Wednesday, January 8, 2014

බසයේදී ඇති වූ වලත්ත සිතුවිලි....෴






අකීකරු කෙහෙරැළි
දඟයි මත නෙතු පියවිලි
රෝස තොල් දෙපියලි
බවුන් වැඩි සිත ලතැවිලි


රුසිරු බඳ සැරසිලි
වැනෙයි තාලෙට නැලවිළි
ලැම හසුන් දිලි දිලි
කරයි හදවත නැවතිලි

මනමාල හසරැළි
හෙලයි මුවඟින් සැලි සැලි
සිහින් මුදු එරවිලි
කරයි තව තව ගැස්සිලි

හිත නුහුරු මැසිවිලි
පෙළයි මා සිත සිතුවිලි
සිතින් මා වෙලි වෙලි
ඇගේ ගමනත් නිම විණි





Imege : Google එකෙනි....

32 comments:

  1. ඒකත් ඉවරයි එහෙනං.. ආයි කව්රුවත් නැංගද බලහං..

    ReplyDelete
    Replies
    1. ආයේ දවසක තමයි කවුරු හරි නැග්ගද බලන්න වෙන්නේ....:v

      Delete
  2. ඉස්කෝලේ යන කාලේ නම් බැහැලා පස්ස්සෙන් යන්න තිබබා නේ

    ReplyDelete
    Replies
    1. මොන ඉස්කෝලෙද....මේ කැම්පස් එන ගමන් බස් එකේ.....

      Delete
  3. අමිමප බස් එකකවත් ගෑනු ලමිස්සියෙක්ට යන්න නෑනෙ... :P

    ReplyDelete
    Replies
    1. මේක අහිංසක ආතල් එකක් නේ අම්මපා. බලාගෙන කවි ලියන එක.....:D

      Delete
  4. අනිත් දවසෙ නම්බරේවත් දියන් :P

    ReplyDelete
    Replies
    1. දකින දකින කෙල්ලට නම්බරේ දෙන්න බයයි බං දැන්.......

      Delete
  5. අනේ වාසනාවන්

    ReplyDelete
  6. ඒක පට්ට.

    // ලැම හසුන් දිලි දිලි
    කරයි හදවත නැවතිලි// මලේ නෑනෙ?

    ReplyDelete
    Replies
    1. අපූ නෑ...මලේ නෑ.....හෙනං දැන් මැරිලා තව මොනා හරි වෙලා....

      Delete
  7. Replies
    1. බෝම ස්තුතියි අයියේ....

      Delete
  8. හෆෝයි මූ වගේ එකෙක්. කෙල්ලෙක්ටවත් නිදහසේ බස් එහෙක යන්න නෑනෙ හැබෑට!!! :ඵ්

    කවි ටිකනම් සුපිරි....

    ReplyDelete
    Replies
    1. මගේ හිතෙන් බේරිලා යන්න බෑ කෙල්ලොන්ට ලේසියෙන්....;)
      බෝම ස්තුතියි බස්සි....

      Delete
  9. Replies
    1. අපි කෑවොත් ඇහෙන් තමයි බං.....:/

      Delete
  10. මේ ගුට් කන වැඩ සෙට් කර ගන්නේ නැතුව ඉදින් බං.. දැන් කාලේ වෙනස්..

    ReplyDelete
    Replies
    1. පාඩුවේ හොරෙන් බලලා කවිය ලිව්වේ...අනේ අහිංසක මම......

      Delete
  11. වල්කමට බලං ඉදලා ඒකි එරෙව්වා නේ..??හූ හූ

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඉතින් එහෙම තමයි....මොනා කරන්නද....

      Delete
  12. බලාගෙන කොල්ලො කොයි වෙලේක හරි
    'පොලීසිය පෙනි පෙනි
    මගේ ගමනත් නිම උනි' කියන්න වෙයි. :D

    ReplyDelete
    Replies
    1. අපොයි, බලන් හිටියමත් පොලීසි යනතරං දැන් කෙල්ලෝ දරුණුද හෑ....

      Delete
  13. කෝ මගේ කමෙන්ට් එක? දැම්මා වගේ මතකයි මට..

    ReplyDelete
    Replies
    1. හරි හරි අයියේ....ඒක වැටිලා..මං මොඩරේෂන් දාලා තියෙන්නේ. අර අමාරුවක් තියෙන එකෙක් කමෙන්ට් දානවා නේ...ඒකයි.
      එක්සෑම් නිසා කමෙන්ට් ටික පබ්ලිෂ් කරන්න වුණේ පරක්කු වෙලා...

      Delete
  14. ඔයින් ගියා මදෑ ...කොල්ල නූලෙන් බේරිලා..

    ReplyDelete
    Replies
    1. මම නෙවෙයි ඒකි නූලෙන් බේරුණේ.....:D

      Delete
  15. මං කියන්නේ ආණ්ඩුවෙන්වත් මුදල් යොදවල ඔයවගේ කෙල්ලෝ බස්වල යවන්න ඕනි... උඹලට තව තවත් කවි ලියන්න.

    කවි ලිව්වට කමක් නෑ පුතේ.. බර අවි සඟවාගෙන

    ReplyDelete
    Replies
    1. හොඳම කමෙන්ට් එක....:v
      අනේ වාසනාවන්..
      අපි ආණ්ඩුවට බලපෑම් කරමු එහෙම කරන්නෙයි කියලා....

      Delete
  16. හොදයි මලයා...ලස්සන දේ අගය කිරීම හොද ගුණාංගයක්...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...