වෙන් වෙලා යන්න නොව ලං වුණේ මා පෙමින්...
ලං වෙලා ඉන්න මා පින් කළේ නැත ඉතින්...
සංසාර ආදරේ දවා අලු කළ සිතින්...
ඉල්ලන්න බෑ ආයේ සමාවක් නම් ඉතින්...
දුන්නෙ දුක මා නුඹට චපල වූ මා සිතින්...
ඉල්ලන්නෙ කෙලෙසෙදෝ අහිමි වූ පෙම නුඹෙන්...
ඔබ හැඬූ රෑ ගණන් හඬමි මම මේ ලෙසින්...
ලං වෙන්න බෑ යලිත් ඔබව තහනම් ඉතින්...
ඔබ නමින් මැව් සිහින රිද්දන්නේ මට හෙමින්...
කරපු කවිකම් පවා සාප දෙයි නුඹ නමින්...
දෙගුරුන්ගේ හිත ආයේ තලන්නට බෑ ඉතින්...
එක් වෙන්න සංසාරේ යළි යළිත් කරමි පින්.......
෴ රන්දු ෴
විරහ දුක.නේ?
ReplyDeleteya yaa.... E wage thamai.....
Deleteඅනේ සමාවෙන්න කවිය කියවන්න බැහැ
ReplyDeleteමට.තාම හිත පහු ගිය අතීතෙන් එන්න දගලනවා.
මේ දුකෙන් මිදුන දාකට අනිවාර්යෙන් ඔයාගේ කවිය
කියවල රස විදින්න එන්නම්...
සුබම සුබ ජීවිතයක් වේවා ඔයාට...
ඒත් සහන්.. මම නම් කරේ කවියකින් ඒ දුක පිට කරපු එක...ඒක වඩාත් සාර්ථක ක්රමයක් මට නම්....
Deleteබොහොම ස්තුතියි කමෙන්ටුවට..
ආයෙත් එන්න මේ පැත්තේ....
අනේ මොකට සමා ඉල්ලනවද ...ඔන්න ඔහෙ ඉම්මු
ReplyDeleteහහ් අයියා නම් කියයි..:D
Deleteඇගේ මතක අගේ සුසුම් දවයිනම් ඔබ සිතුම්
ReplyDeleteඔබේ කදුළු ඔබේ සුසුම් ඇයට දෙනු ඇයි ඉතින්
ආදරේ නම් ඇයට ඔබ තවත් පණ ලෙසින්
ලං වෙන්න බැරි හදක් පාරන්නේ ඇයි දුකින්
ඇය හැඩු රැ ගණන් ඔබ හැඩුවත් තවත්
ඔබට මිස ඒ සිතට නැත එයින් සහනයක්
දුන්නු දුක් වේදනා බර වැඩිනම් ඉතින්
ඔබේ පදවැල් ඇයට මහ දුකක් දෙයි තවත්
සුභ පැතුම්
නෙතක රූ මායිමේ නොමැත ඇගෙ සිනහ කැන්...
Deleteනැත තවත් දකින්නේ මගේ මේ සිතුම් වැල්...
ස්තුතියි මේ පැත්තේ අවාට..ආයෙත් එන්න සිත් කවි....
මට කවි ලියන්න බෑ - ඒ නිසා දුක පිටකර ගන්නත් බෑ :'(
ReplyDeleteදිනපොත ලියන එකත් හොඳ විකල්පයක් යසිත්...try කරලා බලන්නකෝ....
Deleteලියන්න පටන් ගත්තට එකටම හුරුවක් වෙන්නේ කෝම?
Deleteඇඩෙනෝ නේහ්
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
Deleteලස්සනයි කවිය.
ReplyDeleteඊට වඩා ලස්සනයිඅකුරු පෙල ගස්සපු විදිහ
හැඟීමෙන්ම ලිව්වේ...ඒ නිසා වෙන්න ඇති....
Deleteආයෙත් එන්න මේ පැත්තේ....
සහෝදරයාගේ හැගීම මගේ බඩ බොක්කටම වැදුනා....කදිමයි පද වැල් !
Deleteපට්ට
ReplyDeleteකියන්නට කෙනෙක් නැති දුක පෙන්නන්න බැරි
එක කුස උපන් මලයා නැති සොවින් ලතවෙන්නෙකි ලොකු අයියා...
ඉදින් මම ඇය නැති වූ දාක නොලියමි විරහ ගී!
ඇය නැති නොවේවා !!
හයියෝ...ඇය මේ වනවිටත් නැති වී හමාරය.....
Deleteඔබට නම් මෙවන් විපතක් සිදු නොවේවායි පතමි......!!!!