Saturday, February 22, 2014

යෙහෙළියකගේ සිතක් කියවීමි......෴






සීත හිම යුග 

බොහෝ කල් සිට,

සිත වෙලාගෙන 

තදින් උන් බව,

දැනං උන් නුඹ 

සමනළෙකු ලෙස,

ආවේ දිවියට 

සතුට අරගෙන....






මලක් ලෙස මම

ඔබේ සිත යට,

සතුට පුරමින් 

සුවඳ සැඟවුව,

ඔබ ඉවත ගිය 

කිහිප දවසට,

වෙනත් කිසිවෙක් 

ආවේ මේ බිම....





ඇවිත් සෙනෙහේ 

වතුර ඉහලා,

මුලත් සමඟින් 

රැගෙන මා ගිය,

බවක් නුඹ හට 

කියන්නට බෑ,

ඔහුත් නුඹගේ 

සොහොයුරෙකි තව....



෴ රන්දු ෴

15 comments:

  1. Replies
    1. ඒකපාර්ශවීයව බරපතලයි.....!!!

      Delete
  2. ලස්සනයි... අපූරුවට පද ෙගත්තම් කරල තියනව....
    ඔබට ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ්.....
      ඔබටත් ජයවේවා...!!!

      Delete
  3. හ්ම්ම්... අපූරු යි හැම දා ම වගේ.

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි දිලිනි..........

      Delete
  4. හ්ම්ම්ම්.... හ්ම්ම්ම්.......... වැඩේ දරුණුයි වගේ.

    ReplyDelete
    Replies
    1. දරුණුයි දරුණුයි.....ගොඩක්ම....

      Delete
  5. Replies
    1. හ්ම්ම්..තැන්කිව්....

      Delete
  6. මොනවා කියන්නද හිතා ගත නොහැක...මමද ඒකපාර්ශවීයව ආදරය කර ඇති පදම් හිත රිදවා ගත් එකෙක්මි. ඒ අතීතය නැවතත් මා ඉදිරියේ පෙනී සිටියේය.

    ReplyDelete
  7. යෙහෙලියකගේ හිතක් කියවන එක බරපතල කේස් එකක් ඈ..

    ReplyDelete
  8. දඩුවම් ලබන්න පුළුවන් වරදක්..හි හි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...