Wednesday, July 2, 2014

චූටි ඇහි පිය යට... මනමාල කවි ඇත......෴




චූටි ඇහි පිය යට,
මනමාල කවි ඇත
ඇති නමුත් අවසර,
ගයන්නට හිත නැත...



පාට පිනි පොද කැට,
ඇත සිනිඳු තටු මත
කෝඩු පෙම් හුළඟට,
ගසාගෙන යනු ඇත...


සිතාරයෙ තත් නද,
දෙන නමුත් රස විත
අයෙක් එය වැයු සඳ ,
ඇඟිළි තුඩු වෙයි රත...


දැවටෙන්න හිතුණට,
හැඟුම් වැල් පොදි මත
සැඩයි රුදුරුයි ලොව,
රඳවගනු එය සිත...


ආල ලතැවුල් හද,
ගෙනෙයි බාධා සිත
ජය ගන්න මතු දින
තව යන්න දුර ඇත...






~ රන්දු ~
2014 මාර්තු 30

15 comments:

  1. අපූරු කවියක් රන්දු
    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ්......

      Delete
  2. apuuru kavak liyevii etha....

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි දිලිනි.......!!

      Delete
  3. හුරතල් වචන ටික. :D

    ReplyDelete
    Replies
    1. ඒකට නම් මටත් හිනා ගියා......හුරතල්....:D

      Delete
  4. Replies
    1. මේක විතරනේ තිබුණේ බං....:O

      Delete
    2. ආල වඩවන සිත
      කෝල වන තරමට
      හැඟුම් එක්තැන් කර
      රන්දු කවි පද ගොතයි හනිකට

      Delete
  5. ඔන්න ඔවුවා බලන්න යන්නේ නැතුව පාඩුවේ හිටින්..

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට බැලෙනවනෙ බං අයියේ.....:P

      Delete
  6. හුගකාලෙකින් නේද මලයො...මොනවද විස්තර..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ...දැන් ලියවෙනවා අඩුයි......කැම්පස් එකේ වැඩ වල හිර වෙලා ඉන්නේ.....

      Delete
  7. නියම කවි ටික නේ... පහුගිය දවස් වල පේන්න හිටියේ නෑනේ... කවි ලියවෙන්නේ නෑ කිව්වට මේ ලියලා තියෙන්නේ හොඳම හොඳ කවි ටිකක්!

    ReplyDelete
    Replies
    1. මේ මාර්තු මාසෙ එකක්නේ බං.....:D

      Delete

Related Posts Plugin for WordPress, Blogger...