Saturday, March 22, 2014

විරහවේ සැමරුම........෴

2011 මාර්තු 22.....!!!!
අදට අවුරුදු 3ක්..!!
ඔයා මගේ ජීවිතේට ඇවිත් අදට හරියටම අවුරුදු 3යි. අද ඔයා මගෙත් එක්ක හිටිය නම් අද දවස අපි සමරන්නේ කොච්චර සතුටින්ද. ඔයා මට ගොඩක් ආදරේ කරා කියලා මම දන්නවා. මට ඒක දැණුනා.
ඒත්.....
ආදරේට එහා ගිහිපු නොගැලපීම් ගොඩක් අපි දෙන්නගේ මැද්දට ආවා. ඔයා මට කරපු වැරදි වගේම මම ඔයාට කරපු වැරදි නිසා අපි දෙන්නට වෙන් වෙන්න වුණත්,වෙන් වෙලාගිහින් අවුරුදු එකහමාරක් වෙලත්, අදටත් මට ඔයාව මතක් වෙන්නේ ඇයිද කියලා මම වත් දන්නෙ නෑ.....
මමත් ඔයාට මෙච්චරටම ආදරේ කරාද කියලා මට හිතාගන්න බෑ.....

ඔයා පිළිගත්තේ නැති ඔයාගේ ඒ එකම එක අඩුව හදාගත්තොත් ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම පෙම්වතිය වගේම හොඳම බිරිඳ . ඔයාට කවදහරි හම්බවෙන කෙනාට ඒ වගේ හොඳ කෙනෙක් වෙලා ඔයාගේ අනාගත ජීවිතේ ගොඩක් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
(කොහේ හරි ඉඳන් ඔයා මේක බලාගෙන ඇති කියලා මට හිතෙනවා)


ගොඩාක් කාලෙකට පස්සේ අපි එකිනෙකා මුණගැහිලා වෙන් වෙලා එන දවසක මම මේ ලියපු සින්දුව ඔයාටත් මතක ඇති................
(ඒ දවස් වල නමට ඉස්සරහින් වරහන් ඇතුලේ දාපු අකුරු දෙක..........ඒක වෙනස් කරන්නැතුවම දැම්මා.)






ප.ලි : බ්ලොග් එකේ පහලට බලාගෙන යනකොට තමයි මේක දැක්කේ. ගිය අවුරුද්දෙත් මාර්තු 22 මම මේ ගැන ලිපියක් ලියලා.............

11 comments:

  1. හැම අවුරුද්දෙම ලියන්න හරියට අර චිත්තරපටියේ ගැල්ලමයා පාර්ක් එකට ගියා වගේ..

    ReplyDelete
  2. හරිම හැඟුම්බරයි

    ReplyDelete
  3. ඔහොම තමා ජීවිතේ... වැදි බණ කියන්න යන්නෙ නෑ.

    ReplyDelete
  4. ආදරේ ඔහොම තමයි...

    ReplyDelete
  5. ව්රහව, කඳුල බොහෝ කවි සිත් වල උල්පතය කියන්නේ ඒකනේ බං.. ගණන් නොගෙන ඉඳින්....

    ReplyDelete
  6. ආදරයට වඩා මිනිසුන් සමරන්නෙ විරහව කියලයි හිතෙන්නෙ...හැඟුම්බර පද ටිකක්...................

    ReplyDelete
  7. මොනවා කරන්නද ?ඉතිං කොයි දෙත් වෙන්නෙ මිනිස්සුන්ට නේ

    ReplyDelete
  8. ඔය වගේ අත්දැකීම් තමයි මලයො ජීවිතේට පන්නරය එකතු කරන්නෙ...ඊලග කෙනා හමුවුනාම බොට මේ අතීතය අමතක වෙන බව මම හොදින්ම දන්නවා...

    ReplyDelete
  9. සමහර මිනිස්සු අපේ ජීවිතවලට ඇවිත් ජීවිත ගොඩක් වෙනස් කරලා යනවා..ඒ දේවල් සදහටම අපේ ජීවිත වල තවත් එකම එක මතකයක් විතරයි..

    ReplyDelete
  10. වැඩිය හිතන්ඩ යන්ඩ එපා බං.විරහව මිනිස්සුන්ව කවියෙක් කරනව අපූරුවට.

    හොද,නරක,සතුට,දුක හරි ඔය හැම දෙයක්ම ජීවිතේට අත්දැකීමක් බං.ඒක පන්නරයක් කරන් ඉස්සරහට යමං.
    මටත් ඔහොම අත්දැකීමක් තියෙන නිසා දන්නව ඕකෙ තියන ආතල් එක.. හම්මේ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...