Tuesday, December 24, 2013

නොදුටු සොඳුරුතමයන්ගේ සොඳුරු මතක - Cyber Mega Beach Party 2013




දිනය සීතල උඳුවප් මහේ 21 වන ශනි දා ය. සයිබර් අවකාශයේ වැඩි දෙනා ගේ කථාබහට ලක්ව තිබූ ඒ මොහොත උදා විය. සෑම වසරක මෙන්ම මෙවරත් සිංහල බසින් ලොවටම අමතන(නලීන් අයියා කිවු පරිදි) බ්ලොග් කරුවන්ගේ/කාරිණියන්ගේ සුහද හමුව පැවැත්විණි. එය මෙවර පැවැත්වුණේ සුන්දර ගල්කිස්ස වෙරළ තීරයේ ජෝ ජෝ ප්ලේස් හිදීය.


පෙරදා රාත්‍රියේ මුදියා නොහොත් සමියා ගේ නිවසේ ගත කර උදෑසනම ජෝ ජෝ ප්ලේස් වෙත පියවර තැබුවෙමු.

කිසිදා දැක නොතිබූ බ්ලොග් අවකාශය තුළ හා මුහුණුපොතෙන් පමණක් හඳුනාගෙන තිබූ අතිශයින්ම සොඳුරු මිතුරු මිතුරියන් රැසක් ජීවිතයේ පළමු වතාවට මුණ ගැසුණි. මුහුණු පොතෙන් හා බ්ලොග් අවකාශය තුළ විවිධාකාර ලෙස සිය අනන්‍යතාව ගොඩනඟාගෙන සිටි මොවුන් සැබෑ ජීවිතයේ දි තරමක් වෙනස් චර්යාවන් ගත කරන බව මද වශයෙන් දැකගන්නට ලැබුණි(සමහරුන්).

හමු වූ කථාබස් කළ සොඳුරු මිනිසුන් කිහිප දෙනෙකු ගේ වතගොත මෙසේය..........
(මට සිතුණ හැටිය)



නලීන් අයියා - ඉතා සොඳුරු මිනිසෙකි. බුකියේ හැසිරෙන ලෙසින්ම විනෝදකාමීය. වයසට වඩා තරුණ පෙනුමක් ලැබීමට හේතුව මේ විනෝදකාමී බවම විය හැකිය.....


නලීන් අයියා

ප්‍රදීප් අයියා - (නම් දෙක එකට කියවීමෙන් වලකින්න.) ඉතා අහිංසක මිනිසෙකි. සාදයට පමා වී පැමිණියත් සියළු කටයුතු සංවිධානය වුණේ ඔහුගේ අනුදැනුම මතය( මුදියා නොහොත් සමියා ට අනුව). වයසට වඩා දාර්ශනික බවක් මොහුගෙන් දැකගත හැකිය.....


ප්‍රදීප් අයියා


අඩවි රජා -
බ්ලොගයේ වනචරයෙකු ලෙසින් හැසිරෙන නමුත් සැබෑ ජීවිතයේ 'එතරම්' වනචර ගතියක් දක්නට නැත( එක්කෝ මොහු සිටියේ කුමක් හෝ අප්සට් එකකය). අනිත් එවුන්ගේ සිනහවට ලක්වූ නිසාවෙන් සහ කණ්ඩායම් නායකයෙකු වූ නිසාවෙන් මෙවර ඔහුගේ ජවනිකා අඩු වන්නට ඇතැයි සිතමි.


රජා සිය දුරකථනය සමඟ අවසන් වරට


සමිත මදුශාන් - බුකියේ සහ බ්ලොගයේ ඉතා ෆන් ඩයල් එකකි. තමාටම කියා අනන්‍යතාවක් හදාගනිමින් සිටින මොහු මා හට ඉතා හිතෛෂී මිත්‍රයෙකු විය. සැබෑ ජීවිතයේදී ඉතා අහිංසක කොල්ලෙකි. සංවිධායක මණ්ඩලයේ සිටි බැවින් ඔහුට මේ දිනය ඉතා කාර්‍යබහුල දිනයක් විය.


දම් පාට ඇඳන් ඉන්නේ සමිත මලයා ය


සුදීක අයියා - මධ්‍යස්ථ පැවැත්මක් බ්ලොගයෙන් හා බුකියෙන් අනුගමනය කරන මොහු සැබෑ ජීවිතයේදී ද වැඩි වෙනසක් නොදැක්වීය. බුකියේ ඇති මොහුගේ 4ටෝවෙන් දුටු 'සැර' පෙනුමට වඩා හොඳ අහිංසක පෙනුමක් මොහුට හිමි බැවින් අඳුනාගැනීමට අසීරු විය.


සුදීක අයියා


වැප් නිශාන්ත අයියා - බුකියේ දී වැඩියෙන් මුණගැසී නැති වුවත් මුණ ගැසුණ පසු ෆිට් විය. ෆන් එකේ සිටින කොල්ලෙකි. 

වැප් අයියා

නර්ථන ධනංජය - හිතාගෙන හිටියේ පොඩි එකෙක් කියාය. මූ පොඩි නැත. කරන්නේද අලි වැඩය. නිතර සිනහවක් මුව රැඳි මොහු සැමගේ සිත් දිනාගැනීමට දන්නා එකෙක් යැයි සිතුණි. 


නර්ථන

ශම්මියා - බුකියේ සහ බ්ලොගේ හැසිරෙන ලෙසින්ම දඟකාර ෆන් කෙල්ලෙකි. මේකිට නොසෑහෙන්න විසේය. මුගේ වෙන්ඩ මිනිහා ඊට හපන් ය... දෙදෙනාම එලට මැච් වෙන ජෝඩුවකි. මුන් බැන්ද දවසට ගෙදර වහලවල් උඩින් යනු ඇත.....:D

රුවනයා - බුකියෙන් වැඩිය හමු වී තිබුණේ නැත. හමු වූ පසු ෆිට් විය. නිතරම ෆන් එකේ සිටින මූ අහු වෙන අහුවෙන එකා මුහුදේ එබුවේය. බොරුවක් කියා මා නම් යාන්තන් බේරුණි. :D


කහ පාට ඇඳන් ඉන්නේ ශම්මියා සහ රුවනයා ය


යටලියන අයියා - නිශ්ශබ්දව කාලය ගත කරන නිහඬ චරිතයක් යැයි සිතුණි. අහිංසක සිනහවක් මොහුට උරුම ය.

නිල් පාට ටී ෂර්ට් එක ඇඳන් ඉන්නේ යට ලියන්නාය

සසිඳුවා - බුකියේ කෑ ගසා ප්‍රීතියෙන් සිටින නමුත් මූ හෙමිජ්ජා වගේ නිශ්ශබ්දව සිටියේය. නැත මූ නිශ්ශබ්දව ඉඳ තිබෙන්නේ මුගේ අහිංසක කම නිසා නොවේය. හෙමින් හෙමින් මූ හැමෝටම මඩ එකතු කරගෙන තිබුණි. දැන් ඒවා දිගට හරහට ගසනවාය.
සසිඳුවා


ද තරුවා - බුකියේ සිටින්නේ හෙනම කුප්ප චරිතයක් විදියටය. හතර වටේට නෙලනවා ය. කුප්ප කථා එමටය. එහෙත් මේ තුමා එදා සෑහෙන්න නිස්සබ්දය. වෙන්ඩ ගෑනි හිටිය නිසාද දන්නේ නැත. හරීම නිස්සබ්ද චරිතයක් ලෙස සිතුණි. උඩ තට්ටුවට නැඟ තමාගේ පාඩුවේ කැමරාව වනමින් සිටියේය.
(නැත. මේකා ද කුප්ප ලෙස මඩ 4ටෝ එකතු කරමින් සිට ඇත. )


සුභාෂ් මල්ලි - බුකියේ සෑහෙන්න කෑගසන එකෙකි. ඒත් මෙහිදී වැඩි සද්දයක් නැතුව හිටියේය. 


ඈතින් කැමරාවක් අරන් ඉන්නේ තරුවා ය
වම් පසින් කළු පාට ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ සුභාෂ් ය



රෙපා අයියා - බුකියේ සිටින්නේ අවුරුදු 18 තරුණයෙකු ලෙසින්ය. නමුත් මූ නාකියෙකි. :D වැඩිය කතා කිරීමට නොහැකි විය. ෆන් එකේ සිටිනු දුටුවෙමි.

සිත්තරී අක්කා - කපුටන්ට නායකත්වය දෙමින් ජයග්‍රහණය කරා රැගෙන ගිය කපුටු රැජින ය. හොඳ මිත්‍රශීලී අක්කෙකි. 
කහ පාට ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ රෙපා අයියා ය
රතු පාට ඇඳන් ඉන්නේ සිත්තරී අක්කා ය.

චනු‍ක්ස් අයියා - කපුටන් ගේ මහ මොළ කරුය. නිහතමානී කොල්ලෙකි. කලින් හමු වී නොමැත. එහෙත් හොඳ හිතෛෂියෙකු විය.....


කළු පාට ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ චනුක්‍ස් අයියා ය


ඈ හෙවත් අයේශා - මේකි නම් සුපුරුදු ටකරම ය. කිසිම වෙනසක් නැත. අම්බානක දඟලන එකියකි. අවුස්සාගැනීමට නුසුදුසු කටක් ඇති සීදේවී කෙල්ලෙකි.

ජේඩියා - අසරණ කොල්ලෙකි. බුකියේ දකින ලෙස කුප්ප චරිතයක් නොවේ යැයි සිතුණි. අහිංසක මූ අයිසාට අහු වෙලා ය. 
අයිසා සහ ජේඩී

බට්ටා බට්ටා - බුකියේ වැඩියෙන් සද්ද දැමූවත් සැබෑවට නම් අහිංසක එකෙක් යැයි සිතුණි. ජීවිතේ සරලව හිතන එකෙක් යැයි සිතුණි...


කර උඩ ඉන්නේ බට්ටා ය


දුලාන් අයියා - බුකියේදී හොඳින් මිතුරු වූවෙකි. හොඳින් කතාබහ කරන එළ කොල්ලෙකි. කෙල්ලන් සමඟ සිටීමට මෙන්ම කොල්ලන් සමඟ සිටීමටද මනාපයක් දක්වයි. :D 

දේවක අයියා - වැඩි සද්දයක් නැති තමාගේ පාඩුවේ සිටින එකෙක් යැයි සිතුණි. දවසේ වැඩි හරියක් ගත කළේ කෙල්ලන් සමඟය. 
උස එකා දුලාන් අයියා ය
මිටි එකා දේවක අයියා ය


රනා අයියා - මීට පෙර බුකියෙන් මුණ ගැසී නැත. පළමු හමු වීමයි. සංවිධානාත්මක වැඩ වලට දක්ෂ පුද්ගලයෙකි. කතා දෙකක් නැත. දේශපාලනය මොහුට උචිතය. 


මැද සිට අණ දෙන්නේ රනා අයියා ය


අසංක හෙන්දහේවා - බුකියේ පෙනෙන්නේ හෙන වයසක එකෙක් ලෙසය. පසුව බැලූ විට මූ මගේ වයසේමය. මුණ ගැසුන විටත් මූ මට මල්ලී කීවේය. :v කමක් නැත. මූට මාමා කියන්න බැරි වීම ගැන දුක් වෙමි. වැඩිය සද්දයක් නැති එකෙක් මෙන් පෙනේ....


අසංක හෙන්ද හේවා


දිනෙල්ක - බුකියේ සිටින ලෙසින්ම පොර ටෝක් දෙන එකෙක් යැයි සිතුණි. හෙනම ආඩම්බර ගතියක් දැක්කේ මුගෙනි. මුගේ පාඩුවේ බීච් එකේ ආතල් එක ගත්තේ ය.

ප්‍රමුදි නොහොත් මෙත්මලී - බුකියේ සිටින ප්‍රචණ්ඩකාරී, පෙරළිකාර කාන්තාව සැබෑ ජිවිතයේ නොමැති බව සිතුණි. මොකක් හෝ අප්සෙට් එකකින් සිටිය බව නම් නිසැකයෙන්ම කිව හැකිය...


දිනෙල්ක සහ ප්‍රමුදි

නාඩියා - මා සිතා සිටියේ හෙන පොරක් කියාය. එහෙත් හරිම නිහතමානී කොල්ලෙකි. මූට කෙල්ලන් පේන්න බැරිය. එනම් මූ කෙල්ලන් සමඟ වැඩිය කතා නොකරයි.:D නටන විට නිතර නැවෙන්නේ ඇයිද කියා අසන්නට බැරි වුණි....


නැවීගෙන නටන්නේ නාඩියා ය


සත්සර විමුක්ති - බුකියෙන් මුණගැසී තිබුණ නමුත් වැඩිය ඉන්ටරැක්ශන් එකක් නොතිබුණි. පලමු මුණගැසීම ය. ෆන් ඩයල් එකකි. වනචර කොල්ලන්ගෙන් අක්කාව බේරා ගැනීමට ඉතා වෙහෙස මහන්සියක් දැරීය. ලස්සනට නටන එකෙකි. කොටින්ම නැටුම එපා කරවීමට සමත්ය...:D

මධූ - කලින් දන්නේ නැත. එහෙත් බලෙන්ම කතා කර ෆිට් විය. සමාජශීලීය. මල්ලී මෙන්ම ලස්සනට නටනවාය. chikni chameli එකට නටපු නැටුම සුපිරිය. කිසිදා අමතක නොවේ.....


වමේ සිට මධූ සහ සත්සර


බනියා - කැමරාව උස්සන් සුපුරුදු ලෙස පැමිණියේ ය. වැඩිය මහත නැත. හාවා කියන නමට හරියන ලෙසම හුරතල් පෙනුමක් ඇත. :p . වැඩි කතා බහක් නැත. වැඩ පමණි....


බනියා

ජනරංග අයියා - පළමු හමුවීමයි. එල කොල්ලෙකි. ෆන් ඩයල් එකකි..


දෙක පෙන්නාගෙන ඉන්නේ ජනරංගයා ය


වෙනී අයියා - බර්ලිනයේ සිට පැමිණි බැවින් බොරු බර්ලින් කියා නමක් ද හදාගත්තේය. අහිංසක චරිතයකි. සිනහමුසු මුහුණින් සිටින ප්‍රීතිමත් පුද්ගලයෙකි....


මැද ඉන්නේ වෙනී අයියා ය


සමීර සඳරුවන්- පොඩි එකෙක් වුවත් මහ එකෙක්ගේ වැඩ කොරන එකෙකි. කතා කිරීමට උත්සාහ කළ නමුත් කිහිප වරක්ම මොකක් හෝ හේතුවකින් එය මඟ හැරුණි....(ෆේක් නම සඳහන් කිරීම හරි නැත යැයි සිතුණි)


සමීර සඳරුවන්( _ _   _ _ _ න්)


චන්දන ලියනාආරච්චි අයියා - බුකියේ කමෙන්ට් කරන ලෙසම ෆන් එකේ ඉන්න එකෙකි. මුලදී "මූ කවුදැයි" හැමෝටම වාගේ ප්‍රශ්නයක් වී තිබුණි. ලස්සනට නැටුවේ ය.


චන්දන අයියා


සිහිනයා -කලින් හමු වී ඇත. කැමරාව උස්සගෙන හතරවටේ 4ටෝ ගැසුවේ ය. ලස්සනට හින්දි ගීත ගායනා කිරීමට හැකිය. එසේ ගායනා කරන විට මයික් එකේ වයර් එක ගැලවී ගියත් ගායනය පට්ටය.....


සිහිනයා

මීගොඩයා අයියා - බුකියේ හොඳින් හිතවත්ව සිටි චරිතයකි. හොඳ කවි කාරයෙකි. වැඩිය කතා කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත. එහෙත් හඳුණාගත්තෙමි. සිනහමුසු මුහුණින් සිටින එල කොල්ලෙකි.


කණ්නාඩි පොළඟා මී ගොඩයා ය


චතු මිතු අක්කා - බුකියේ ඇති පැහැපත් ඡායාරූපයට වඩා සුදු බැවින් අඳුනාගැනීමටද අසීරු විය. මිත්‍රශීලී කෙල්ලෙකි.


කොළ පාටින් ඉන්නේ චතු මිතු අක්කා ය



තරියා - මූ ආවේ සාදයේ පළමු අර්ධයේ අවසාන හෝරා කිහිපයේදීය. එන්නෑ කියා කෑගැසුවත් ගෙදර ඉන්නට බැරි වී ඇත. බුකියේ හැසිරීම සහ සැබෑ ජිවිතයේ හැසිරීම වැඩි වෙනසක් නැත. අව් කණ්ණාඩි දෙකේ පිහිටෙන් හතර වටේ හොඳින් නැරඹීමට මූ සමත් විය....


තරියා නා ගෙනය
මලිතයා - බුකියේ වැඩි ඉන්ටරැක්ශන් එකක් නොතිබුණි. සිතා සිටියේ සද්දන්ත චරිතයක් කියාය. ඇඟෙන් නම් සද්දන්තය. එහෙත් සිනහවක් මුවෙහි රැඳි ප්‍රසන්න පුද්ගලයෙකි...


මලිත් කුෂාන්

පවිත්‍ර යා - කලින් බුකියේ හමුවී ඇතත් වැඩි කතා බහක් තිබී නැත. මිත්‍රශීලි කොල්ලෙකි..මුගේ ෆේක් නම මට අමතකය.
පවිත්‍ර
නෙරංජි අක්කා - බුකියේ ඇති සුපුරුදු ආඩම්බර බව එලෙසම තිබුණි. ඇයිද මන්දාය. වැඩිය කතා නොකළාය.

අචිනි අක්කා - අනේ මන්දා ය. පිස්සු චරිතයකි. බුකියේ කෙලින්නේද පිස්සුය. මෙහිදී ද සුපුරුදු ගතිය එලෙසින්ම තිබුණි....:p


නෙරංජි අක්කා සහ අචිනි අක්කා


උෂාන් අයියා - මා...ර ෆන් ඩයල් එකකි. හැම තැනටම පැන පැන ආතල් දුන්නේය....:D

බෝලේ දාන්නේ උෂාන් අයියා ය

අහේතුකයා - කලින් දන්න එකෙකි. අමුතුවෙන් අඳුරගැනීමට දෙයක් නැත. ආපු වෙලේ සිට පැත්තක් ගස්සගෙන සිටියේ ඇයිදැයි නොදනිමි.....


රජාගේ කරට අත දාගෙන ඉන්නේ අහේතුකයා ය

චමිතයා - මූ ප්‍රසිද්ධ ෆේක් එකකි. හඳුනාගත් පසු දැන් හිතෙන්නේම රටටම අනාවරණය කිරීමටය. ඒත් පව් ය. එම නිසා නොකරමි.....වැඩි කථා බහක් නැත.


මේ චමිත් ය


සිතුමා නොහොත් පැතුමා - මූ එල කොල්ලෙකි. බුකියෙන් හඳුනාගත් හොඳ කවි කාරයෙකි. අහිංසකයෙකි. වැඩිය දැඟලුවේ නැත. පාඩුවේ හිටියේ ය.


මූණ පේන 4ටෝ එකක් හොයාගැනීමට බැරි විය.
මේ පැතුමාය.

ඔරිජිනල් මිස්ටර් චකබ්ලාස්ට් - හිතාගෙන හිටි පරිදිම චූටි කොල්ලෙකි. මගේ ෆේක් එකවුන්ට් එකේ හොඳ මිතුරෙකි..(ඔව්. මටත් ෆේක් එකක් තියෙනෝ). කට නම් පට්ට සැරය. ගම්මිරිස් ඇටේ වගේය......


චකබ්ලාස්ට්


කාව්‍යා අක්කා, අටමා අයියා, සුමිත් අයියා, කොලින් අයියා, පවනියා, චූටි බබී, දුශ්, දඟයා, භූමි,චන්දන, ඩිල් ස්පීඩි, මාතලන් අයියා සමඟ ද හසංගි සහ තවත් කෙල්ලන් බොහොමයක් සමඟ ද(නම් මතක නැත) කතා කිරීමට නොහැකි විය. නැති නම් මූණු මතක නැතිය...
තවත් බොහෝ පිරිසක් මෙයට සහභාගී වුණි. ප්‍රදීප් අයියාට අනුව ගණනින් 136කි. ඒ දහවල් පාටියට ය. රෑ ගැන මං දන්නේ නැත....


මේ බුකියේ ඇති ඡායාරූප එකතුවකි...


ලිපිය දිග වැඩි වේගෙන යන හැඩය. එම නිසා වෙනත් ලිපියකට ඉතුරු කොටස් ටික දැමීමට බලාපොරොත්තුවෙන් සමු ගනිමි......සිදු වූ බොහෝ දේ ගැන ලිපි සහ 'මඩ' ඇති වෙන්න තිබෙන හැඩය. එම නිසා නොපැමිණි සහෘදයන් සහ තවත් බොහෝ පිරිස වෙනුවෙන් මෙවන් ලිපියක් ලියවුණි....


කට්ටිය ඇස් බැඳගෙන සත්තු එකතු කරේ මෙලෙසින්ය.....




මධූ දැරිවියගේ සහ දුලාන් දරුවාගේ මනබඳින නර්ථනය, නාඩියා සහ සත්සරයා කසා ගන්නා අන්දම ඇතුලත් වීඩියෝව පහතින් ඇත...




 පහළින් ඇති 4ටෝවේ ඉන්නේ මං තුමාය. මේ 4ටෝවෙන් පැවසෙන දහසකුත් දේ ඇති බැවින් මඩ ගැසූ සහ මඩ ගැසීමට සැරසෙන පුද්ගලයින් මේ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි....:P




ස්තුතියි!
ප.ලි : 
*ඡායාරූප පැහැදිලි මදි නම් ඒ මත ක්ලික් කර බලන මෙන් ඉල්ලා සිටිමි..
*සියළු ඡායාරූප වල අයිතිය ඒ ඒ ඡායාරූප ගත්ත අයගේය...

ගෙට්ටුව ගැන දැනට ලියවී ඇති ලිපි....
සසිඳු ගේ blog අඩවියෙන්
තහනම් අඩවියෙන්
සමී ගේ පුංචි ලෝකයෙන්
චකබ්ලාස්ට් ගේ ලෝකයෙන්
හත් පෙති මලෙන්
සිතැඟියාවෙන්
අඟහරුවා ගෙන්

තවත් තිබේ නම් ඒවා කමෙන්ටුවකින් එකතු කරන්න. පසුව එය මෙම ලිපියට එකතු කිරීමට බලාපොරොත්තු වෙමි....


77 comments:

  1. ඔහෙප්පලයන් ඒක පුද්ගලික පසු විපරුම ලෙසටම තියෙන්නේ...මං අහිංසකයෙකි ^_^

    ReplyDelete
    Replies
    1. ඒ අහිංසක කම කවියන්ට උරුම වූ දෙයකි.....
      (මාත් කවියෙකි ^_^ )

      Delete
    2. මම නොදන්න මුන්ගේ අහිංසක කම -_-

      Delete
    3. මං ආඩම්බරයි ........ හැබැයි ඒ තවත් ආඩම්බර උන් අතර ඉන්නකොට :D
      කෝ යකෝ මඩ ......... මේක හරියන්නේ නෑ පොස්ට් ලියපු එකෙක්වත් මඩ ගහලා නෑ :3 :D

      Delete
    4. :D එහෙනං එතන හිටපු ගොඩක් එවුන් ආඩම්බරයි ආ....o.O

      Delete
  2. මේක තමයි මම හිතන්නේ වැදගත්ම ලිපිය. ආපු එවුන් සේරම ගැන දැන ගත්තා. එදා දවසේ මේ කවුද කිය කියා එක එක අයගෙන් අහගත්තට මතක හිටියේ නෑනේ

    ReplyDelete
    Replies
    1. මේක හදන්න හෙන ගේමක් දුන්න බං.....:/

      Delete
  3. ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා මාත් ඉන්නේ බැබලි බැබලී :D

    ReplyDelete
    Replies
    1. කළුවන් කළු රුවයි අපෙ වැප් නිශාන්තයා.....:D

      Delete
  4. එළ මෙකට කොමන්ටුවක් නොදා යන්න බෑ මලයා නියමයි...හොද වැඩක් මතක හිටින මතකයක් උඹ හදලා ........තැන්ක් උඹේ අයිඩියා එකට...පට්ට

    ReplyDelete
    Replies
    1. චන්දන අයියාට බයේ හිටියේ කස්ටිය මුලින්...නිකං CID එකෙන් වගේනේ....:D

      Delete
  5. එන්නනම් බැරි උනා අන්තිම මොහොතේ කුණු කන්දලයක් කඩන වැටීම නිසා. :'(
    මොකක් උනත් නාදියයි සත්සරයයි කහගන්න එකනම් නියම ය.ඔතනට තව හෙන සැට් එකක් එන්නොන නේ බන්?
    කොහොම උනත් කරපු වැඩේ පට්ට, (y) ලබන පාර අනිවා අවුරුදු උත්සවේදී සෙට් වෙමු

    ReplyDelete
    Replies
    1. අනිවා සෙට් වෙමු මචං.... තව තව හොඳ ඩාන්ස් ඇත....ඒවා පසුව එක් කරන්නම්... මේ මා ළඟ තිබූ වීඩියෝය.....

      Delete
  6. //ඉතා අහිංසක මිනිසෙකි. සාදයට පමා වී පැමිණියත් සියළු කටයුතු සංවිධානය වුණේ ඔහුගේ අනුදැනුම මතය( මුදියා නොහොත් සමියා ට අනුව). වයසට වඩා දාර්ශනික බවක් මොහුගෙන් දැකගත හැකිය.....//

    මේකා මං ගැන බොරු කියලා...

    ReplyDelete
    Replies
    1. :v අනේ අපි නම් දන්නේ නැත......මේවා රට්ටු කියන ඒවාය...

      Delete
  7. කට්ටිය ගැන කරල තියන හැදින්වීම මරු ඈ, මන් ගැනත් හදුන්වාදුන්නට ස්තූතියි :D

    ReplyDelete
  8. බොහෝ දෙනෙක් ගැන කියවන්නට ලැබුනා. ටොප් වැඩක්. ලබන පාරවත් හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. අනිවා හමුවෙමු. ගොඩ දෙනෙක් ආවෙ නෑ තමයි....

      Delete
  9. කව්ද බං අහේතුක කියන්නෙ? මොකෙක්ද ඌ?

    ඌ එහෙම තමයි :D

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං....ඌ ඌව හඳුන්වා දුන්නේ එහෙමයි.....:p

      Delete
  10. සමිත මදුශාන්

    ^ මේ කවුද බං :O

    ReplyDelete
    Replies
    1. :o ඒ උගේ ඔරිජිනල් නමලු. ඌටත් සෑහෙන්න ප්‍රසිද්ධ ෆේක් එකක් තියේලු.....

      Delete
  11. මගේ ගැන ලියලා නෑ සිරාම කිව්වොත් මම පරසිද්ද නෑ නේ

    ReplyDelete
    Replies
    1. :v මං කිව්වයි කියලා හිතාගං. ඔය උඹ මගේ කට ඇරවගන්න හදන්නේ.....

      Delete
  12. අම්මට සිරි ගජ..අක්කට කජු මද...මූ වෙනම Biographic Profiles හදලනේ......ඈ..මම නිහඬ කිව්ව.....ඔව්..ඔව්..හැබැයි කට අරිනකම් විතරයි...අර අහිංසක කතාව නම් මගෙ යාලුවොන්ට කියන්න එපා හොඳේ ...උඹට ගහයි බැට් එකෙන්....

    ReplyDelete
    Replies
    1. අපොයි ඉතින් එදා ඒනං ඔබතුමා සාර්ථක ලෙස රඟපා ඇත...අසරණ මා අහුවී ඇත....

      Delete
  13. අඩේ..මෙන්න වැදගත්ම ලිපිය..මඩ ෆොටෝ නැතුවට සෑහෙන්න මඩ ඇත...සමියාගේ ඇත්ත හෙලිවී ඇත

    ReplyDelete
    Replies
    1. මේ මොකාද....මට මතක නෑ නොවැ.....
      සමියාගේ ඇත්ත හංගා ඇත....ඌ විහින් නාගනිමින් සිටී......:v

      Delete
    2. http://malmallk.blogspot.com මෙන්න මේකෙන්.අර බං කොට කලිසමක් ගහන් නිලුයි කහයි ඉරි තියෙන ෂර්ට් එකක් ඇදන් හිටියෙ

      Delete
    3. මං බ්ලොගේට ගියා. ඕම කිව්වට මතක නෑ බොලං....4ටෝවක් වත් තිබුණ නම්......

      Delete
    4. https://www.facebook.com/photo.php?fbid=10202176559309341&set=a.10202176554469220.1073741848.1049785475&type=1&theater&notif_t=like_tagged

      Delete
  14. මෙ පොස්ට් එකට තැන්ක්ස් මලය.අදුන්වා දෙන වෙලාවෙ මෙලො මගුලක් ඇහුනෙ නැ.ගොඩක් වටිනව මෙක

    ReplyDelete
    Replies
    1. අයියෝ.....අයියාව එදා දැක්කට කතා කරන්න බැරි වුණානේ...දැන් තමයි මීටර් වුණේ මේ දමිත් අයියානේ කියලා....ශිහ්.හපරාදේ...
      සිහින උළෙලෙදිවත් සෙට් වෙමු....

      Delete
  15. හෙක්.. මේ මං තුති එකා කිව්වා නී.. තැන්කු ඈ.. ඔක්කොම කියෙව්වා. ආයේ නිමාඩුව කියවන්න ඔනී.. අවුලක් නෑ අනේ පේක් එක හැමෝම දන්නවා.

    ReplyDelete
    Replies
    1. බෙන් ටෙනිසන්....මා හිතුවේ උඹ හෙන ලොකු එකෙක් කියාය. ඒත් තෝ පොඩි එකෙකි. කියලා එන්න ඕනි ඒකට.....^_^

      Delete
  16. සැහ් මෙන්න මාත් ඉන්නව.. ඒ මම කිවුවෙ හින්දි සිංදුවක් නෙමේ.. අර පාස්ට් පයිවු එකේ තිබ්බ සකු ඩූරෝ සිංදුව කිවුවෙ. වයර් එක ගැලවුනත් සිංදුව ඇහුන. කෝමද පවර් එක :D :D

    ReplyDelete
    Replies
    1. සිහින සිහිනයෙන් ගීත ගායනා කළ වගයි......:D

      Delete
  17. මේ පොස්ට් එක පට්ට වටිනවා.. ඔන්න මේක මගේ එකටත් ලින්ක් කරා.. එතකොට ඔක්කොම ලින්ක් කරා වගේ තමා.. මේ මගේ එකේ ලින්ක් එක..
    http://angaharuwa.blogspot.com/2013/12/blog-post.html

    ReplyDelete
    Replies
    1. ආ.... ඔන්න මං ඕකත් දැම්මා....

      Delete
  18. අඩේ බං මම උඹව දැක්කේ නැනේ

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං අයියේ...:/ මටත් ඒකට හරි අප්සට්... මං උදේ ඉඳන් හෙව්වා. අයියා ඇවිත් තියෙන්නේ පරක්කු වෙලා නේ....

      Delete
  19. අපිත් හැමෝවම අඳුරගත්තා මේ පොටෝවලින්...ස්තුතියි රන්දුවෝ...

    ReplyDelete
    Replies
    1. ඔබට වෙල්කම් රෙහානි අක්කේ.....:D

      Delete
  20. නියම ලිපියක් මලයා. මාත් අඳුනන්නෙ නැති කෂ්ටිය මෙතන ඉන්නවනෙ.
    ඊගාව පාරවත් සෙට් වෙමු.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා අයියේ.......

      Delete
  21. සයිබර් පාටියේ ඉතා වැදගත් ලිපිය එදින පැමිණි සියලු දෙනා ගැන ලියැවුණානම් වටින කම කිය නිම කළ නොහැක.. බලමු ඉදිරි වැඩසටහනකදී ඒ දෙය කරන්නට. ස්තුතියි මලයා

    ReplyDelete
    Replies
    1. කතා කරන්න බැරි වුණ අය ගොඩක් හිටියනේ අයියේ....ඒකයි අවුල...අපරාදේ...ඊළඟ පාර අනිත් අය ගැන දාලා වෙනම ලිපියක් ලියන්න ඕනි...

      Delete
  22. මොකක්ද යකෝ මං ගැන කිව්වා වූ ඒ කුප්ප කථාව... #වපූ හික්ස්

    ReplyDelete
    Replies
    1. :o මොකක්ද බං ඒකේ තීන කුප්පකම...උඹ දෙගොල්ලන්ටම කැමතියි කිව්වේ කැමැත්ත මිසක් වෙන එකක් නෙවේ.....^_^

      Delete
  23. යකෝ බ්ලොග් එකේ විදිහට වනචර වෙන්න පුළුවන්ද ඇත්තටම???
    අප්‍රසන්නයිනේ ඕයි!!! -_-

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒක නම් සිරා කථාව.......ඒම වනචර වුණා නම් උඹ මෙලහට අන්තපුර දෙක තුනක්ම දාලා.....

      Delete
  24. මාත් ඉන්නේ මේ ^_^
    ටැංකු ඈ

    ReplyDelete
    Replies
    1. ඔබට වෙල්කම් ප්‍රමුදි.....

      Delete
  25. සෑහෙන්න වටිනවා ඊගාව ගෙට්ටුවට එද්දි හොඳට කියෝගෙන එන්න ඕනෙ මේක.

    මොකද්ද බන් අර නාඩියා නටන නැටුම? හික්ස්!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්....කියෝගෙන එන්න තමයි මාත් ලිව්වේ...මට හරි ඉක්මනට අමතක වෙනෝ....

      Delete
  26. මෙදා පොටේ බ්ලොග් ගෙට්ටුවට නවක තරු රාශියක් පායා ඇති හැඩයි...සැබවින්ම ගෙට්ටුවක් පවත්වන්නේද මේ අරමුණ සාක්ෂාත් කරගනු උදෙසා නිසා මෙය ඉතා හොද ප්‍රවණතාවකි...

    ReplyDelete
    Replies
    1. ඔව්...ගොඩක් අය නවකයෝ...මේ මාත් නවකයෙක් නේ ගෙට්ටු වලට....

      Delete
  27. ශම්මියා - බුකියේ සහ බ්ලොගේ හැසිරෙන ලෙසින්ම දඟකාර ෆන් කෙල්ලෙකි. මේකිට නොසෑහෙන්න විසේය. මුගේ වෙන්ඩ මිනිහා ඊට හපන් ය... දෙදෙනාම එලට මැච් වෙන ජෝඩුවකි. මුන් බැන්ද දවසට ගෙදර වහලවල් උඩින් යනු ඇත.....:D

    ඕකේ

    //දඟකාර ෆන් කෙල්ලෙකි. මේකිට නොසෑහෙන්න විසේය. මුගේ වෙන්ඩ මිනිහා ඊට හපන් ය...// මේ ටික අපේ අම්මා හේම දැක්කා නම් බ්ලොගයක් හදාගෙනම එවී ක්මෙන්ට් එකක් දාන්න :3

    බොලත් මෙලෝ වෙනසක් නැත :D බුකියේ සහ බ්ලොගයේ ඉන්නා එකාමය ^_^ :D

    ReplyDelete
    Replies
    1. හෑ....මං හෙන අහිංසකයි නේ.....^_^
      අපි ඒනං අම්මාට බ්ලොගක් හදා දෙමු .....

      Delete
    2. පැ යන්න, හෙලා දකිනවා බොලව් >:O මමත් හෙනම අහිංසකයි ^_^

      Delete
    3. අනේ පව් අර කොල්ලා.....:p
      (ඌත් පව් නෑ...එදා කී දෙනෙක් වතුරෙද ඌ නිසා...)

      Delete
  28. උඹෙ මේ වෙනස් මඩ පාර නියම වැඩක්! නොදන්න උන් තමයි ඒත් භාගයක්ම ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. අම්මපා මේ මඩ නෙවෙයි....මට හිතුණ හැටි නොවැ...^_^

      Delete
  29. තන්කු ලිවට :) , ඉලග පාරත් හම්බ වෙමුකො සෑහෙන්න ආතල් එකක් ගන්න

    ReplyDelete
  30. මං පොරක් තමයි යකෝ! අනිත් දවසේ ආඩම්බර විදිහට ඉන්න ඕනේ! කසනවා නෙවෙයි යකෝ ඒ අලුත් dancing style! ;) ඔව් ඉතිං අපි අඩිය කතා නෑ ඔය ගෑනු කියන ජාතියත් එක්ක! මල වදේ.. :P

    ReplyDelete
    Replies
    1. ෆල ෆල.......වැස්සත් වදයක්ලු. ඒත් සුන්දරයි ලු....;)

      Delete
  31. ලෙසටම කස්ටිය හදුන්වාදුන් බ්ලොග් පෝස්ටුවක්

    ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. මං ඕකට ජොඉන් වෙලාය....^_^

      Delete
  32. නර්තන ජනංජය ,, බන් :3

    පසට ඈ... උම්බනන් ඉතින් බුකියේ වගේමයි... එල කොල්ලෙක්......සුදු මහත්තයා කියල දැන් හැමෝම දන්නවා බන් :3 ...

    ReplyDelete
    Replies
    1. :v ගෙට්ටුවක් තිබීම යනු ෆේක් වුන් රියල් වීමයි......:D

      Delete
  33. මගේ ළඳ බොලඳ හිනාව ගැන ලියල ලෑ .. :3

    ReplyDelete
    Replies
    1. :v
      උඹේ ලද බොළඳ හිනාව....??
      පොඩි එකා වුනාට උඹේ තියෙන්නේ වනචර හිනාවක් ඈ...

      Delete
  34. මේක දැක්කේ දැන්නේ යකෝ......
    තොට හෙන ගහනවා යකෝ වෙන ෆොටෝ එකක් තිවුනෙම නැද්ද

    ReplyDelete
  35. මේක දැක්කේ දැන්නේ....
    බොට වෙන ෆොටෝ එකක් තිබුනෙම නැද්ද යකූ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...