දොරකඩ අඹ ගහ මල්වලින් පිරිලා. අඩි 7ක් විතර උස, අඹ මලින් පිරුණ අඹ ගහ දකින මට පොඩිකාලේ අඹ ගස් වලට ගල් ගහලා අඹ කඩාගෙන කාපු හැටි මතක් වෙනවා. අඩි 40ක් 50ක් විතර උස අතු අග තියෙන අඹ ගෙඩියක් කඩාගන්න කොච්චර නම් ගල් පොලු ගහන්න ඇතිද ඒ කාලේ. සොබාදහම වෙනස් කරලා. දැන් අතින් කඩන්න පුළුවන් අඹ හැදෙන ගස්. බඩ් කරපු අඹ......
හැබැයි සොබාදහමට වෙනස් කරන්න බැරි දේවලුත් ලෝකේ තියෙනවා. කෘතිමව නිපදවන්න බැරි මව්කිරි, මී පැණි වගේ දේවල් තවමත් ස්වභාවික විදියට විතරයි ලබාගන්න පුළුවන්.
මේ පූර්විකාව කියාගෙන ගියේ මී මැස්සන් ගැන විස්තර ටිකක් කියන්න හිතාගෙන. ඈත අතීතයේ පටන්ම මී මැස්සාගෙන් ප්‍රයෝජන ලබන්න මිනිසා පුරුදු වෙලා හිටියා. ලබන වැදගත්ම ප්‍රයෝජනය බෝග පරාගනය. ඊට අමතරව මී පැණි, මී ඉටි, මී මැසි විෂ තවත් වැදගත් ප්‍රයෝජන. මී මැසි විසෙන් ලෙඩ රෝග වලට ප්‍රතිකාර ක්‍රම පවා තිබෙන බව අතීතය පිරික්සීමෙන් පෙනී යනවා.
කවුද මේ මී මැස්සා. ඔබ දන්නවාද විෂ්ණු දෙවියන්ගේ කුරුමාර අවතාරය ලෙස මී මැස්සා හඳුන්වන බව?
මී මැසි වර්ග 3ක්ම ලංකාවේ සිටිනවා.
* බඹරා
* දඬුවැල් මැස්සා
* මී මැස්සා
ඊට අමතරව සුලු පැණි ප්‍රමාණයක් නිපදවන 'කණ මී මැස්සා'ද ලංකාවේ සිටිනවා.
ලොකු ගල් තලා, විශාල ගස්, උස ගොඩනැගිලි ආදිය වාසස්ථාන කරගන්නා බඹරා විශාල වශයෙන් පැණි නිපදවයි. එළිමහනේ තනි වදයක් බඳින, තැනි තැනට සංක්‍රමණය වන බඹරා දරුණුය. එහෙත් මී පැණි මෙන්ම ගුණයෙන් ස්වභාවයෙන් සම වන බඹර පැණි වල වැඩි ජල ප්‍රතිශතයක් ඇත.
දඩූවැල් මැස්සාද බඹරා මෙන් තැනින් තැනට යන අඩ අඳුරු ස්ථානවල පිහිටි පහත් අතුවල තනි වදයක් බඳින සතෙකි. ඉතා උසස් පැණි ලබාදෙන නමුත් පැණි සුලු ප්‍රමාණයක් ලැබේ.
අපට ඇති කළ හැකි මී මැස්සා මේ දෙවර්ගයටම වඩා වෙනස් ජීවන රටාවක් ඇති සතෙකි. සම්පූර්ණ අඳුරු ස්ථාන ප්‍රිය කරන, එක ස්ථානයක බොහෝ කාලයක් රැඳී සිටින, එකිනෙකට සමාන වද කිහිපයක් බඳින ගස්බෙන, හුඹස්, ගල්වැටි හෝ බෙන හෝ එවැනි ඉඅඩ පහසුකම් ඇති ස්ථාන වල තම ජනපද පිහිටුවා ගන්නා සතෙකි. මෙම ජීවන රටාව නිසාම මී මැස්සා ගෘහස්ථව ඇති කිරීමට හැකි වී ඇත.
මගේ ගෙවත්තේ ඇති මී මැසි ජනපදය අංක 1 |
මගේ ගෙවත්තේ ඇති මී මැසි ජනපදය අංක 2 |
ලංකාවේ වෙසෙන මෙම මී මැස්සා "එපිස් සෙරානා ඉන්ඩිකා" (Apis cerana indica) යන විද්‍යාත්මක නමින් හැඳින්වේ. ලංකාවේ මී මැසි ජනපදයක මැස්සන් 2500-10000ත් අතර ප්‍රමාණයක් ඇත. විශාලම ජනපදයක උපරිම වශයෙන් 20000ක් පමණ සිටිය හැකිය. නිපදවන ලබන පැණි ප්‍රමාණය කිලෝග්‍රෑම් 1.5ත් 2ත් අතර අගයක් ගනී. උපරිම වශයෙන් ක්රමාණුකූලව පාලනය කිරීමෙන් කිලෝග්‍රෑම් 6-8ත් අතර ප්‍රමාණයක් ලබාගත හැකිය.
මී මැස්සා එදිනෙදා කටයුතු වලට ඉවහල් කරගන්නේ ඔවුන් සතු තියුණු ඉවය. ජනපදයක් වශයෙන් ක්‍රියාත්මක වන්නේ විශේෂයෙන් එහි සිටින රැජිනගේ ශරීරයේ ඇති විශේෂ වූ රසායනික ද්‍රව්‍යයක් වන 'රැජිනගේ සුවඳ' යනුවෙන් හඳුන්වන පෙරමෝනයක් නිසාය.
මී මැසි ජනපදයක මැසි වර්ග 3ක් ජීවත් වේ. එනම් රැජින, වැඩකාර මැස්සියන් සහ පිරිමි මැස්සන්ය. රැජින ජනපදයේ ප්‍රධානියා වෙයි. නමුත් රැජිනගේ එකම කාර්යය බිත්තර දැමීම පමණි. දිනකට බිත්තර 500-1200ත් අතර ප්‍රමාණවලින් වර්ධක අඩවියේ බිත්තර දමයි. ප්‍රමාණයෙන් මීමැස්සාට වඩා තරමක් ලොකුය. එහෙත් පියාපත් කෙටිය. රන්වන් පාටැති උදරය දිගය. එක කුහරයකට එක බැගින් බිත්තර දමයි. ඒ සංසේචනය වූ සහ නොවූ ලෙසය. සංසේචනය වූ බිත්තර වලින් ගැහැණු සතුන්ද නොවූ ඒවායින් පිරිමි සතුන්ද බිහි වේ. ගැහැණු බිත්තරයේ කීටයාට රාජජල්ලි දින 5ක් සැපයීමෙන් අලුත් රැජිනක් බිහි කිරීමද සිදු කරයි.
ජනපදයක වැඩි වශයෙන් සිටින්නේ වැඩකාර මැස්සියන්ය. උපතේ සිට මරණය දක්වාම ජනපදයේ සියලු වැඩ කිරීම මොවුන් සතුය. ජනපදයේ උෂ්ණත්වය රැකගැනීම, රැජින බලාගැනීම හා උපස්ථාන කිරීම, පැටවුනට කැවීම, වද බැඳීම, පිරිසිදු කිරීම, ආහාර ගෙන ඒම, ආහාර ගබඩා කිරීම කළයුත්තේ වැඩකාර මැස්සියන් විසිනි. සම්පූර්ණ වගකීම , ක්‍රියාවලිය වැඩකාර මැස්සියන් සතු වන අතර ජීවිත කාලය සති 3 සිට මාස 3 දක්වා අතර කාලයකි.
ජනපදයක පිරිමි මැස්සන් ඇතිකිරීම සඳහාද ප්‍රමුඛත්වය ගන්නේ වැඩකාර මැස්සියන් විසිනි. වර්ධක කාලයේදී පමණක් පිරිමි මැස්සන්ට ජීවත් වීමට අවකාශ ඇත. අන් අවස්ථා වලදී ඔවුන් විනාශ කරනු ලබයි.
වැඩකාර මැස්සියන් විසින් මරාදමන ලද පිරිමි මැස්සන් |
පිරිමි මැස්සන්ගේ එකම කාර්යය වන්නේ රැජින සමඟ පට්ටි වැටීම පමණි. රැජින පට්ටි වැටෙන්නේ ජීවිතයේ එක් අවස්ථාවක පමණක් බවද එක් මතයකි. පිරිමි මැස්සන් සමඟ ඉහලටම පියාසර කර ඉතාම ඉහලට පියාසර කරන මැස්සා සමඟ පට්ටි වැටීම සිදුවන බවත්, එක්වරක් පට්ටි වැටීමෙන් ජීවිත කාලයටම අවුරුදු 3ක් පමණ බිත්තර දැමීම සිදුකරන බවත් තවත් මතයකි.
බිත්තර අවස්ථාව කීට අවස්ථාව කෝෂ අවස්ථාව
* රැජින දින 3 දින 5 දින 7-8
* වැඩකාර මැස්සිය දින 3 දින 5 දින 12-13
* පිරිමි මැස්සා දින 3 දින 6-7 දින 14-15
මී මැස්සාගේ වද බැඳීම ඉතා ක්රමානුකූල රටාවකට අනුව සිදු වේ. නැගෙනහිර - බටහිර දිශාභිමුඛව වද බැඳීම විස්මයජනකය.
ජනපද අංක 1 හි ලී රාමු තබා ඇති අයුරු |
ජනපද අංක 1 හි පැණි පිරුණු මී වදයක් |
අද වනවිට මී මැස්සාගේ ස්වාභාවික පැවැත්මට ඉතාවිශාල තර්ජන එල්ල වෙමින් පවතී. පරිහරණය කරන කෘෂි රසායන නිසා මී මැසි ගහනය බෙහෙවින්ම අඩුවී ඇත. මීට පිළියමක් ලෙස ගෘහාශ්‍රිතව මී මැසි ජනපද පිහිටුවා ගැනීම සිදු කළ හැකිය. එය ඔවුන්ගේ පැවැත්මට රුකුලක් මෙන්ම අපගේ ප්‍රයෝජනය උදෙසා ද යොදා ගත හැකිය.
ලිව්වේ - ගෝ.වි. ලීලාරත්න
ආශ්රිත ග්රන්ථ - මී මැසි පාලනය,කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,කෘෂිකර්ම අමාත්‍යංශය
* පසු සටහන - මෙය සිතුවිලි හන්තාන අඩවියේ පල කිරීමට මගේ පියා විසින් ලියන ලද ලිපියකි.
- රන්දු -
වැදගත් ලිපියක්. ඔය මී මැස්සො මල් පැනි හොයන්න යන පාර සන්නිවේදනය කරන්නෙ අමුතු රටාවකට පියෑඹීමෙන්ලු නේද? චුට්ටි සත්තුන්ගෙ ජීවන තොරතුරු අහන්න ආසයි.
ReplyDeleteම්ම්....ඔව්...මමත් ඒ කතාව අහලා තියෙනවා. තාත්තට ඒ කතාව කියන්න අමතක වෙන්න ඇති....
Deleteනියම විස්තරයක් රන්දු.
ReplyDeleteඅපේ ගෙදරත් ඉස්සර එකක් තිබුණ. ඒත් නිසි සැලකිල්ලක් නොදක්වපු නිසා ඒක විනාශ වෙලා ගියා.
බොහොම ස්තුතියි අයියේ.....(තාත්තා වෙනුවෙන්)
Deleteඅර මීමැසි පෙට්ටියට තියලා තියන කූඹි නවත්තන පොල්කටුවල වතුරේ ඩෙංගු මදුරුවෝ බිත්තර දාන්නේ නැද්ද? මම ඩෙංගු වලින් බැට කාලා තියන නිසා බයයි. අද මී මැසි පාලනයට පාරිසරික තර්ජන බොහොමයි නේද?
ReplyDeleteඒ පොල්කටු වලට දාලා තියෙන්නේ ලුණු මිශ්‍රිත ජලය. ඒවයේ මදුරුවෝ බිත්තර දාන්නේ නෑ....
Deleteමට මතකයි අපි පුංචි කාලෙ මී මැසි පාලනය ඉගෙන ගන්න අපේ අම්ම බණ්ඩාරවෙල ගියා. ටික කාලයක් මී මැස්සො හිටියා පසුව ඒක නැතිවුණා. හොද තොරතුරු ටිකක්
ReplyDeleteමී මැසි පාලනය ගැන නම් ඇත්තටම ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා තමයි...
Deleteවටින විස්තරයක් මචන්, අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි :)
ReplyDeleteබොහෝම ස්තුතියි මචන් කමෙන්ටුවට......
Deleteනොදන්න තොරතුරු හුඟක් දැන ගත්තා ... ස්තූතියි..
ReplyDeleteඅහා මමත් ටික කාලයක් මි මැස්සෝ ගැන පිස්සුවෙන් හිටියා.. වහින කාලෙට එම ඕකුන්ට සිනි දියකරලා තියන්න ඕනේ නේද තව පෙට්ටියට මිමස්සෝ යන කවුළුව ලාගත් පිරිසිදුව තියන්න ඕනේ එපාම කරපු වැඩේ අවුරුද්දකට පාරක් කළු වද අයින් කරන එක තමයි අනිවා කොටෝගන්න වෙනවා
ReplyDeleteදඩූවැල් මැස්සාද බඹරා මෙන් තැනින් තැනට යන අඩ අඳුරු ස්ථානවල පිහිටි පහත් අතුවල තනි වදයක් බඳින සතෙකි. ඉතා උසස් පැණි ලබාදෙන නමුත් පැණි සුලු ප්‍රමාණයක් ලැබේ.
දඩු වැල් නම් අමබානට කඩලා තියනවා මුන්ගේ පැණි නම් මට හොද නෑ අනිවා මුන් වැදේ බැදලා තියන ගහේ හරි අවට පැණි එකතුකරන ගස් වල රස පැණි වල අනිවා තියනවා එක නිසා අප්පිරියයි. ගොඩාක් වෙලාවට මි පැණි වල එම නෑ
දැන් පැණි බෝතලයක් කියක් විතර වෙනවද ? ගොඩාක් වටිනා දෙයක් ලියලා තියන්නේ නෙට් එකේ ගොඩාක් අඩුයි සිංහලෙන් මේ ගැන..... නලේ නම් සුපිරි වීඩියෝ වගයක් බැලුව මතකයි
මම නම් දඬුවැල් පැණි කාලා නෑ බං. ඒ නිසා ඒ ගැන හරියට දන්නේ නෑ...
Deleteඒ ගැන අත්දැකීම බෙදාගත්තට ස්තුතියි මචං.
පැණි බෝතලේක මිල නම් හරියට දන්නේ නෑ බං. තාත්තගෙන් අහලා කියන්නම්.....
හොද මී පැණි බොතලයක් රුපියල් 1000ක් විතර වෙනවා අඩුම .(කවලන් නැති )
Deleteඔය දඩුවැල් කියන්නෙ මී මැසි ජනපදයේ අවසාන කාලය නෙද ?
සෑහෙන වටින තොරතුරු ටිකක්,මාත් ආසයි මේවගේ දේවල් දැනගන්න :)
ReplyDeleteබමරා, දඬුවැල් මැස්සා, මී මැස්සා - එතකොට දෙබරා?
ReplyDeleteදෙබරත් අයිති මේ කුලේටම තමයි Apis කුලේ. ඒත් උගෙන් පැණි ලබාගන්න බැරි නිසා ඌ මේ ගොඩට දාන්න නැතුව ඇති.
Deleteමං අහලා තියෙනවා දෙබර පැණි ගන්නවලු ගුරුකම් වැඩ වලට....
නියම විස්තරයක් බං.. මෙවුවා ගැන ඉතින් අපි දන්න එකක් කියලයැ..
ReplyDeleteඒකනේ ඒකනේ....මේ වගේ දේවල් තව ලියන්න කියන්න ඕනි තාත්තට....
Deleteදැන් ක්‍රියේටිව් රයිටර්ස්ල දෙන්නයි නේ?
ReplyDeleteවිස්තරය නියමයි
ඔව් ඔව්...තාත්තා දිගටම ලියයි.....
Deleteපස්ට විස්තරයක් ...
ReplyDeleteලංකාවේ මි පැණි නිෂ්පාදනය ගැන ර.ව.කු පුංචිහේවා ගේ පොතක් ඇති හොයාගෙන බලන්න ...ගොඩක් විතර තියෙනවා එකේ
ම්ම්ම්....බොහොම ස්තුතියි ඒ අදහසත් මේ ලිපියටම එකතු කරාට....
Deleteඅපේ ගෙදර සිවිලිම අස්සෙ මී මැස්සො වදයක් බැදල තියෙනව.අයින් කොරගන්න ලේසිම විදියක් දන්න එකෙක් ඉන්නවනම් කිව්වොත් හොදා.මොකද ගේ ඇතුලටත් උන් එනව.
ReplyDeleteමෙහෙමයි උමේෂ් මී මැස්සො ඉන්න වදයට කටින් හොදට පිබින්න ඊට පස්සෙ අතිත් වද ටික කඩලා ගන්න .කලබල වෙන්නෙ නැතුව කෑ ගහන්නෙ නැතුව කරන්න ඊට පස්සෙ මැටි කලයක් හරි මී මැසි පෙට්ටියකට උන්ව දාන්න ,ඔය කියන එක නම් දෙකට පලපු කලයකට දාන එක ලෙසි .ඔය දුම ගහන එවා කරන්න එපා උන් මැරෙණවා ,අනික උන් ඔය කියන තරම් දරුණු නෑ ..
Deleteඉතාම හොද ලිපියක් මලයො. මම පුංචි එකා කාලෙ අපේ අල්ලපු ගෙදර ජෑස් කොල්ලටත් මේ වගේ මී මැසි ජනපදයක් තිබුනා. එකම එක වරක් දුම් එහෙම ගහලා ඒකෙන් මී වද ගන්න ගිහින් මිනිහාට මී මැස්සො බරටම ඇනලා සෑහෙන්න අමාරු උනා.
ReplyDelete