Thursday, December 11, 2014

මැග්ඩලීන් නුඹ............෴






නුඹට ගල් ගසන විට
ඔහු නුඹට පිදුවේ
ප්‍රේමයද අසල්වැසියාට පුදන..?
පෙම් කළේ නුඹ
දෙවියෙකුටද
නැත හද දිනූ මිනිසාටය...

ඔහු මෙන් නුඹ
දිය මතුපිට නොඇවිද්දෙහිය...
එහෙත් ඔහු හා
පතුල තෙක් කිමිදී
රස සෙවුවෙහිය...
ඔහුට දේවත්වය උරුම වනු රිසි
නුඹ රහස රැක්කෙහිය...

රාජ ද්‍රෝහියෙකු වූ ඔහු
නිවැරදි බව නුඹ දැන සිටියෙහිය...
එහෙත් දෙවියෙකු මිනිසෙකු බව කීමට
නුඹට නොහැකි වූවෙහිය...

ඒ මිනිසුන් දෙවියන්ට වඩා
හොඳ යැයි නුඹ සිතු නිසාද..?
නැතිනම්,
මලවුන්ගෙන් නැගිටුවා
'මිනිසා' සමඟ පැන යාමටද..?

෴ රන්දු ෴

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...