Saturday, October 5, 2013

මං හොයන්නේ මෙන්න මේ වගේ කෙල්ලෙක්......෴

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මෙතෙක් කල් මා විසින්, මගේ ගතිලක්ෂණ වලට අනුරූප මා හට උචිත වූ යුවතියක් සතු විය යුතු ගතිලක්ෂණ පිළිබඳ සිතා නොමැත. අතීතයේ දී මා මඟ වරදාගැනීමට හේතුව එය විය හැකි බව මගේ සිත තදින්ම කියයි. ඒ බව දැනගත් මා සිත දින ගණනක් මා වෙහෙසවා, මා සිහින මවන මගේ සිහින කුමරිය යම් කිසි සුදුසුකම් සහ ගතිලක්ෂණ රාශියකින්  සමන්විත  විය යුතු බව තීරණය කරන ලදි.
හුදෙක් කාන්තා පාර්ශවයේ දැන ගැනීම උදෙසා මෙය පහත පරිදි පෙළගස්වන ලදි.................
මෙය "දැනුවත් වීම සඳහා පමණක් බවත් හුදු විහිළුවක් සේ නොසැලකිය යුතු බවත්" තරයේ සිහි තබාගත යුතුය.






~ උසස්පෙළ සමත් වී තිබීම( දේශීය විදේශීය හෝ පෞද්ගලික අධ්‍යාපන උපාධියක් තිබීම අමතර  සුදුසු කමකි/ අධ්‍යයන කටයුතු කළ අංශය සලකා නොබැලේ).

~ බහුතරය විසින් ලස්සන කෙල්ලෙක් යැයි කිව හැකි තරම් ලස්සනක් තිබීම( පට්ට කෑල්ලක් ලෙස බහුතරය කියයි නම් එය නුසුදුසු කමකි).

~ අහිංසක කම සහ දඟකාරකම 50% ගානෙ වත් තිබීම( දඟකාරකම හෝ අහි‍සකකම 75% ඉක්මවීම නුසුදුසුකමකි).

~ සමාජයේ මම හදාගෙන තියෙන නමටවත්, මගේ ජොබ් එකටවත්, මගේ දක්ෂතාවලටවත් නැතුව මට  ආදරය කරන කෙනෙක් වීම.

~ කිසිම හේතුවක් නිසාවත් මට බොරු කියන කෙනෙකු නොවීම.

~ කලා හැකියාවක් නැතත් කලාවට හිතැති කෙනෙකු වීම( ගීත ගායනයට හැකි වීම, කාව්‍යමය අදහස් තිබීම  අමතර සුදුසුකමකි).

~ පොත් කියවන කෙනෙකු වීම. අඩු තරමින් පොත් කියවීම යනු හොඳ පුරුද්දක් බව තේරුම්ගත් කෙනෙකු විය යුතුය.

~ යම් පමණකින් ඉංග්‍රීසි කතා කිරීමට කියවීමට තේරුම් ගැනීමට හැකි වීම හා ප්‍රමාණවත් පරිගණක දැනුමක් තිබීම( හෝ එලෙස දැනුමක් ලබාගැනීමේ වුවමනාවක් තිබෙන කෙනෙකු වීම)

~ ගෙදරදොර වැඩ කිරීමට හැකි වීම( ඉවුම්පිහුම්, ‍රෙදි සේදීම etc).

~ පොඩි වරදක් අල්ලගෙන දවස තිස්සේ රණ්ඩු වෙන කෙනෙක් නොවීම.

~ හොඳ මිතුරියක වීම.එනම් මගේ ඕනෑම ප්‍රශ්නයකට ඇහුම්කන් දීමට හැකි වීම.(පටු ලෙස සිතන කෙනෙකු නොවීම).

~ නිතර මා ගැන සොයා බැලීම ප්‍රශ්නයක් නැත. එහෙත් නිතර මා ගැන සොයා බලන බව බොරුවට අඟවන කෙනෙක් නොවීම.

~ දුකකදී හිත සැනසිය හැකි, දුර්වල වන තැන් වලදී ශක්තියක් විය හැකි කෙනෙකු වීම.

~ මා කියන හැම දේම ඉස්මුදුනින්ම පිළිගන්නා කෙනෙකු නොවීම. එනම් මගේ මත, අදහස් ගැටීමකට ලක් කළ හැකි කෙනෙකු විය යුතුය.

~ සමාජීය පුද්ගලයෙකු වීම. එනම් අන් අය සමඟ හොඳින් කටයුතු කළ හැකි කෙනෙකු විය යුතුය.

~ මගෙන් වැරදි සිදු වන විට ඒවා ඒ අවස්ථාවේදීම පෙන්වා දීම( හිතේ තබාගෙන නොසිටිය යුතුය).

~ මා කාර්යබහුල වන අවස්ථා තේරුම් ගෙන ඒ අනුව කටයුතු කළ හැකි කෙනෙකු වීම.

~ දුවලට වඩා පුතාලට  ආදරේ අම්මා කෙනෙකු වීම(මම දුවලට  ආදරේ නිසා :D).

~ මගේ මවට පියාට සහ අක්කාට පවුලේ අයට මෙන් සැලකිය යුතු වීම.

~ මගේ අවශ්‍යතා තේරුම්ගෙන ඒ අනුව කටයුතු කිරීමට හැකි වීම.

~ විනෝදකාමී කෙනෙකු වීම.

~ තැනට උචිත ලෙස අඳින පළඳින කෙනෙකු වීම.

~ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ජීවන සහකා‍රියක වීම(එනම් සම්බන්ධතාව ජීවිතයට වදයක් නොවී ජීවිතයට සහයක්, ශක්තියක් වීම).

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

යමක් ක්‍රියාවක් සිදු වේ නම් එයට ප්‍රතික්‍රියාවක් සැපයීමද කළයුත්තේමය. එ නිසා මා විසින් ඇයට ලබා දිය හැකි දේ සහ ඉඩ දිය හැකි දේ ද පහත පරිදි පෙළගස්වන ලදි...........................



~ මවකගේ වැනි ආරක්ෂාවක් සහ පියෙකුගේ වැනි රැකවරණයක් ලබා දිය හැකිය.

~ ප්‍රශ්න වලට සවන් දිය හැකි හෝ විසඳුම් දිය හැකි මිතුරෙකු විය හැකිය.

~ප්‍රථම ප්‍රේමය මා වීම අවශ්‍ය නැත.

~අතීතය පිළිබඳ ප්‍රශ්න නොඅසා සිටිය හැකිය.(එනම් වර්ථමානය හා අනාගතය පමණක් මා වීම ප්‍රමාණවත්‍ ය).

~හොඳ ඇහුම්කන් දෙන්නෙකු විය හැකිය.

~පාළුව තනිකම දැනෙන සෑම මොහොතකදීම නැතත් හැකි උපරිමයෙන් අදහස් බෙදාගැනීමට ළඟ සිටිය හැකිය(4n එකෙන් හෝ).

~100%ක් විවෘත පුද්ගලයෙකු විය හැකි අතර 100%ක්  ඇත්ත කතා කරන කෙනෙකු විය හැකිය.(දෙදෙනා අතර).

~මා ගැන ඕනෑම ආකාරයකින් සොයා බැලීමේ නිදහස ඇති අතර අවශ්‍ය නම් මගේ හිටපු පෙම්වතියන්ගේ දුරකතන අංක පවා ලබා දිය හැකිය.

~රැකියාවක් කිරීමේ හෝ නොකිරීමේ තීරණය ගැනීමේ නිදහස ලබා දිය හැකිය.

~පවුලේ අයට හොඳින් සැලකිය හැකි අතර හැකි සෑම විටකම ඔවුන්ගේ කටයුතු වලට  උදව් කළ හැකිය.

~රූපලාවන්‍ය සහ ඇඳුම්  ආයිත්තම් වලට සීමාවක් දමන්නේ නැත.

~ගෙදර වැඩ වලට යම් පමණකින් උදව් විය හැකිය.( ඉවුම්පිහුම්, ගෙදර දොර පිරිසිදු කිරීම් etc).

~වැඩ ඇරී නිවසට එනවිට කුඩා ත්‍යාගයක් රැගෙන ඒමට බලාපොරොත්තු වෙමි.( සුළු කෑමක්, surprise කළ හැකි යමක්).

~අසනීපයකදී මවකු පියෙකු මෙන් හැකි උපරිමයෙන් උවටැන් කළ හැකිය.
~ජීවිතයට සවියක් සහයෝගයක් විය හැකිය.

~අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කළ හැකිය.


මෙම ගති ලක්ෂණ සියල්ල සහිත යුවතියක් මිහිපිටින් සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්‍යයක් බව මම දන්නා බව ඉතා සතුටින් යුතුව ප්‍රකාශ කර සිටිමි................



සැ.යු - මෙය මංගල දැන්වීමක් යැයි වරදවා වටහාගත් අයෙක් ( යුවතියක් ) වේ නම් මගේ ෆේස්බුක් ID එක හරහා මා සම්බන්ධ කරගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි( වැරදි වැටහීම ඉවත් කිරීම සඳහා ). :D

35 comments:

  1. හරි! බලමු කවුරු හරි උඹට මැසේජ් එකක් එව්වොත් මටත් කියපන්කො බලන්න! ;)

    ReplyDelete
    Replies
    1. මේක කවුරුත් වැරදියට තේරුම් ගන්න එකක් නෑ මයෙ හිතේ.... ;)
      එක්කෝ මට ස්වයංවරයක් තියන්ට වෙයිද දන්නෑ.....

      Delete
  2. හරි හරි ඔය කියන්නේ ඉතින් ඔය ගති ගක්ෂණ තියෙන කෙල්ලක් ඉන්නව නම් කියන්ඩ කියලනේ. වෙලාවට උඹේ කැමැත්ත වගේම උඹ දෙන්න බලාපොරොත්තු වෙන ඒවත් දැම්මේ. සිරාවටම උඹ දාලා තියෙන එව්ව නම් පංකාදුයි බං. ඒ වුනාට උඹ //රූපලාවන්‍ය සහ ඇඳුම් ආයිත්තම් වලට සීමාවක් දමන්නේ නැත // කියල දැම්ම එකෙන් උඹට වෙන්නේ දිවි නහගන්ඩ තමයි. මේ කියල තියෙන එව්වට කැමති කෙල්ලෙක් ඉන්නවා නම් විගහට Request එකක් දමන්ඩ. ඉන් පසු ඒ අතරින් තෝරා ගනු ලබන අයෙක් දිගුකාලීනව පෙම්වතිය වශයෙන් සිටීම පිලිබඳව සලකා බලනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. නෑ රතියෝ.. මෙය දැනුවත් වීම සඳහා පමණයි... o.O
      රූපලාවන්‍ය කේස් එක එච්චරටම දරුණුද ඈ.....අපොයි. බලමුකෝ. හැබැයි මගේ ඉල්ලීම් වලින් මං ඒක කවර් කරලා තීනෝ. // තැනට උචිත ලෙස අඳින පළඳින කෙනෙකු වීම// ;)

      Delete
  3. උබට බදින්න වෙන්නෙ නැ සහො.මගෙ හදපිරි කනගාටුව

    ReplyDelete
    Replies
    1. අපොයි.. බය කරන්න එපා අප්පා......:/

      Delete
  4. හයියො රන්දු... මම නම් හිතන්නෙ කොයි විදියෙ රූපයක් හිතේ තිබුණත් ආදරේ මුණ ගැහුණම ඕවා බලන්නෙ නෑ කියලා..එතකොට හිතේ ඉන්න කෙනාගෙ නෙවෙයි අර පුද්ගලයගෙ ගති ලක්ෂණවලට ආදරේ කරන්න ගනී ඔයා...

    ඒක එහෙම නොවී ගති ලක්ෂණ ටිකම හොය හොය හිටියොත් දමිත් කියන කතාවට මමත් එකග වෙනවා...

    ReplyDelete
    Replies
    1. කථාව ඇත්ත සජා.. මම ජීවිතේ තුන්සැරයක්ම එහෙම කරලා වරද්දගත්තා. අපි කොයි කාටත් වෙන වැරැද්දක් තමයි කාටහරි හිත ගියාම එයාගේ මොන වැරැද්ද තිබුණත් ඒවා හදාගන්න පුළුවන් කියලා හිත හදාගන්න එක. ඒක එහෙම නොවෙන්න පූර්විකාවක් තමයි මේ....

      Delete
  5. // දුවලට වඩා පුතාලට ආදරේ අම්මා කෙනෙකු වීම(මම දුවලට ආදරේ නිසා :D). //

    උඹේයි මගෙයි තියෙන එකම සමානකම ඕක තමයි.. හැබැයි එකක් නම් අනිවා ශුවර්.. ඔය ඔක්කොම තියෙන කෙල්ලෙල්ක් නම් සෙට් වෙන්නේ නෑ.. අනික උඹට කෙල්ලෙක් සෙට් උනාම උඹ මේ එකක් වත් බලන්නෙත් නෑ.. කෝම වුනත් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. සතුටුයි සතුටුයි අයියේ.......සමානකම ගැන..
      මේ ඔක්කොම බලන්නෙ නැති වෙයි. ඒත් මම මේවා බහුතරයක් නම් අනිවා බලනවා.
      (මේතාක් මඟ වැරදුණ නිසාවෙනි)

      Delete
    2. හික්ස්... ඊගාව පාරත් ඉතින් ඒ ටිකම තමයි වෙන්නෙ. අත්දැකීමෙන් කියන්නෙ. ඕක අන්ධයි කියන්නෙ කට කහනවටයැ. :D

      Delete
    3. අනේ මන්දා අප්පා.....:(
      ඒම වෙයිද ඈ....

      Delete
  6. මමත් ඔය ජාතියේ මෙව්වා එකක් දැම්මම කෙල්ලෙක්ම මුනට කිව්වා ඔය ජාතියේ කෙල්ලෝ නෑ කියලා. උඹට කියන්න වෙන්නෙත් එච්චර තමා

    ReplyDelete
    Replies
    1. :D අඩුම තරමින් මං දෙනවැයි කිව්ව ටිකට කැමති වෙන කෙල්ලෙක් හරි ඉඳියි නොවැ.........

      Delete
  7. මම මෙච්චර දවසක් හිතාගෙන හිටියෙ සිතූ කියන්නෙ කෙල්ලෙක් කියලා...තව පොඩ්ඩෙන් මම උඹට යෝජනාව දානවා...

    ReplyDelete
    Replies
    1. මලකෙළියයි....සිතූ කියලා දැම්මේ සිතුවිලි හන්තාන නිසා බං. ඒකේ ලොගෝ එක විදියට. ඇයි හත්වලාමේ ඔය ෆේස්බුක් ප්‍රොෆයිල් එක තීන්නේ.....:o

      Delete
  8. ඔය ජාතියේ කෙල්ලෝ නෑ නෙවෙයි බං !!! ඉන්නවා ..... හැබැයි උන් බ්ලොග් කියවන්නේ නෑ ....... කෙල්ලෝ ඇවිත් එහෙම උන් නෑ කියලා කියන්නේ උන් දන්නේ නැති නිසා , එහෙම නැත්තං ඉරිසියාව නිසා ........ මතක තියාගනිං මෙහෙම කෙල්ලෙක් හමබ වුනාම අත ඇරගන්න නං එපා ,මං කලා වගේ @ අද්දැකීමෙන්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං. මටත් හිතෙනවා මෙහෙම කෙල්ලෝ ඉන්නව කියලා. බලමුකෝ ඉස්සරහට. ඒක නෙවෙයි උඹ දැන් බුකිය පැත්තේ නැද්ද බං.

      Delete
  9. දැන්වීමක් දැම්මොත් සෑහෙන ගාණක් යයි වගේ :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ නොමිලෙම මෙතන දැම්මේ....;) මේ පැත්තට අලුත් නේද.. ආයෙත් එන්ඩ ඈ..

      Delete
  10. හම්බුනොත් අපිටත් කියහන්...

    ReplyDelete
  11. යකෝ කළුනික හොයන එක ලේසියි ඔයිට වඩා. මගේ ලැප් එක කෙලවුනාට පස්සේ අද තමයි බ්ලොගේ පාර හොයාගත්තේ.

    ReplyDelete
    Replies
    1. ආ....කාලෙකින් මේ පැත්තේ....
      මං හොයන්නෙ "කළු" නික නෙවෙයි හරිය.

      Delete
  12. පත්තරේට දාමු විස්තර ටික.. :D

    ReplyDelete
    Replies
    1. මේක දාන්න බර ගානක් යයි....:D
      පත්තර පිටුවක්ම යනවා නේ............

      Delete
    2. සතර පත්තරේට වගේ නම් අඩුවට දාගන්න පුළුවන් වෙයි.

      Delete
    3. Rrrrrrrrrrrrrrrrrr
      මං කියන්නෑ බොට...

      Delete
  13. හම්බ උනොත් නoගි කෙනෙක් ඉන්නවා ද අහලා මටත් කිව්වා නම් එල ???
    අනික අපි බලාපොරොත්තු වෙන විදිහේ කෙල්ලක් සෙට් උනොත් එකේත් ගතියක් නෑ මට හිතෙන හැටි
    ( එකට හෙතු ප්‍රසිද්දියේ කියන්න බෑ )

    ReplyDelete
    Replies
    1. අනිවා කියන්නම් ඈ.....
      උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා කියල මටත් ලාවට හිතෙනවා......(හිතමින්)

      Delete
    2. හිතන්නෙ මොනාද බන් ලොකේ ලස්සන වෙන්නෙ අසමානකම් එක්ක .ජිවිතෙ සමහර දෙවලුත් එහෙමයි .පොඩ්ඩක් රණ්ඩු වුණාම මක් වෙනව ද ??පස්සෙ රන්රස නේ ..ඔකනෙ බන් ජිවිතෙ කියන හැම උබ ඔය බලාපොරොත්තු වෙන ඔක්කෝම ලැබුණාම හැමදාම එක වගේ බොරු නම් බලපන්

      Delete
  14. අනේ දාඩියත් දැම්ම බං.........

    ReplyDelete
  15. හ්ම්ම් ලස්සන post එක. මාත් ඔය සුදුසුකම් ටික හදාගන්න ඕනි අප්පා......... නැත්නම් කසාද බැදලත් ඉවරයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...