Wednesday, July 23, 2014

...සඳ කොමළිය පමා නොවී සරසාපන් අහස් තලේ...





අවරගිරින් රක්ත වර්ණ සායම් ඇඳි ගගන තලේ...
සියොත් කැලක් ගිමන නිවන භවන සොයා පියා සැලේ...
ඉරබටු තරුවත් මතුවී තනිව අඳුරෙ දිලෙන වෙලේ...
සඳ දෙව්දුව පමා නොවී සරසාපන් අහස් තලේ...


කෑලි කපන අඳුර වැටී මහීකතම නිසල කලේ...
නීල ගගනෙ නේක වර්ණ තරු මිණි වල එළිය දිලේ...
තනිව අඳුර බිඳිනු බැරිව බලා සිටියි පහන් සිලේ...
සඳ මිතුරිය පමා නොවී සරසාපන් අහස් තලේ...


කඩුපුල් මල් සීත පින්නෙ නැහැවි හෙමින් සිනා සැලේ...
මණ්ඩුක සංගීත නදින් මීන නින්ද සලිත කලේ...
කුමුදු මලට පිපෙනු බැරිව බලා හිඳි‍යි නිහඬ ජලේ...
සඳ කොමළිය පමා නොවී සරසාපන් අහස් තලේ...


෴ රන්දු ෴

13 comments:

  1. /කුමුදු මලට පිපෙනු බැරිව බලා හිඳි‍යි නිහඬ ජලේ...
    සඳ කොමළිය පමා නොවී සරසාපන් අහස් තලේ.../

    හැබෑ නේන්නං..
    ලස්සන ලියමනක්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි....!!!!

      Delete
  2. ලස්සනයි බන්,සැන්දෑවක සුන්දර බව එහෙම්මම විදින්න පුලුවන් විදියට ලියලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බං. ඒත් මේක ලියලා තියෙන්නේ සැන්දෑවක් ගැන විතරක් නෙවෙයි.
      'සඳ' කියලා කිව්වේ කෙල්ලෙක්ට බං. මේක සෑහෙන්න වෙලාවක් අරන් ලියපු කවියක්. හැම වචනෙන්ම වෙනත් දෙයක් අදහස් කරේ මම.....
      අනේ ඒක තේරිලා නැද්ද මන්දා.....:(

      Delete
  3. අපුරුයි...
    ලස්සන කවියක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...

      Delete
  4. // සඳ කොමළිය පමා නොවී සරසාපන් අහස් තලේ... // +++++++++++

    ReplyDelete
  5. Replies
    1. දන්නවනේ ඉතින්....;)

      Delete
  6. Replies
    1. බෝම ස්තුතියි.....

      Delete
  7. ලස්සනට පද වැල් ටික ගලපලා තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි තුශානි....!!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...