේ සිංහල ජාතිය හැටි, තමුන්ට කරන්න හොඳයි, වෙන කෙනෙක් කරනවා දැක්කොත් එක ලෝක විනාසය වගේ දකින්නේ
ReplyDeleteස්තූතියි 'මහත්තයෝ' කමෙන්ට් එකට...ඔය කියන්නාවූ කතාවට මමත් අර්ධයක් එකඟ වෙනවා. ඒක තමයි මම මේකට 'සාපේක්ෂ' කියලා කෑල්ලක් දැම්මේ. ඒත් ඔය කියන විදියට 'තමුන්ට කරන්න හොඳයි' කියන කතාව දරුණු වැඩිද මංදා...
Deleteකොහොමත් මේ Ra-one එදා සිංහල සිනමාවට සමාන කරන්ට නම් බෑ....
අපිත් හෙන ආසයි උඩබලාගෙන නොයි බලන්න දෙයක් තියෙන පාරක යන්න ........... අදහස ක්‍රියාත්මක කරමු
ReplyDeleteහි හී....ලෙසටම ක්‍රියාත්මක කරමු දිනෙල්ක...
Deleteජය ජය වේවා...!
ඕකම තමා මචං අයින්ස්ටයින් කියලා තියෙන්නේ හැමදේම සාපේක්ෂයි කියලා! මමත් දැන් ටික කාලෙකට කලින් නාඩියක් කෙටුවා ඔය ගැන! තව පොඩ්ඩෙන් අපේ බැජ් එකේ උන් මගේ ඔලුව අනුභව කරනවා! :D
ReplyDeleteඒක නේන්නම්.ඔය නාඩියත් ග්‍රහණය කරගන්නම් මම......ස්තුතියි නාඩියා කමෙන්ටුවට..
Deleteජය ජය වේවා...!
ලංකාව කියන රටේ සංස්කෘතියට අනුව නිරැවත සදාචාර විරෝධියි. නමුතු අනිත් රටවල නිරැවත කියන්නෙත් සාමාන්‍ය විදිහක්. අපි තේරැම් ගන්න ඕනෙ අපේ මොල ගෙඩි පිරිහුනාට, අපි තාමත් සංස්කෘතික අතින් පිරිහිලාම නැ කියල හිතන් ඉන්න බවත්...කියන තරම් අපිත් හොඳද?
ReplyDeleteඅනේද කියන්නේ....අපි නම් ඇත්තමට හොඳද නේ...
Deleteඒත් මේ සංස්කෘතික පරිහානිය කියලා හඳුන්වන දේ නම් වැළැක්විය නොහැක්කේමය.....බොහොම ස්තුතියි රතී මේ පැත්තේ ආවට.
ආයෙත් එන්න....
ජය ජය වේවා..!
අනේ මන්දා මෙව්වට මොනා කියන්නද කියලා..වෙනත් රටවල මේවා සාමාන්‍ය දේවල් උනත් ශ්‍රී ලාංකික අපට පුලුවන්ද ස්විමින්ග් කිට් එකක් ඇදන් පාරේ යන්න..බැහැ..අපිට ඒ දේ හුරු නෑ අපේ අස් වලට..අනික ඉතින් ඔය කොල්ලෝ උනත් කොච්චර කියෙව්වත් හොයන්නේ ගම්බද ටයිප්මනේ..
ReplyDeleteඔව් දෙයියනේ..මාත් කියන්නේ ඒකම තමයි dreams. ඒ ඒ තැන් වලට සාමාන්‍ය දේවල් සමහර තැන් වලට අසාමාන්‍යයි. ඒක තේරුම් ගන්න ඕනි , ඒ විදියට හැසිරෙන්න ඕනි...අන්තිමට කිව්ව එක නම් ඇත්ත..:D
Deleteස්තුතියි මේ පැත්තේ ආවට...
ජය ජය වේවා...!
අනේ අම්මගේ හුරතල් පුතේ කඩේ යන එකවත් අපුල්ලන එකවත් නැති එකක් හොයල බලහං මයෙ කොල්ලෝ.අදමයි මේ පැත්තේ ආවේ.
ReplyDeleteඔව් අයියේ...එහෙම බලන්ට තමයි මං ට්‍රයි කොරේ....:D
Deleteබොහොම ස්තුතියි කමෙන්ට් එකට.ආයෙත් එන්න මේ පැත්තේ....
ජය ජය වේවා...!!
තැනට ගැලපෙන විදිහට ඇඳගෙන ගියාම ඉවරනේ...
ReplyDeleteහැබැයි ඔය ගම්වල ගෑනු කියන ඒවානම් මම සත පහකට ගණන් ගන්නේ නෑ..
අන්න එහෙම තමයි ඉන්න ඕනි...සාපේක්ෂයි ප්‍රමුදි...:D
Deleteබොහොම ස්තුතියි මේ පැත්තේ ආවට. ආයෙත් එන්න..
අනේ අපේ අහිංසක අම්මලා දන්නවනම් නේද රන්දුනු අපි උදේ හවා බලන දකින දේවල් . කතාව අැත්ත හැබැයි ඉතින් ඉල්ලුමට තමා සැපයුම. හරි දෙ ඉල්ලනවනම් හරි දෙ ලැබෙයි වැරැද්ද දුටු තැන ප්‍රතික්ශේප කරනවනම් වැරදි අඩුවෙයි. අනික අද කාලෙ කිසිකෙනෙක් කිසිදෙයක් මතුපිටින් මනින්න බැනෙ රෙද්ද හැට්ටෙ අදින කාලෙ ඉදලා මිනිස්සුන්ගෙ සධාචාර සම්පන්න නැති වැඩ තිබ්බා
ReplyDeleteමෙ කියන ප්‍රශ්නෙටනම් හොදම විසදුම tv නැතිව ජිවත්විම
පාරෙ යන්නෙ කොහොමද කියලානම් අහන්න එපෝ,,,,,,,,, ඔහෝම යද්දි නිතර දකින "කුකුළටයි" , කම්මලේ "බල්ලටයි" , කනවා කනවා කියපු "නරියටයි" වෙච්ච දේයක් ඔය කාටකාටත් වෙයි නේද?
කියලා වැඩක් නෑ... tv නැතුව නම් ඉන්න බෑ නේද.ඒකයි අවුල...:P
Deleteබොහොම ස්තුතියි සිත් කමෙන්ට් එකට....
කාලීන ඒත පරණ ටොපික් එකක්......
ReplyDeleteඒත් කොච්චර කතා කරත් වැඩක් වෙයිද මංදා.....නේද පිසාචයෝ....
Deletecompletely agree with the previous comment. හැබැයි ඒකෙන කියන්නේ ඒක සාමාන්‍යකරණය වෙන්න ඕනේ කියන ඒක නෙමෙයි. දැන් ඔය tv එකේ ඕව පෙන්නන්නේ ඒක එහෙම වෙලා නිසයි... අනිත් මිනිස්සුන්ට scene එකක් මවන්න ඕනේ අය තමි මම හිතන විදිහට තැනට නොගැලපෙන්න අඳින්නේ...
ReplyDeleteහැබැයි, නිරුවත කියන ඒක සාපේක්ෂ වෙන්නේ නම් නැහැ..
(අඩ) කියලා දැම්මෙත් ඔය හේතුව නිසාම තමයි...
Deleteඅර කතාවක් තියෙනවානේ පෙන්නනකොට බලන්නෙ නැත්තම් ඌ _ _ _ _ ක් කියලා....ඒකත් හේතුවක්ද මංදා හෙලනි.....
1)සාම්ප්‍රදාය කියන දේ සුරකින්න ඕනේ
ReplyDeleteඒ වගේම කෙල්ලෝ fashion කල යුතුමයි!
තැනට සුදුසු විදිහට වස්ත්‍ර භාවිතයක් තිබේ නං ඔය කියන බොහොමයක් කාන්තා හිංසන කියන කතාවන් නැති වෙන්නත් තිබ්බ !!
ඇයි බොල පෙන්නනවා නං නොබලා ඉන්න නපුංසකයෙක් හෙම නෙවේ මම !
2)චිත්‍රපට යනු සාමාන්‍ය ජීවිතේ නොවේ.
එතැනදී අධ්‍යක්ෂක .තිරරචක පිටපතට සුට්ටන් හරි අඩයක් දානවමයි එක වෙනස් කරන්න බැරුවා!
අනික එහෙම නොදැම්මා නං මම ෆිල්ම් බලන්නෙත් නෑ ....ඇයි අප්පා!
සිංහල සිනමාවයි ra one එකයි එකට තියල කථා කරන්න බෑ කියල කොමෙන්ටුවක දැක්ක...
ඒත් කාරණාව සලකන්නේ ඇදුම් කියන දෙන්නම් ඒ කතාව වැරදියි >
technology අතින් නම් වෙනස් හම්බානට ඒ ගැන කිව යුතු නෑ !
ඒත් සිංහල සිනමාවේ උනත් අඩ නිරුවත් කොටස් තියෙනවා...
පහු ගිය කාලේ ස්වර්ණවාහිනියේ ගිය සිහල චිත්‍රපට 1ක් 2ක් මටත් බලන්න පුළුවන් උනා....
ඒවායේදී ra one වගේම සිංහල රටට නුසුදුසුයි අපි මොර දෙන වස්ත්‍ර කාරිය නම් තිබ්බා!
3)දැරියන්ගේ ඇදුම් පිළිබද මව සොයාබැලිය යුතුයි!
4)ඩෙනිම කෙල්ලන්ට ඕනේ තැනකට සුදුසු සංවර ඇදුමක් සේ දකිමි!
බොහොම ස්තුතියි ලොකු අයියේ කමෙන්ටුවට....
Delete3) සමඟ සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. ඒත් අද වෙන්නේ ඒකේ අනිත් පැත්ත. අම්මලා තමයි චූටි කාලේ ඉඳන් කොට ඒවා අන්දගෙන යන්නේ...(සමහරක්)
4)ම්ම්ම්ම්...ඒත් සමහරු ඒක අඳින විදිය නම් අවුල්. (ඇන්දේ කොහොමද කියලා හිතාගන්න බැරි තරම් හිර ඒවා ගැනයි මේ කියන්නේ....)
මෙහෙමයි අපි ඇදුම් ඇන්දේ අපි ඔය මොකක්ද පරිණාමය ද මොකක්ද බවේ ලක්ෂණයක් කියලා මම නිකමට වගේ අහල තියෙනවා ,ඉතින් ඒ ඇදුමම අපේ පරිහානියක් හෙතුවක් වෙන විදියට අදිනවා නම් පොඩි ගැටලුවක් එතන තියෙනවා ..අපි අදින ඇදුමෙන් තමා අපිව නොදන්න අය අපිව මනින්නෙ...අනික ඔය වහා ගන්න තැන් තියෙන්නෙ හැමොටම පෙන්නන්න නෙවෙයි නේ .හෙ හේ... එල
ReplyDeleteඔව් ඉතින්. සංස්කෘතික බාධකයක් තමයි ඔය ඇඳුම කියන එක.....මිනිසාගේ නිදහස සංස්කෘතිය කියන රාමුවෙන් හිරකිරීමක්...
Delete////මිනිසාගේ නිදහස සංස්කෘතිය කියන රාමුවෙන් හිරකිරීමක්...///
Deleteමම ඔබෙ මතය සමග එකඟ වෙන්නෙ නැහැ මොකද සංස්කෘතිය කියන්නෙ නිදහස හිරකරන රාමුවක් නෙවෙයි නිදහස අර්ථවත් කරන දෙයක් ..මොකද අපිට වල් බුරු නිදහස බුක්ති විදින්න බෑනේ ..නිදහස කියන්නෙ පෞද්ගලික දෙයක් විතරක් නෙවි එක පොදු සාමාජයට හිමි දෙයක් ...
ඇත්ත. ඒත් මෙන්න මෙහෙම දෙයක් හිතලා බලන්නකෝ....සංස්කෘතිය,ශිෂ්ඨාචාරය නිසා එක් මිනිසෙක්ට එක් සහකාරියක් කියලා නීතියක් තියෙනවානේ බොහොමයක් ජනකොටස් වල. ඒත් සංස්කෘතියට හොරෙන් ඒක කොච්චර බිඳිනවද...
Deleteඒ වගේම විලි වසා ගැනීම සංස්කෘතික රාමුවට අයිති දෙයක්. ඒත් ෆැෂන් ෂෝ, ලෝක රූ රැජින වගේ තරඟ ඒ රාමුවෙන් නීත්‍යානුකූලව එළියට එන්න මිනිසාට පසුබිම හදලා දෙනවා.
ඒකෙන් තේරෙන්නෙ නැද්ද සංස්කෘතිය කියන රාමුවෙන් මිනිසාගේ නිදහස හිරකරලා කියන එක.
උදාහරණයක් විදියට මෙහෙම කියන්නම්. එක්තරා මනුස්සයෙක්ට හිතෙනවා තවත් ගෑනියෙක් එයාගෙ කරගන්න(ශාරීරිකව). ඒ ගෑණු කෙනත් කැමතියි. ඒත් දෙන්නම වෙන වෙන අය කසාද බැඳලා. දැන් මොකද වෙන්නේ. ඒ දෙන්නගේ නිදහස ඒ දෙන්නට ලැබිලද. ???(මං කියන්නෙ නෑ ඒ දෙන්නාට ඒ දෙන්නගේ නිදහස දෙන්න ඕනි කියලා)
//මොකද වල් බූරු නිදහස අපිට බුක්ති ව්ඳින්න බෑනේ// ඒ කතාව නම් ඇත්ත. සංස්කෘතිය තමයි ඒ වල්බූරු නිදහස පාලනය කරන්නේ. එහෙම තමයි මේ පද්ධතිය රැකෙන්නේ. ඒත් ඒකෙන් මිනිසාගේ නිදහස සීමා වෙනවා.
ඔය ගැන තව කරුණු ගොඩාක් තියෙනවා. ඩෙස්මන්ඩ් මොරිස්ගේ Naked Ape පොතේ. ඒක නිරුවත් වානරයා කියලා සිංහලට පරිවර්ථනය කරලා තිබුණා...
සාපේක්ෂ කතාව කෙසේ වෙතත්..,
ReplyDeleteමේ තමයි තවමත් බහුතර ලංකාව...
>
ඇඟේ නූල් පොටක් නැති ගැහැණිය..
විලි ලැජ්ජා නැත. ගල් ගැහුවත් කමක් නැත.
තන් දෙක, කකුල් දෙක, බුරිය පේන්න අඳින ගැහැණිය..
සංකරය. හිත කලඹන සුළුය. පිරිමින් පරිස්සම් කරගත යුතුය.
බිම බලාගෙන ඇවිදින බුරිය, තන් වැහෙන්න දණහිසෙන් පහලට අඳින ගැහැණිය..
අන්න පුල හෙල කුසුම කසාද බඳින්න.
අක්කාව, නංගීව ඒ විදිහට හදාගන්න.
හිසේ සිට දෙපතුල දක්වා මුහුණත් සමඟ වැහෙන්න මුස්ලිම් ඇඳුම් අඳින ගැහැණිය..
බලපිය ,
ආගමික ත්‍රස්තවාදය හිස ඔසවා කාන්තා අයිතිය නැත්තට නැති කර ඇත.
ඒ ම්ලේච්ඡයින් පන්නා දැමිය යුතුය.
අම්මගෙ රෙද්දෙ සධාචාර රේඛාවක්නෙ යකෝ මේ...
(උපුටාගැනීමකි)
අදහස : චාමර ගුරුගේ
කියන්න කණගාටුයි. ඇත්තම ඇත්ත කතාවත් ඕකම තමයි.....
Deleteකොහොමද පිට, බඩ පේන් සාරි අදින කෙල්ලෝ
ReplyDelete