සීත හිම යුග
බොහෝ කල් සිට,
සිත වෙලාගෙන
තදින් උන් බව,
දැනං උන් නුඹ
සමනළෙකු ලෙස,
ආවේ දිවියට
සතුට අරගෙන....
මලක් ලෙස මම
ඔබේ සිත යට,
සතුට පුරමින්
සුවඳ සැඟවුව,
ඔබ ඉවත ගිය
කිහිප දවසට,
වෙනත් කිසිවෙක්
ආවේ මේ බිම....
ඇවිත් සෙනෙහේ
වතුර ඉහලා,
මුලත් සමඟින්
රැගෙන මා ගිය,
බවක් නුඹ හට
කියන්නට බෑ,
ඔහුත් නුඹගේ
සොහොයුරෙකි තව....
෴ රන්දු ෴
බරපතලයි !
ReplyDeleteඒකපාර්ශවීයව බරපතලයි.....!!!
Deleteලස්සනයි... අපූරුවට පද ෙගත්තම් කරල තියනව....
ReplyDeleteඔබට ජය
බොහොම ස්තුතියි මහේෂ්.....
Deleteඔබටත් ජයවේවා...!!!
හ්ම්ම්... අපූරු යි හැම දා ම වගේ.
ReplyDeleteබෝම ස්තුතියි දිලිනි..........
Deleteහ්ම්ම්ම්.... හ්ම්ම්ම්.......... වැඩේ දරුණුයි වගේ.
ReplyDeleteදරුණුයි දරුණුයි.....ගොඩක්ම....
Deleteනියමයි මචෝ :)
ReplyDeleteහ්ම්ම්..තැන්කිව්....
Deleteමට නං අප්සැට්..
ReplyDeleteහෑ.....ඒ මොකෝ.....:-O
Deleteමොනවා කියන්නද හිතා ගත නොහැක...මමද ඒකපාර්ශවීයව ආදරය කර ඇති පදම් හිත රිදවා ගත් එකෙක්මි. ඒ අතීතය නැවතත් මා ඉදිරියේ පෙනී සිටියේය.
ReplyDeleteයෙහෙලියකගේ හිතක් කියවන එක බරපතල කේස් එකක් ඈ..
ReplyDeleteදඩුවම් ලබන්න පුළුවන් වරදක්..හි හි
ReplyDelete