Sunday, January 6, 2013

ඔබ හැඬූ රෑ ගණන් හඬමි මම මේ ලෙසින්... ෴


වෙන් වෙලා යන්න නොව ලං වුණේ මා පෙමින්...
ලං වෙලා ඉන්න මා පින් කළේ නැත ඉතින්...
සංසාර ආදරේ දවා අලු කළ සිතින්...
ඉල්ලන්න බෑ ආයේ සමාවක් නම් ඉතින්...


දුන්නෙ දුක මා නුඹට චපල වූ මා සිතින්...
ඉල්ලන්නෙ කෙලෙසෙදෝ අහිමි වූ පෙම නුඹෙන්...
ඔබ හැඬූ රෑ ගණන් හඬමි මම මේ ලෙසින්...
ලං වෙන්න බෑ යලිත් ඔබව තහනම් ඉතින්...

ඔබ නමින් මැව් සිහින රිද්දන්නේ මට හෙමින්...
කරපු කවිකම් පවා සාප දෙයි නුඹ නමින්...
දෙගුරුන්ගේ හිත ආයේ තලන්නට බෑ ඉතින්...
එක් වෙන්න සංසාරේ යළි යළිත් කරමි පින්.......


෴ රන්දු ෴

18 comments:

  1. අනේ සමාවෙන්න කවිය කියවන්න බැහැ
    මට.තාම හිත පහු ගිය අතීතෙන් එන්න දගලනවා.
    මේ දුකෙන් මිදුන දාකට අනිවාර්යෙන් ඔයාගේ කවිය
    කියවල රස විදින්න එන්නම්...
    සුබම සුබ ජීවිතයක් වේවා ඔයාට...

    ReplyDelete
    Replies
    1. ඒත් සහන්.. මම නම් කරේ කවියකින් ඒ දුක පිට කරපු එක...ඒක වඩාත් සාර්ථක ක්‍රමයක් මට නම්....
      බොහොම ස්තුතියි කමෙන්ටුවට..
      ආයෙත් එන්න මේ පැත්තේ....

      Delete
  2. අනේ මොකට සමා ඉල්ලනවද ...ඔන්න ඔහෙ ඉම්මු

    ReplyDelete
    Replies
    1. හහ් අයියා නම් කියයි..:D

      Delete
  3. ඇගේ මතක අගේ සුසුම් දවයිනම් ඔබ සිතුම්
    ඔබේ කදුළු ඔබේ සුසුම් ඇයට දෙනු ඇයි ඉතින්
    ආදරේ නම් ඇයට ඔබ තවත් පණ ලෙසින්
    ලං වෙන්න බැරි හදක් පාරන්නේ ඇයි දුකින්

    ඇය හැඩු රැ ගණන් ඔබ හැඩුවත් තවත්
    ඔබට මිස ඒ සිතට නැත එයින් සහනයක්
    දුන්නු දුක් වේදනා බර වැඩිනම් ඉතින්
    ඔබේ පදවැල් ඇයට මහ දුකක් දෙයි තවත්

    සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. නෙතක රූ මායිමේ නොමැත ඇගෙ සිනහ කැන්...
      නැත තවත් දකින්නේ මගේ මේ සිතුම් වැල්...

      ස්තුතියි මේ පැත්තේ අවාට..ආයෙත් එන්න සිත් කවි....

      Delete
  4. මට කවි ලියන්න බෑ - ඒ නිසා දුක පිටකර ගන්නත් බෑ :'(

    ReplyDelete
    Replies
    1. දිනපොත ලියන එකත් හොඳ විකල්පයක් යසිත්...try කරලා බලන්නකෝ....

      Delete
    2. ලියන්න පටන් ගත්තට එකටම හුරුවක් වෙන්නේ කෝම?

      Delete
  5. Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  6. ලස්සනයි කවිය.
    ඊට වඩා ලස්සනයිඅකුරු පෙල ගස්සපු විදිහ

    ReplyDelete
    Replies
    1. හැඟීමෙන්ම ලිව්වේ...ඒ නිසා වෙන්න ඇති....
      ආයෙත් එන්න මේ පැත්තේ....

      Delete
    2. සහෝදරයාගේ හැගීම මගේ බඩ බොක්කටම වැදුනා....කදිමයි පද වැල් !
      පට්ට

      Delete

  7. කියන්නට කෙනෙක් නැති දුක පෙන්නන්න බැරි
    එක කුස උපන් මලයා නැති සොවින් ලතවෙන්නෙකි ලොකු අයියා...

    ඉදින් මම ඇය නැති වූ දාක නොලියමි විරහ ගී!
    ඇය නැති නොවේවා !!

    ReplyDelete
    Replies
    1. හයියෝ...ඇය මේ වනවිටත් නැති වී හමාරය.....
      ඔබට නම් මෙවන් විපතක් සිදු නොවේවායි පතමි......!!!!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...