මෙන්න විශේෂ ප්රවෘත්ති. අද මධ්‍යම රාත්‍රී 12 සිට සංශෝධිත භාෂා පනත ක්‍රියාත්මක වන බව ජනාධිපති _______ මහතා නිල වශයෙන් නිවේදනය කර සිටියි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට කවලම් භාෂාවක් කථා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එක් භාෂාවකින් එක් වගන්තියක් කථා කිරීමට පමණක් අවසර ලැබේ. එනම් සිංහල හා ඉංග්‍රීසි භාෂා භාවිතයේදී සිංහල වාක්‍ය අතරට ඉංග්‍රීසි වචන දැමීම හා ඉංග්‍රීසි වාක්‍ය අතරට සිංහල වචන දැමීම සපුරා තහනම් වේ. කථා කරන්නාවූ භාෂාවෙන් එම වාක්‍ය අවසන් කළ යුතුය. අනෙකුත් භාෂා සඳහාද එලෙසම වේ. මේ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීමට රහස් නියෝජිතයන් විශාල පිරිසක් මහජනයා අතරින් යොදවා ඇත.
"අක්කේ....ඇහුණද ප්‍රවෘත්තිය...?"
"හ්ම්ම්, ඇහුණ ඇහුණ. දැන් ඉතින් කතා කරපන්කෝ සිංහලෙන්. යසයි තොට ! ජංගම පරිගණකය බදාගෙන හැම වෙලේම අන්තර්ජාලයේ ඉන්න උඹට හොඳම වැඩේ."
"ආහ්...! මට විතරද? රූපවාහිනිය බදාගෙන අර ටෙලිනාට්‍යයයි මේ ටෙලිනාට්‍යයයි බලන, ජංගම දුරකතනයෙන් හැම වෙලේම කෙටි පණිවිඩ යවන උඹටත් යසයි..! "
"ඒක නෙවෙයි මල්ලියෝ...මේ අද ______ රූපවාහිනිය අපැහැදිලියි. ස්පර්ශකයේ ලොකු කුරුල්ලෙක් වැහුවා ඊයේ. ඒක ඇද වෙලා. ඒ ගැන පොඩ්ඩක් බලලා මේ නාලිකාව පැහැදිලි කරලා දෙනවකෝ.."
"බෑ බෑ.මට වැඩ තියෙනවා. මූණුපොතේ මගේ යාළුවෝ ගොඩක් බලන් ඉන්නවා මං එනකං."
"තොටත් රට වටේම කෙල්ලෝ ඉන්නවා මූණු පොතේ නම්. සල්ලාප ලැයිස්තුවේ ඉන්න තරමක් ඉන්නේ කෙල්ලෝ. ඒත් තාම හරිහමන් පෙම්වතියක් නෑ. අනේ පලයන් බං යන්න."
* * * * * * * * * *
"බලන්නකෝ, මාර වැඩේනේ. අර පනත හෙට ඉඳන් ක්‍රියාත්මකයිලු නේ."
"ඒකනේ. දැන් ඉතින් කථා කරන එක එපා වෙනවා ."
"මල් කඩන එකත් සීමා කරන්න වෙයි. කෙටි පණිවිඩ තමයි යවන්න වෙන්නේ. එහෙම නැත්තන් උද්‍යානයේදී මුණ ගැහෙන්න වෙනවා."
"මං ඔයාට පස්සේ ඇමතුමක් දෙන්නම්. මං මූණුපොතේ සල්ලාපයක හිටියේ."
"ඔන්න ඔයා කතා කරන්න හොඳේ. මගේ දුරකථනයේ සල්ලි නෑ. පෙරගෙවුම් පත්‍රයක් ගන්න කඩයක් නෑ මේ හරියේ. ඒකටත් නගරයටම යන්න වෙනවා."
"හරි හරි. මං පස්සේ කථා කරන්නම් ඔයාට."
* * * * * * * * * * * *
"අම්මේ...මගේ දත් බුරුසුව කෝ? නාන කාමරේ තිබුණු කෝප්පයේ දාලා තිබුණෙ. දැන් ඒක නෑනේ."
"ඒක ගොඩක් පරණ වෙලා පුතේ. මං ඒක කුණු බාල්දියට දැම්මා. අලුත් එකක් ඇති ශීතකරණය උඩ. ඇසුරුම වත් කඩලා නැති එකක්. ඒක ගන්න. දන්තාලේප එකකුත් එතන ඇති. ඒකත් ගන්න."
* * * * * * * * * * * *
"අම්මේ...මට අම්ල පිත්ත ප්‍රදාහය ටිකක් වැඩි වෙලා වගෙයි.බඩ දනවා."
"පොඩ්ඩම් ඉන්නකෝ. තේ එක බොන්න එපා එහෙනම්. කිරි තේ එකක් හදන්නම් මං තේ නොදා.
.................................................................................................................................................
අයියෝ....! වායු සිලින්ඩරය ඉවර වෙලා නේ.
ඒයි.... ඔයා නිදිද. වායු සිලින්ඩරය ඉවරයි. ඒක පුරවගෙන එන්න වෙයි.
ඉන්න පුතේ මං තාපකයෙන් තේ එක හදලා දෙන්නම්."
"මට අටට පන්තියක් තියෙනවා අම්මේ. අද භෞතික විද්‍යාව."
"7.30 රථයේ යන්න පුතේ පරක්කු වෙන එකක් නෑ."
"අද පන්ති ගාස්තු ගෙවන්නත් ඕනි."
"තාත්තගෙන් ඉල්ලගන්න කාර්යාලයට යන්න කලින්."
"තාත්තේ මට class fee එක දෙන්නකෝ." කන හරහා හොඳ පාරක් වැදුණි.
"දැන් ඉතින් ගෙවපන්කෝ 10000 ක්. CID එකෙන් මෙහේ camera එකක් හයි කරලා තියෙන්නේ කියලා දන්නේ නැද්ද බූරුවෝ."
"20000 යි තාත්තේ......."
//"දැන් ඉතින් ගෙවපන්කෝ 10000 ක්. CID එකෙන් මෙහේ camera එකක් හයි කරලා තියෙන්නේ කියලා දන්නේ නැද්ද බූරුවෝ."
ReplyDelete"20000 යි තාත්තේ......."//
කොහොම හරි සිංහල වචන ටික අමාරුවෙන් කියෙව්වා.. :D මේ පළමු ප්‍රතිචාරය වෙන්න ඕනා..!
මහපට ඇඟිල්ල ඉහළට..!
සිංහල කියවන්න මෙච්චර අමාරුද නේද නන්ඳු.....:D
Delete1 ගත්තා මේ පාර. ආයෙත් එන්න හොඳේ......
අඩේ ඇත්තටම මේම කලාද ??? මම ඔය වාහිනි වල ප්රවෘත්ති බලන්නේ නැනේ...
ReplyDeleteලස්සනයි ඈ.. !!!
පිස්සුද කොලුවෝ..... හීනලන්තයේ සිට ලියූ වගයි.....:D
Deleteතැන්කූ ඈ....!!!
අනේ....මේ සිද්ධි හරිම ජුගුප්සාජනකයි ඈ!
ReplyDeleteඈහ්...ඒ මොකෝ ඒ....?? :o
Deleteනාඩියටම තියෙනවනේ......
මෙම ලිපියට පිළිතුරක් නොදී යන්නම සිතුණේ නැත.....පට්ට ලිපියකි....
ReplyDeleteපට්ට වූයේ ලිවිල්ල නිසාද නැත්තම් ඇත්ත කාරණයක් නිසාද කියා මටද නොහැඟේ...
Deleteබොහොම ස්තූති ය.......!!!
යකෝ ඕව ප්‍රසිද්ධියේ කියන්න එපා ආණ්ඩුවේ එකෙක් දැක්කොත් ඕක සිරාවටම කරයි
ReplyDeleteහෑ...අඩේ ඇත්තමයි...එහෙම කලොත් නම් ඉවරායි...
DeleteThanx මතක් කලාට..
නෑ නෑ වැරදුණා.ස්තුතියි....:P
ආයෙත් එන්න මේ පැත්තේ...
ඉන්න විදිහ හොඳා වගේ.අමාරුවෙන් හරි ,තුවාල කරගෙන හරි කඩු පයිට් කරන්න පුලුවන්.
ReplyDeleteමරු කතන්දරේ !
කියලා වැඩක් නෑ....අම්මපා මෙහෙම කරොත් මොනා වෙයිද නේද...? :ඩී
Deleteබොහොම ස්තුතියි ගැටයා අයියේ....
හත් ඉලව්වේ ලංකාවට යන්න වෙන දුරක්. කමක් නැහැ කමක් නැහැ. එහෙම කරලා හරි හරියනවනම්. මුල්ටික කියවද්දීනම් පොඩ්ඩක් අන්දොස් උනා බරටම සිංහල දන්නේ නැති නිසා. පස්සේ තමයි තේරුනේ එල කිරි වැඩක්. මම මේ ලිපිය අපේ මලින්ද මාමට ලැබෙන්න සලස්සන්නම්. ජයෙන් ජය. සුභ නව වසරක් වේවා!!!!
ReplyDeleteකෝරලේ වලව්ව
හයියෝ....මේ ඔය මලින්ද මාමා කිව්වේ අපේ මුතු ඇටේ රජ්ජුරුවොන්ට එහෙම නෙවෙයි නේද.?
Deleteඅනේ අම්මේ උන්වහන්සේට නම් ඕක ලැබෙන්න සලස්වන්න එපා කෝරලේ මහත්තයෝ...:ඩී
ජය ජයම වේවා..!
සුභ නව වසරක්ම වේවා....!!!