මතකද නුඹට
_____________________
පුංචි සන්දියේ නුඹ
යෙහෙළියක් වුණා මතකයි..
අතිනත අල්ලා ගෙන
දඟකම් කළා මතකයි..
එකම මාවතේ තරඟෙට
පියවර තැබුවා මතකයි..
හදිසියේ අප අත්
එහෙත්
මා සිත ඔබට
පුද දෙන්නට
මා සිත ඔබට
පුද දෙන්නට
බලා සිටියා මම
එහෙත් නුඹ?
අප්රකාශිත ප්‍රේමයේ විප්රයෝගය
තනිව වින්දා මතකයි..
එක්ව පා නැගි මාවතත්
හඬා වැටුණා මතකයි..
තනිවූ දිවියේ තනිකම
තනිව වින්දා මතකයි..
එහෙත්
අද ඔබ
අද ඔබ
තනිව සිටිනා බව
ඇසුණා ම සවනට..
පෘතක්ජන සතුටක්
ළබැඳි දුකක්...
එහෙත්
සෙනෙහස තවමත්
අප්රකාශිතව..
බොහෝ දෙනාට පොදු, ඉතා ම දුක්බර අද්දැකීමක් මේ...මාතෘකාව හරි ම අපූරු යි.
ReplyDeleteඒක තමයි.....
Deleteකියාගන්න බැරි අය උදෙසා තිලිණ කරන ලදි........
පුංචි සන්දියේ නුඹ
ReplyDeleteයෙහෙළියක් ............
එහෙම කෙනෙක් නං මටත් හිටියා ......... දැං කොහෙද දන්නේ නෑ
කොහෙන් හරි හොයාගනින් බං. බල බල ඉඳලා හරි සතුටු වෙන්න....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහපෝයි............මොකක් ද විප්පරයෝගේ..................????????
ReplyDeleteඅදරේ කියා නොකිව්වෙ මන් ද?
පියවර තබන විට පය පැටලුනි ද?
කෙල්ලෙක්ට සිත දුන්නනම ඇති ද?
නුඹත් මන් වගෙ තනි කඩ ද??
ආදරේ කියන්නට බය සිතුණි...
Deleteපියවර තැබූ මග වැරදුණි...
කෙල්ලෙක්ට සිත දෙන්නේම නැතිය...
මමත් සැමදා තනිකඩය.....:D
මේ අත්දැකීම මටත් පොදුයි...මගේ රතු කොණ්ඩෙ කථාවත් ඔය ගණයටම තමයි අයත්...
ReplyDeleteම්ම්ම්ම්..... වෙලාව තීන වෙලාවක ඇවිත් බලන්නම් අයියේ........
Deleteඅර මට මගේ නොවන එක වගේ තමා! ;)
ReplyDeleteයකෝ මගේ නොවන එක මෙතනටත් ආවද.....:o
Deleteහොද වෙලාවට මගේ එක නම් අප්රකාශිත වුනේ නෑ..
ReplyDeleteසයිබරයෙන් ප්‍රකාශිත වුණා නේ....:D
Deleteමං හිතන්නේ මේ කමෙන්ට් එක මෙතන වැරදිලා දාපු එකක් වෙන්න ඇති. එහෙමත් නැත්තන් මාවත් දැනුවත් කරන්න දාපු එකක් වෙන්න ඇති. ඒ මොකක් වුණත් අනුන්ගේ වලි වලට අත දාන්න මට කොහෙත්ම වුවමනාවක් නෑ. තමන්ගේ බ්ලොගයට අශීලාචාර කමෙන්ට් වැටෙනවා නම් මොඩරේශන් කියලා එකක් තියෙන්නේ අන්න ඒකට තමයි. මේ වලිය මට අදාල නැත.
ReplyDelete