Friday, October 3, 2014

අම්බපාලිගේ දාස්පෙතියා වට්ටිය.......෴





"සුවඳ මල් නෙලන්නට
නැත ගියේ අප්පච්චි
තලා පරසතු කුසුම්

ගනිනවා හිර කූරු...

අවලමේ ගිය ගෑණි
කියා උන් වස් කීවේ
ආච්චිට අපි දීලා
ගිහිපු අපෙ අම්මාට...



සිමෙන්තිය පිරි මැදලා
බැම්ම බැන්දේ නැතත්
ගොඩගහපු පස් කන්ද
තාම මට පේනවා...

මරුවාට පෙම් කළත්
ඌ සමඟ යමි සිතත්
එක කුසේ උපන් ඌ
ගැන නොහිතා පුළුවන්ද...

බැරි වුණත් ලොකු අකුරු
පූරුවේ කරුමෙකට
හැකි වුණා නෙලන්නට
දාස් පෙති සමිඳුන්ට...

අනිත්‍යය මෙනෙහි කොට
බුදු සමිඳු පුද දෙන්න
හෝ 'කැමති කරුණකට'
මගෙන් මල් අරගන්න...

දෙව් ලොවට වඩින්නට
මෙගඳ මල් වට්ටියත්
ගන්න හොඳ මිලකට
එන්න 'හැන්දෑවට'....


මීට,
මල් කෙල්ල"

10 comments:

  1. අපූරුයි රන්දූ... ඔයාගෙන් ලියැවුන හොඳම කවියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බස්සි...:)

      Delete
  2. රූපකා භාවිතයෙන් තොරව කවි ලිව්වම ඒ කවි කඨොරයි බං.. තව උත්සාහ කරහං. බොට පුළුවන් මේක මීට ලස්සනට හදන්න.


    මුල්ම කවියෙත් ගනිනවා කූර කියන එක අපි නිතරම අහන පීචං වර්ඩ් එකක්..

    ReplyDelete
    Replies
    1. ඒකට මට වෙන දෙයක් හිතුණේම නෑ.. :(
      මං උත්සාහ කරේ එයාගේ වචන වලින් එයාගේ භාෂාවෙන් මේක කියන්න. 'අවලමේ ගිය බැල්ලි' කියලා මුලින් ලියලා පස්සේ ඒක සංශෝධනය කරා මේ තියෙනව විදියට. ඒ කඨොර වැඩියි කියලා හිතුණ නිසා.
      තව ඒ වගේ දැන් පෙන්නලා දෙනවා නම් කැමතියි මම...

      Delete
    2. නිකං කරන්න බෑ. ඩොලර් ඕන. ඕ යෑස්

      Delete
    3. දේශකයා කියන දේ මට ලා.....වට තේරුනා. ඒක විග්‍රහ කරන්න මගෙ ලඟ වචන නැති එකයි අවුල. උදා: මරුවාට කියල පටන් ගන්න කවියෙ 'ඌ' වෙනුවට වෙන මොකක් හරි වචනයක්, තව මේ කවිය අරගෙන,

      //බැරි වුණත් ලොකු අකුරු
      පූරුවේ කරුමෙකට
      හැකි වුණා නෙලන්නට
      දාස් පෙති සමිඳුන්ට...// ඕකම මෙහෙම ලිව්වොත්...


      ඉස්කෝලෙ තියන ඒ
      කඩුලු නම් හරි උසයි
      බැරිවුනා පනින්නට
      නෙලමි මල්, මලසුනට...

      වරදවා හිතන්න එපා, මං කවි ලියන හැටි උගන්නන්න හදනව කියල හෙම. මං දන්න කවියක් නෑ. හිතට ආපු එක ලියල යන්න හිතුවා, ආපහු උස්සන් යනවටත් ලේසිනෙ මට. :D

      Delete
    4. බොහොම ස්තුතියි වැරදි පෙන්නලා දෙනවට....:)
      මම 'ඌ' කියලා භාවිතා කරේ මේක ආවේගයෙන් කියන කවියක් නිසයි..... ඒත් හැබැයි මට ඊට වඩා හොඳ විදියට ඒක දාන්න තිබුණා.

      //බැරි වුණත් ලොකු අකුරු// කියලා කිව්වේ හොඳ ජොබ් එකක් කරන්න තරම් ඉගෙන ගන්න බැරි වුණා කියන එක.
      ඒත් ඔය කියන විදිය ඊට වඩා ලස්සනයි වගේ තේරෙනවා...

      Delete
  3. පද ගැලපුම නම් සුපිරියි..

    අඩුපාඩු නම් මට දැනෙන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කිව්.......:)

      Delete
  4. මට නම් හොද රහයි මලයො...ඔය දේශක මාමලා පෙන්වන වැරදිත් හිතට අරගෙන තව ඉදිරියට ලියමු....ඔහොම යද්දි මීට වඩා හොද කයි ලියවේවි. බොට ජය වේවා !

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...