Saturday, April 25, 2015

කොහෙද නුඹ......෴




සොයමි මම
කොහෙද අද නුඹ කියනු මැන..
මතක ඇත දුන්න වග
කවරෙකුට දැයි මතක නැත..
එකල,
සිටියේ නුඹ
අසල මා කඳුළු සලමින..
කඳුළු කැට
මැව්වේ විසිතුරු සිහින පෙළ..
යළිදු,
අවැසියි නුඹ
තබා ගන්නට නොව මා ළඟ,
පාළු සීතල තැන්නක
උසම උස ශිඛරයක
මුදුනට රැගෙන ගොස් නුඹ
නිදහස් කරමි සුළඟට
සැහැල්ලුද නුඹ?
පාවී යනු මැන අවැසි දෙසකට
නැතිනම්….
පොළව සිප
සුණු විසුණු වෙනු මැන....
.
කොහෙද නුඹ
මගේ සිත
……..

.
.

෴ රන්දු ෴

4 comments:

  1. හිත අතරමං උනොත් ආයේ හොයා ගන්න සෑහෙන කල් යනවමයි..

    ReplyDelete
    Replies
    1. මං සෑහෙන්න ට්‍රයි එකක් දෙනවා හොයාගන්න......

      Delete

Related Posts Plugin for WordPress, Blogger...