අකීකරු කෙහෙරැළි
දඟයි මත නෙතු පියවිලි
රෝස තොල් දෙපියලි
බවුන් වැඩි සිත ලතැවිලි
රුසිරු බඳ සැරසිලි
වැනෙයි තාලෙට නැලවිළි
ලැම හසුන් දිලි දිලි
කරයි හදවත නැවතිලි
මනමාල හසරැළි
හෙලයි මුවඟින් සැලි සැලි
සිහින් මුදු එරවිලි
කරයි තව තව ගැස්සිලි
හිත නුහුරු මැසිවිලි
පෙළයි මා සිත සිතුවිලි
සිතින් මා වෙලි වෙලි
ඇගේ ගමනත් නිම විණි
ඒකත් ඉවරයි එහෙනං.. ආයි කව්රුවත් නැංගද බලහං..
ReplyDeleteආයේ දවසක තමයි කවුරු හරි නැග්ගද බලන්න වෙන්නේ....:v
Deleteඉස්කෝලේ යන කාලේ නම් බැහැලා පස්ස්සෙන් යන්න තිබබා නේ
ReplyDeleteමොන ඉස්කෝලෙද....මේ කැම්පස් එන ගමන් බස් එකේ.....
Deleteඅමිමප බස් එකකවත් ගෑනු ලමිස්සියෙක්ට යන්න නෑනෙ... :P
ReplyDeleteමේක අහිංසක ආතල් එකක් නේ අම්මපා. බලාගෙන කවි ලියන එක.....:D
Deleteඅනිත් දවසෙ නම්බරේවත් දියන් :P
ReplyDeleteදකින දකින කෙල්ලට නම්බරේ දෙන්න බයයි බං දැන්.......
Deleteඅනේ වාසනාවන්
ReplyDeleteහැක්.....
Deleteඒක පට්ට.
ReplyDelete// ලැම හසුන් දිලි දිලි
කරයි හදවත නැවතිලි// මලේ නෑනෙ?
අපූ නෑ...මලේ නෑ.....හෙනං දැන් මැරිලා තව මොනා හරි වෙලා....
Deleteනියමයි මලේ
ReplyDeleteබෝම ස්තුතියි අයියේ....
Deleteහෆෝයි මූ වගේ එකෙක්. කෙල්ලෙක්ටවත් නිදහසේ බස් එහෙක යන්න නෑනෙ හැබෑට!!! :ඵ්
ReplyDeleteකවි ටිකනම් සුපිරි....
මගේ හිතෙන් බේරිලා යන්න බෑ කෙල්ලොන්ට ලේසියෙන්....;)
Deleteබෝම ස්තුතියි බස්සි....
නැවතත් ඇහෙන් කෑමක්!
ReplyDeleteඅපි කෑවොත් ඇහෙන් තමයි බං.....:/
Deleteහි හි....
Deleteමේ ගුට් කන වැඩ සෙට් කර ගන්නේ නැතුව ඉදින් බං.. දැන් කාලේ වෙනස්..
ReplyDeleteපාඩුවේ හොරෙන් බලලා කවිය ලිව්වේ...අනේ අහිංසක මම......
Deleteවල්කමට බලං ඉදලා ඒකි එරෙව්වා නේ..??හූ හූ
ReplyDeleteඒක නම් ඉතින් එහෙම තමයි....මොනා කරන්නද....
Deleteබලාගෙන කොල්ලො කොයි වෙලේක හරි
ReplyDelete'පොලීසිය පෙනි පෙනි
මගේ ගමනත් නිම උනි' කියන්න වෙයි. :D
අපොයි, බලන් හිටියමත් පොලීසි යනතරං දැන් කෙල්ලෝ දරුණුද හෑ....
Deleteකෝ මගේ කමෙන්ට් එක? දැම්මා වගේ මතකයි මට..
ReplyDeleteහරි හරි අයියේ....ඒක වැටිලා..මං මොඩරේෂන් දාලා තියෙන්නේ. අර අමාරුවක් තියෙන එකෙක් කමෙන්ට් දානවා නේ...ඒකයි.
Deleteඑක්සෑම් නිසා කමෙන්ට් ටික පබ්ලිෂ් කරන්න වුණේ පරක්කු වෙලා...
ඔයින් ගියා මදෑ ...කොල්ල නූලෙන් බේරිලා..
ReplyDeleteමම නෙවෙයි ඒකි නූලෙන් බේරුණේ.....:D
Deleteමං කියන්නේ ආණ්ඩුවෙන්වත් මුදල් යොදවල ඔයවගේ කෙල්ලෝ බස්වල යවන්න ඕනි... උඹලට තව තවත් කවි ලියන්න.
ReplyDeleteකවි ලිව්වට කමක් නෑ පුතේ.. බර අවි සඟවාගෙන
හොඳම කමෙන්ට් එක....:v
Deleteඅනේ වාසනාවන්..
අපි ආණ්ඩුවට බලපෑම් කරමු එහෙම කරන්නෙයි කියලා....
හොදයි මලයා...ලස්සන දේ අගය කිරීම හොද ගුණාංගයක්...
ReplyDelete